තමිම් ඉක්බාල් විවේකයක් ඉල්ලයි

3423
Tamim Iqbal

බංග්ලාදේශ ආරම්භක පිතිකරු තමිම් ඉක්බාල් බංගලාදේශ ක්‍රිකට් ආයතනයෙන් විවේකයක් ඉල්ලා තිබෙනවා. Cricinfo වාර්තා කර තිබුණේ ඔහු අගෝස්තු මස මුලදී විවේකයක් ඉල්ලා තිබුණු බවත්, බංගලාදේශ ක්‍රිකට් ආයතනය එම ඉල්ලීම අනුමත කර ඇති බවත්ය. 

ඒ අනුව ඔහුට ඉදිරියේ දී පැවැත්වෙන ඇෆ්ගනිස්තාන ටෙස්ට් තරගාවලිය හා ඇෆ්ගනිස්ථාන විස්සයි විස්ස තරගාවලිය අහිමි වනු ඇත. ආබාධයක් නොමැතිව ඉක්බාල් බංගලාදේශ කණ්ඩායමෙන් ඉවත් වන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්. 

ශේෂාඩ්ට ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් තවත් බාල්දියක්

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ විනය රීති මාලාව උල්ලංඝනය කරමින් කටයුතු කිරීම නිසා ඇෆ්ගනිස්ථාන කඩුලු රකින ආරම්භක පිතිකරු මොහොමඩ්

පසුගිය මාසයේ පැවැත්වුණු ශ්‍රී ලංකා සංචාරයේ දී ෂකිබ් අල් හසන් හට විවේකයක් ලබා දීමට බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබුණා. 2017 වසරේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියකදීත් ෂකිබ් විවේකයක් ඉල්ලා තිබුණු අතර ඒ අනුව ඔහුගේ එම විවේකය ද අනුමත කර තිබුණා. 

තමිම් බංගලාදේශයෙන් පිටත ශාරීරික යෝග්‍යතා පුහුණු කඳවුරකට සහභාගී වීමට නියමිත අතර ඔහු නොවැම්බර් මාසයේ දී පැවැත්වෙන බංගලාදේශයේ ඉන්දියානු සංචාරය සඳහා නැවත කණ්ඩායමට එක් වීමට නියමිතයි. බංගලාදේශය ඉන්දියාවේ දී විස්සයි විස්ස තරග තුනක් හා ටෙස්ට් තරග තුනක් ක්‍රීඩා කරනු ඇත.

බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට ලිපියක් යොමු කරමින් තමිම් පවසා තිබුණේ පසුගිය මාස තුන ඔහුට ඉතා අපහසු කාලයක් වූ බවයි. අසාර්ථක ලෝක කුසලාන තරගාවලියක් ක්‍රීඩා කළ ඔහු එහි දී රැස් කළේ එක් අර්ධ ශතකයක් පමණයි. අනතුරුව ශ්‍රී ලංකා සංචාරයට නායකත්වය දැරූ ඔහුට එහි දී එක් තරගයකවත් සාර්ථක වන්නට නොහැකි වුනා. ඔහුගේ අසාර්ථක ක්‍රීඩා රටාව සමාජ මාධ්‍ය ඔස්සේ ද විවේචනයට ලක්ව තිබීම විශේෂ කරුණක්.

2019 ලෝක කුසලානය අතරතුර ඔහු 2015 තරගාවලියේ සිදු වූ දෑ පිළිබඳව මතක් කර සිටි අතර එම ලෝක කුසලනයේ දී ඔහු රැස් කර ගත්තේ ලකුණු 154ක් පමණයි. එම ප්‍රකාශයන් නිසා බංගලාදේශ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගෙන් ඔහුට දැඩි විරෝධයක් එල්ල වූ අතර ඔහු පවසා සිටියේ එම මතකයන් නිසා මෙවර ලෝක කුසලානයට පුහුණු වීමේ දී ඔහුට දැඩි අපහසුතා ඇති වූ බවයි. කෙසේ වෙතත් ඔහුගේ බිය සත්‍යයක් බවට පත් වූ අතර එකම ආකාරයට ඔහු තරග හයක දී පන්දුව කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේ අවාසනාවන්ත ලෙසයි. 

චන්දිමාල්, මැතිව්ස් ඇතුළු 15ක් පළමු ටෙස්ට් තරගයට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර මේ මස 14 වැනිදා

පෙබරවාරි මාසයේ දී බංගලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය ජය ගන්නට ලකුණු 141ක සුපිරි ඉනිමක් වාර්තා කිරීමට ඔහු සමත් වූ අතර අනතුරුව පැවති නවසීලන්ත සංචාරයේ එක්දින තරගවල දී ඔහු සාර්ථක නොවුනත් ටෙස්ට් තරගාවලියේ සුපිරි දස්කම් දක්වන්නට ඔහු සමත් විය. අනතුරුව අයර්ලන්තයේ දී පැවති තුන්කොන් තරගාවලියේ දී ඔහු ඉතා හොඳ දස්කම් දැක්වූ නමුත් ලෝක කුසලානයේ දී ඔහු අසාර්ථක වීම බංගලාදේශයට විශාල පාඩුවක් වුනා.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<