​ඉන්දියානු ක්‍රීඩකයින්ගෙන් හාස්‍යජනක අත්වැරැද්දක්

94
(Photo: AFI)

ඉන්දීය සුපිරි මීටර 400X4 කණ්ඩායම පසුගිය සිකුරාදා පැවැත්වුණු පිරිමි සහය දිවීමේ තරගයක දී සම්පූර්ණයෙන්ම අසාර්ථක වුනා. පළමු වට දෙක අමෝජ් ජේකොබ් හා නෝවා නිර්මාල් සාර්ථක ලෙස නිමා කළත්, ඊළඟට සිදු වූයේ කිසිවෙකුත් නොසිතූවක්. තුන්වැනි වටය ධාවනයේ යෙදුණු ඇලෙක්ස් ඇන්තනි පාදයේ ආබාධයකට ලක් වුනා.

ජාතික පැරා ශූරයන් කීදෙනෙක් ඔලිම්පික් යයි ද?

2019 පැරා මලල ක්‍රීඩා ශූරතාව සැප්තැම්බර් 5 සහ 6 දෙදින පුරා….

ඉන්දියාව වෙනුවෙන් ලෝක ශූරතා වරම් ලබන්නට සිටි ඇන්තනි හට නොසිතූ පීඩනයක්  එල්ල වීම මේ අසාර්ථකත්වයට හේතුව වුණු බව බොහෝ දෙනෙක් පසුව සඳහන් කළා. 

ඉන්දීය පිරිමි මීටර 400X4 කණ්ඩායමට දැන් ලෝක ශුරතාවයට පිවිසිය හැක්කේ ප්‍රාතිහාර්යයකින් පමණයි. ඔවුන් අවසන් ස්ථානයේ, එනම් 16 වැනි ස්ථානයේ රැඳී සිටින්නේ ඉතා කුඩා බලාපොරොත්තුවක් සිතේ තබා ගෙනයි. 

ඊට අමතරව මෙම සහය දිවීමේ තරගයේ දී පෙරළි රැසක් සිදු වුනා. Anas නම් ක්‍රීඩකයා සිය කණ්ඩායමේ නොවන ක්‍රීඩකයෙකුගෙන් යෂ්ටිය ලබා ගත්තේ සියලු දෙනා අන්දමන්ද කරමින්.

ඉන්දියාවේ අත්දැකීම් බහුලතම ක්‍රීඩකයෙකු වූ මොහාන් කුමාර් රාජාගෙන් ඔහු යෂ්ටිය ලබා ගත්තා. ඔහු Anasගේ කණ්ඩායමේ ක්‍රීඩකයෙකු නොවෙයි. කෙසේ වෙතත් කිසිවක් නොසිතූ ඔහු විශිෂ්ට ධාවනයක යෙදී අවසන් සීමාව ඉක්මවා ගියා.

මේ කරුණු කිහිපය නිසාම ඉන්දියානු මීටර් 400 ධාවන පථය පවතින්නේ දැඩි අර්බුදයකයි. චෙක් ජනරජයේ සිටි ඉන්දීය මීටර 400 ධාවකයින් කිලෝමීටර 6000ක දුරක් ගෙවාගෙන ලක්නව් නුවරට ආවේ සිය ආසියානු ක්‍රීඩා උළෙලේ මිනිත්තු 3:01.85ක වාර්තාව අලුත් කිරීමේ අරමුණින්. ඔවුන් දැන් සිටින ශ්‍රේණිගත කිරීම ළඟා කර ගත්තේ ද එම වාර්තාවෙන්.

නව වාර්තාවක් කෙසේ වෙතත් ඉන්දියාවේ හොඳම 400X4 කණ්ඩායමට සිදු වූයේ සිය නමට ඉදිරියෙන් DNF (අවසන් නොකරන ලදි) යැයි සටහන් කර ගැනීමටයි. 

ජාතික අන්තර්-ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතාවලියේ පිරිමි මීටර 400X4 සහය දිවීමේ ඉසව්ව සම්පූර්ණයෙන්ම විහිළුවක් බවට පත් වුනේ. ආබාධ, යෂ්ටි හුවමාරු හා අවසන් නොකරන ලද ධාවනයන් (DNF) ගෙන් එම තරගය පිරුණු නිසයි. 

තරගය ආරම්භ කළ කණ්ඩායම් අටෙන් තරග අවසන් නොකළ (DNF) කණ්ඩායම් හතරක් තිබුණා. මෙම තරගයට ශ්‍රී ලංකා හා මාලදිවයින ද එක්ව සිටියා.

මාලදිවයින රන් පදක්කම දිනා ගනිද්දී කේරළ ප්‍රාන්තය රිදී පදක්කමත්, දිල්ලි ලෝකඩ පදක්කමත් දිනා ගත්තා.

ඉන්දිය මලල ක්‍රීඩා බලධාරීන් මොරොක්කෝවේ රබාට් හි පැවැත්වෙන අප්‍රිකානු ක්‍රීඩා උළෙල පිළිබඳ සිටින්නේ දැඩි අවධානයෙන්. ඒ එම තරගාවලියේ එකදු 400X4 කණ්ඩායමක් හෝ ඉන්දියානු කාල ගණනය ඉක්මවා ගියහොත් ඉන්දියාවට ලෝක මලල ක්‍රීඩා ශූරතාවයට සුදුසුකම් ලැබීම ඉතාමත්ම අපහසු වන නිසාවෙන්. 

දකුණු ආසියාවේ ශූරයා පැරදෙයි; නිලානිට වසර 16 වාර්තාවක්

56 වැනි යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවය ඊයේ (28) නිමාවට පත්වූයේ ශ්‍රී ලංකා…..

කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායමට තවත් එක් අවස්ථාවක් තිබෙනවා. ඒ එළඹෙන සැප්තැම්බර් 5 පැවැත්වෙන ඉන්දියානු ග්‍රෑන්ඩ් පික්ස් තරගාවලියට සහය දිවීමේ ඉසව්ව ඇතුල් කර ඇති නිසයි. සහය දිවීමේ කණ්ඩායමට අවස්ථාවක් ලබා දීම සඳහාම ඉන්දීය මලල ක්‍රීඩා බලධාරීන් තරගාවලිය දිල්ලි හි සිට පටියාලා වෙත මාරු කර තිබෙනවා.

ලෝක මලල ක්‍රීඩා ශූරතාවය සඳහා සුදුසුකම් ලැබීමට අවසන් දිනය වන්නේ එළඹෙන සැප්තැම්බර් 6 වැනිදායි. ඉන්දීය 400X4 කණ්ඩායම චෙක් ජනරජයේ Jablonec හි පුහුණුවීම් වල නිරත වුනේ එහි සිටම දෝහා හි පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා උළෙලට සහභාගී වීමේ අරමුණින්. කෙසේ වෙතත් ඔවුන්ගේ එම සැලැස්ම ව්‍යර්ථ වූයේ කොලොම්බියානු කණ්ඩායම මේ මස මුලදී මිනිත්තු 3:01.14 ක කාලයක් වාර්තා කළ නිසයි.   

පෝලන්තයේ දී හා චෙක් ජනරජයේ දී ඉන්දීය රුපියල් දක්ෂ ගණනයක් වියදම් කරමින් ඔවුන් පුහුණුවීම්වල නිරත වුණු අතර සියලු මහන්සිය වතුරේ යාම වැළැක්වීමට ඉන්දීය මලල ක්‍රීඩා සංගමය තීරණය කළේ ඉන්දීය කණ්ඩායම ලක්නව් හා පටියාලා හි පැවැත්වෙන තරග සඳහා සහභාගි කරවීමටයි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<