එංගලන්තය ලෝක කුසලානය ජයග්‍රහණය කළේය. ඔවුන් තරගාවලියේ වැඩිම බලාපොරොත්තු සහිත කණ්ඩායම ලෙස තරගාවලිය ආරම්භ කළ අතර ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව ද බලාපොරොත්තු තබා ගත හැකි කණ්ඩායම් ලෙස තරගාවලියට පිවිසියේය. කෙසේ වෙතත් අවසන් තරගයේ දොරටු විවර කරගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය. 

ප්‍රසිද්ධ වෙබ් අඩවියක් වන RunRepeat.com වෙබ් අඩවිය පසුගිය දා වෙනස්ම ආකාරයේ පරීක්ෂණයක් කර තිබුණා. ඒ රටවල් වෙනුවට නගර අතර ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වුවහොත් කුමක් සිදු වේ ද යන්න විමසා බැලීමටයි. ඔවුන් ඒ සඳහා ලෝක කුසලාන සංචිත 133ක ක්‍රීඩකයන් 1850කට අධික පිරිසක් සැලකිල්ලට ගෙන තිබුණි. 

ඔවුන්ගේ අවසන් නිගමන මෙසේයි. 

  • ලෝක කුසලාන තරගාවලිවල දී හොඳම දස්කම් දැක්වීමට සිඩ්නි සමත්ව ඇත. ඔවුන් සියලු ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගෙන සිටින අතර වැඩිම ලෝක කුසලාන අවසන් තරග සඳහා ද ක්‍රීඩා කර ඇත. නමුත් ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානයේ සිටින ලාහෝරය විසින් සිඩ්නි අවසන් තරගයේ දී පරාජය කරනු ඇත. 
  • සියලු තරගාවලිවල මුල් ස්ථාන 5 සඳහා ක්‍රීඩා කරන ක්‍රීඩකයන් බොහෝ දෙනා ලාහෝරයට අයත් වන අතර දෙවන හා තුන්වන ස්ථාන හිමිව ඇත්තේ කොළඹට හා ඕක්ලන්ඩ් යන නගරවලට ය. අවසන් තරග සැලකූ විට ඒ සඳහා වැඩිම දායකත්වය ලබා දී ඇත්තේ සිඩ්නි වන අතර ඔවුන් අවසන් තරග නියෝජනයන් 18ක් දක්වා ඇත. කොළඹ (17) හා ලාහෝරය (09) එහි දෙවැනි හා තුන්වැනි ස්ථානවල සිටී. 
  • වැඩිම ලෝක කුසලාන තරග දායකත්වය දක්වා ඇත්තේ කොළඹ ය. හරාරේ හා ලාහෝරය එහි දෙවන හා තුන්වැනි ස්ථාන ලබාගෙන ඇත. 
  • හොඳම පිතිකරුවන් සිඩ්නි හි නිෂ්පාදන වන අතර දෙවැනි හා තුන්වැනි ස්ථාන ලබාගෙන ඇත්තේ ලව්න්චෙස්ටන් හා කේප් ටවුන්ය. 
  • පන්දු ‍යැවීමේ දී ක්‍රයිස්චර්ච්, සිඩ්නි හා කින්ග්ස්ටන් මුල් ස්ථාන ලබාගෙන ඇත. 
  • වැඩිම තරගයේ වීරයා අවස්ථාවන් ලබාගෙන ඇත්තේ ලාහෝරයයි. 

චන්දිමාල්, මැතිව්ස් ඇතුළු 15ක් පළමු ටෙස්ට් තරගයට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර මේ මස 14 වැනිදා ආරම්භ වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් සඳහා තරග වදිනු…

සමස්ත ශ්‍රේණිගත කිරීම්

ලෝක කුසලාන සංචිත නියෝජනය කිරීමේ අවස්ථාව ලබා ගත් ක්‍රීඩකයන් 

නගරය ක්‍රීඩකයන් තරග සංඛ්‍යාව
කොළඹ 90 467
හරාරේ 64 335
ලාහෝර් 62 328
නයිරෝබි 57 266
ඕක්ලන්ඩ් 41 231
ක්‍රයිස්චර්ච් 36 233
කරච්චි 35 170
සිඩ්නි 33 205
මුම්බායි 29 145
බුලවායෝ 23 125
වෙලිංටන් 22 108
ඩර්බ්ලින් 22 123
කේප් ටවුන් 22 142
කිංග්ස්ටන් 21 121
ජොහැන්ස්බර්ග් 21 130
ඩකා 20 80
ලන්ඩන් 19 111
පර්ත් 17 73

ලෝක කුසලාන තරග නියෝජනය කළ ක්‍රීඩකයන්

නගරය ක්‍රීඩකයන් තරග සංඛ්‍යාව
ලාහෝර් 38 222
කොළඹ 36 225
ඕක්ලන්ඩ් 32 188
ක්‍රිස්චර්ච් 28 196
සිඩ්නි 26 156
කරච්චි 26 141
වෙලිංටන් 19 101
නයිරෝබි 15 100
කේප් ටවුන් 14 90
මුම්බායි 12 79
ලන්ඩන් 12 80
ඩනේඩින් 12 74
සියාල්කොට් 11 55
පෝර්ට් එලිසබත් 11 50
බ්ලොඑම්ෆොන්ටින් 11 76

නවසීලන්තය ලෝක කුසලාන අවසන් පූර්ව වටයට අට වතාවක් පිවිසි නමුත් මෙම ශ්‍රේණිගත කිරිම්වල නවසීලන්ත නගර ඇත්තේ හතරකි. ඉන්දියාවේ හා ඕස්ට්‍රේලියාවේ නගර එක බැගින් මෙයට ඇතුලත් වීම විශේෂත්වයකි. 

හොඳම පන්දු යැවීම

තරගාවලියේ වැඩිම කඩුලු ලබාගෙන ඇති නගර ලෙස ලාහෝර් (289), කොළඹ (222) හා ක්‍රිස්චර්ච් (179) දක්වා ඇත. 

හොඳම පන්දු ‍යැවීමේ සාමාන්‍ය වාර්තා කර ඇත්තේ ඩබ්බෝ නගරය වන අතර දෙවන ස්ථානය මහනුවරට හිමිව ඇත. මෙම දක්ෂතා ග්ලෙන් මැක්ග්‍රාත්ගේ හා මුත්තයියා මුරලිදරන්ගේ දක්ෂතා මත ගොඩනැගී ඇත.

නගරය පන්දු ‍යැවීමේ සාමාන්‍ය කඩුලු
සිඩ්නි 34.5 156
ක්‍රයිස්චර්ච් 34.6 179
කිංග්ස්ටන් 39.6 106
ලාහෝර් 40.6 289
හරාරේ 49.3 96
බුලවායෝ 49.7 82
ඕක්ලන්ඩ් 50.4 129
කොළඹ 53.1 212
නයිරෝබි 54.8 143

හොඳම පිතිකරණය

ලෝක කුසලාන තරගාවලිවල දී වැඩිම ලකුණු ලබා ගැනීමට සමත්ව ඇත්තේ කොළඹ ය. ඒ ලකුණු 8136කි. දෙවන ස්ථානයේ සිටින හරාරේ ලකුණු 6129 ක් වාර්තා කර ඇත. 

නගරය ලකුණු ලකුණු සාමාන්‍යය
සිඩ්නි 5416 45.37
ලව්න්චෙස්ටන් 2657 44.8
කේප් ටවුන් 4501 44.29
දිල්ලි 3172 36.53
මුම්බායි 3938 35.51
කරච්චි 3358 35.26
ඕක්ලන්ඩ් 4620 33.29
ලන්ඩන් 2638 30.49
කොළඹ 8186 28.87
ක්‍රිස්චර්ච් 4186 28

ශේෂාඩ්ට ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් තවත් බාල්දියක්

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ විනය රීති මාලාව උල්ලංඝනය කරමින් කටයුතු කිරීම නිසා ඇෆ්ගනිස්ථාන කඩුලු රකින ආරම්භක පිතිකරු මොහොමඩ් ශේශාඩ්ගේ කොන්ත්‍රාත්තුව දින නියමයක්…

තරගයේ වීරයා 

වැඩිම තරගයේ වීරයා සම්මාන දිනා ඇත්තේ සිඩ්නි වන අතර හොඳම සාමාන්‍ය ඇත්තේ ඩබ්බෝ වලටය. 

සම්මාන සංඛ්‍යාව තරග සංඛ්‍යාව සාමාන්‍යය
ඩබ්බෝ 6 39 6.5
චන්දිගාත් 7 55 7.85
ලව්න්චෙස්ටන් 8 63 7.87
කළුතර 6 57 9.5
ජෝර්ජ්ටවුන් 7 78 11.1
මුම්බායි 12 145 12.08
ලන්ඩන් 9 111 12.3
සිඩ්නි 15 205 13.6
මෙල්බර්න් 6 89 14.8
ඩර්බන් 6 90 15

 

ජයග්‍රාහකයා

ඩබ්බෝ හා මහනුවර කණ්ඩායම්වල ප්‍රබල පන්දු ‍යවන්නන් සිටිය ද ඔවුන්ගේ පිතිකරණ අංශය එතරම් ප්‍රබල නැත. එලෙස කණ්ඩායම් කීපයක්ම එක් එක් අංශවලින් ප්‍රබලතා දැක්වූවද ඔවුන්ගේ කණ්ඩායමේ සමබර ක්‍රීඩකයන් 11 දෙනෙකු නොමැත. 

කෙසේ වෙතත් අවම ක්‍රීඩකයන් 11ක් දෙනෙක්, ප්‍රබල පන්දු ‍යවන්නන් දෙදෙනෙක් හා පිතිකරුවන් පස්දෙනෙකුගෙන් යුත් සංචිතයක් සහිත කණ්ඩායම් 22ක් තෝරාගෙන ඇත. 

  1. කොළඹ
  2. හරාරේ 
  3. ලාහෝර්
  4. නයිරෝබි 
  5. ඕක්ලන්ඩ් 
  6. ක්‍රිස්චර්ච්
  7. කරච්චි 
  8. සිඩ්නි 
  9. මුම්බායි 
  10. ඩබ්ලින්
  11. කේප් ටවුන්
  12. වෙලිංටන් 
  13. කිංග්ස්ටන් 
  14. ඩකා
  15. ජොහැන්ස්බර්ග් 
  16. පර්ත්
  17. මෙල්බර්න්
  18. පෝට් එලිසබත් 
  19. ජෝර්ජ්ටවුන්
  20. ඩර්බන්
  21. බ්ලොඑන්ෆොන්ටෙන්
  22. චෙන්නායි 

මෙම කණ්ඩායම්වල ලෝක කුසලාන දක්ෂතා සලකා බැලීමෙන් අනතුරුව කණ්ඩායම් 8ක් ලෝක කුසලාන තරගාවලියේ දෙවන වටය සඳහා සුදුසුකම් ලබාගෙන ඇත. 

ඕක්ලන්ඩ්  ක්‍රිස්චර්ච් ලාහෝර් සිඩ්නි  කොළඹ  මෙල්බර්න් ජොහැන්ස්බර්ග්  කේප් ටවුන්
මාටින් ගප්ටිල් ක්‍රෙග් මැක්මිලන් බාබර් අසාම් ඩේවිඩ් වෝනර් (කඩුලු රකින ක්‍රීඩක) මහේල ජයවර්ධන (නායක) ග්ලෙන් මැක්ස්වෙල් කුවින්ටන් ඩී කොක් (කඩුලු රකින ක්‍රීඩක) ගැරී කර්ස්ටන් (නායක)
මාටින් ක්‍රොවේ (නායක) නේතන් ඇස්ටල් ආමර් සොහේල් ඇලන් ටර්නර් රොශාන් මහානාම බ්‍රැඩ් හොජ් ඇන්ඩෲ ස්ටෝස් හර්ශල් ගිබ්ස්
කයිල් මිල්ස් ස්ටීවන් ෆ්ලෙමින් (නායක) මොහොමඩ් යූසෆ් මයිකල් ක්ලාක් රසල් ආනල්ඩ් ග්‍රැහැම් යැලොප් (කඩුලු රකින ක්‍රීඩක) ගැහැම් ස්මිත් (නායක) ජොනතන් ට්‍රොට්
ජේම්ස් නීශම් බෙන් ස්ටෝක්ස්  උමාර් අක්මාල් මාක් වෝ අරවින්ද ද සිල්වා ඩීන් ජෝන්ස් ග්‍රාන්‍ට් එලියට් ජැක් කලීස්
මාර්ක් ග්‍රේට්බැච් ක්‍රිස් හැරිස් සලීම් මලික් ස්ටීව් ස්මිත් ඇන්ජලෝ මැතිව්ස්  ජෙෆ් මෝස් මැට් ප්‍රයර් ඇන්ඩි ෆ්ලවර් (කඩුලු රකින ක්‍රීඩක)
ඇඩම් පරොරේ (කඩුලු රකින ක්‍රීඩක) ලී ජර්මන් (කඩුලු රකින ක්‍රීඩක) ඉම්‍රාන් ඛාන් (නායක) ස්ටීව් වෝ (නායක) අසංක ගුරුසිංහ (කඩුලු රකින ක්‍රීඩක) ගැරී කෝසියර් ඇන්ඩෲ හෝල් ජේ පී ඩුමිනි
ඇන්ඩ්‍රේ ඇඩම්ස් කොරේ ඇන්ඩර්සන් අබ්දුල් රසාක් ඇලන් බෝඩර් චමින්ද වාස් ශේන් වෝන් (නායක) ෆර්හාන් බෙහර්ඩීන් තෝමස් කරන්
ඩැනියල් විටෝරි ‍රිචඩ් හැඩ්ලි කමරන් අක්මාල් (කඩුලු රකින ක්‍රිඩක) පැට් කමින්ස් තිසර පෙරේරා ඇලම් හොලියෝකේ ජොහාන් බෝතා වර්නන් ෆිලන්ඩර්
ලෙස්ලි ස්කොට් මැට් හෙන්‍රි වසීම් අක්‍රම් මිචෙල් ස්ටාක් ෆර්වේස් මහරූෆ් පෝල් රයිෆල්  ඒඩ්‍රියන් කුයිපර් පෝල් ඇඩම්ස්
මාටින් ස්නෙඩන් ඩයිල් හැඩ්ලි අබ්දුල් කාඩීර් ජේසන් ගිලෙස්පි දිල්හාර ප්‍රනාන්දු  රොඩ්නි හොග් කගීසෝ රබාඩා ඕමර් හෙන්‍රි
ලෝකි ෆර්ගියුසන්  ශේන් බොන්ඩ් සක්ලායින් මුස්ටාක් නේතන් බ්‍රැකන් රුමේශ් රත්නායක  ඇලන් හර්ස්ට් මැක්ස් සොරන්සෙන් ක්‍රෙග් මැතිව්ස් 

 

පළමු අවසන් පූර්ව තරගය – ඕක්ලන්ඩ් හා සිඩ්නි

ඕක්ලන්ඩ් කණ්ඩායමට ප්‍රබල පිතිකරණ ලැයිස්තුවක් සිටින අතර එයට මාටින් ක්‍රොවේ, මාටින් ගප්ටිල්, ජිමී නීශම් වැනි පිතිකරුවන්ගෙන් සමන්විත ඔවුන්ගේ කණ්ඩායමේ ප්‍රධාන පන්දු යවන්නන් ලෙස ලෝකි ෆර්ගියුසන්, මාටින් ස්නේඩන් වැනි ප්‍රබල පන්දු ‍යවන්නන් කීපදෙනෙකුම අඩංගු වේ. නමුත් ප්‍රබල සිඩ්නි කණ්ඩායම හමුවේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඕක්ලන්ඩ්ස දක්ෂතා ප්‍රමාණවත් නොවනු ඇත. 

දෙවන අවසන් පූර්ව තරගය – ලාහෝර් හා කොළඹ 

කොළඹ කණ්ඩායම ප්‍රබල හා ස්ථාවර ක්‍රිඩකයන් රැසකගෙන් සමන්විත වේ. මහේල ජයවර්ධන, අරවින්ද ද සිල්වා, අසංක ගුරුසිංහ වැනි ලෝක කුසලාන විශේෂඥයන් රැසක් එහි අන්තර්ගත වේ. නමුත් ලාහෝර් කණ්ඩායම පරාජය කිරීමට ඔවුන්ට හැකියාව නොලැබෙනු ඇත. 

තමිම් ඉක්බාල් විවේකයක් ඉල්ලයි

බංග්ලාදේශ ආරම්භක පිතිකරු තමිම් ඉක්බාල් බංගලාදේශ ක්‍රිකට් ආයතනයෙන් විවේකයක් ඉල්ලා තිබෙනවා. Cricinfo වාර්තා කර තිබුණේ ඔහු අගෝස්තු මස මුලදී විවේකයක් ඉල්ලා තිබුණු බවත්…

අවසන් තරගය – සිඩ්නි හා ලාහෝර් 

සැබැවින්ම ප්‍රබල හා තියුණු තරගයක් මෙම කණ්ඩායම් දෙක අතර දක්නට ලැබෙනු ඇත. කණ්ඩායම් දෙකටම ලෝක කුසලාන ශූරතාවය දිනා ගත් කණ්ඩායමේ ක්‍රීඩකයන් 4ක් හෝ 5ක් අන්තර්ගත වන අතර කණ්ඩායම් දෙකේම ලෝක කුසලාන ජයග්‍රාහී නායකයන් සිව් දෙනෙකු ඇතුලත් වේ. 

සිඩ්නි කණ්ඩායමේ පිතිකරණ ලැයිස්තුව ඕනෑම පන්දු බලඇණියක් භීතියට පත්කරන සුළුය. ඩේවිඩ් වෝනර්, ස්ටීව් ස්මිත්, මයිකල් ක්ලාක්, මාක් වෝ, ඇලන් බෝඩර්ගෙන් සමන්විත පිතිකරුවන් නැවැත්වීම කිසිසේත්ම කළ හැක්කක් නොවේ. සිඩ්නි පන්දු ‍යවන්නන් ඕනෑම කණ්ඩායමකට අභියෝගයක් වනු ඇත. ඕස්ට්‍රේලියා නිත්‍ය පන්දු ‍යවන්නන් වන පැට් කමින්ස්, මිචෙල් ස්ටාක්ට අමතරව ජේසන් ගිලෙස්පි හා නේතන් බ්‍රැකන් ඔවුන්ගේ කණ්ඩායම ශක්තිමත් කරනු ඇත. 

ලාහෝර් පන්දු බලඇණිය ද සිඩ්නි කණ්ඩායමට දෙවන නොවන එකකි. වසීම් අක්‍රම් ලොව විශිෂ්ටතම වේගපන්දු ‍යවන්නෙකු ලෙස සැලකේ. ඉම්‍රාන් ඛාන්, සක්ලායින් මුස්ටාක්, අබ්දුල් කාඩීර් එම ලැයිස්තුවේ ප්‍රබල පන්දුයවන්නන් වේ. නායක ඉම්‍රාන් ඛාන් ලෝක කුසලාන තරගවල දී කැපී පෙනෙන නායකත්වයක් දැක්වූ ක්‍රීඩකයෙකි. ඔහුගේ අමතර වාසියත් සමඟින් මෙම නගරාන්තර ලෝක කුසලානයේ හිමිකරුවන් වීමට ලාහෝරයට හැකි වේවි ද? 

>> ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<