මොහොමඩ් ශේශාඩ්ට නැවතත් ඇබැද්දියක්

1247
Mohammad Shahzad

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ විනය රීති මාලාව උල්ලංඝනය කරමින් කටයුතු කිරීම නිසා ඇෆ්ගනිස්ථාන කඩුලු රකින ආරම්භක පිතිකරු මොහොමඩ් ශේශාඩ්ගේ කොන්ත්‍රාත්තුව දින නියමයක් නොමැතිව තහනම් කිරීමට ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් බලධාරීන් ඊයේ (10) පියවර ගෙන තිබෙනවා.

බංග්ලාදේශයට යන ශ්‍රී ලංකා නැගී එන සංචිතයට අලුත් මුහුණු කිහිපයක්

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා…

මොහොමඩ් ශේශාඩ් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය දැනුවත් නොකර විදෙස් රටක් සඳහා සංචාරය කිරීම මේ කොන්ත්‍රාත්තුව තහනම් කිරීම සඳහා මුල් වී තිබෙන හේතුව බව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කරන කරයි. 

මීට අමතරව, පසුගිය දා නිමා වූ 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තුල දී සිදු වුනා යැයි පැවසෙන විනය කඩකිරීමක් සම්බන්ධයෙන් ජූලි 20 සහ 25 යන දිනවල ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ විනය කමිටුව හමුවීමට ශේශාඩ්ව කැඳවා තිබූ බවත්, එහි දී ඔහු විසින් සිය නිරවද්‍යතාවය පෙන්වීමට අපොහොසත් වී ඇති බවත් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි. ඒ සම්බන්ධව ද ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් විනය කමිටුව ඉදිරි සතිය තුල රැස්වී ශේශාඩ්ට එරෙහිව තීරණයක් ගැනීමට සූදානම්ව සිටින බව ද වාර්තා වේ.

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන මොහොමඩ් ශේශාඩ් ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුව ජුනි මස 7 වැනිදා 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් කළ අතර ඔහු වෙනුවෙන් ඉක්රම් අලි ඛිල්ව ආදේශ කිරීමට තීරණය කරන ලදි. 

Video – 2011 සිට මේ දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවන්

2011 වසරේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවන් ඔවුන්ගේ රාජකාරිය තුල දැක්වූ…

ශේශාඩ්ව එලෙස තරගාවලියෙන් ඉවත් කළේ ඔහුගේ දණ හිස ආශ්‍රිතව ඇති වූ ආබාධයක් නිසාවෙනි. කෙසේ නමුත් එම සිදුවීමට දින කිහිපයකට පසුව තමන් සම්පූර්ණ ශාරීරික යෝග්‍යතාවය පවත්වා ගෙන ඉතාමත් සුවෙන් සිටින බවත්, තමන් හට කිසිදු ආබාධයක් නොමැති බවත්, ඇෆ්ගනිස්තාන ක්‍රිකට් බලධාරීන් විසින් ඔහුව කිසිදු පරීක්ෂණයක් සඳහා යොමු නොකළ බවත් මොහොමඩ් ශේශාඩ් පවසා තිබෙන බව ඇෆ්ගනිස්ථානයේ සුප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියෙක් වන මොහොමඩ් ඊබ්‍රහයිම් මොමන්ඩ් සිය නිල Twitter ගිණුමේ පළ කොට තිබුණි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<