ABගේ දකුණු අප්‍රිකානු පුනරාගමනය පුස්සක් වන ලකුණු!

148

පුරා වසර 16කට ආසන්න කාලයක් ක්‍රිකට් ක්‍රීඩාලෝලී සිත් වසඟ කරමින් දියත් කෙරෙන එම දැකුම්කළු පිතිහරඹ රටාවට අදටත් අප බොහෝ දෙනා වයස් භේදයකින් තොරව පෙම් බඳින්නේ ඔහු වැනි සෑම අංශයකින්ම අංගසම්පූර්ණ පිතිකරුවෙකු බිහිවීම සිදු වන්නේ ඉතාමත් කලාතුරකින් නිසාවෙනි.

Abraham Benjamin “AB” de Villiers නම ඇසූ සැනින් ඔබගේත් මගේත් මතකයට නැඟුණුයේ පිටිය සිසාරා, සෑම කෝණයක්ම ආවරණය පරිදි, ආයාසයකින් තොරව පන්දුව හයේ සීමාවෙන් ඔබ්බට  එල්ල කරන ඒ මනරම් පිතිකරුවාගේ අපූර්ව පිතිකරණ රටාවයි. 

පිත්තෙන් පමණක් නොව කඩුල්ල පිටුපස සිට ගනිමින් තම කණ්ඩායමට ශක්තියක් වූ De Villiers දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම ලොව කිසිදු රටකට දෙවෙනි නොවන  මට්ටමේ ප්‍රබල කණ්ඩායමක් බවට පරිවර්තනය කිරීමට ඉටු කළ සේවාව අතිමහත්ය.

තවත් වසර කිහිපයක් යන තෙක් ජාත්‍යන්තර තරග බිමේ දක්ෂතා දැක්වීමට තරම් ක්‍රීඩා කෞෂල්‍යයක් ඔහු සතුව තිබූ නමුත් මීට වසර තුනකට ඉහත දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ආයුබෝවන් කීමට ඔහු ගත් තීරණය සම්බන්ධයෙන් ක්‍රීඩාලෝලීන් බොහෝ දෙනෙකු මෙන්ම ක්‍රිකට් විචාරකයින් රැසක් තවමත් පසුවන්නේ විමතියෙනි. 

IPL, BBL වැනි ලොව ප්‍රමුඛතම විස්සයි විස්ස ලීග් තරගාවලි සඳහා තවමත් තම දායකත්වය ලබා දෙමින් ක්‍රිකට් ක්‍රීඩාවත් සමඟ සක්‍රියව සම්බන්ධ සිටින De Villieres පසුගිය කාලසමයේදී දැක්වූ දක්ෂතා සමඟින් යලි ජාත්‍යන්තර ක්‍රිකට් බිමට පා තබනු ඇතැයි බොහෝ පිරිසක් බලාපොරොත්තු දල්වාගෙන සිටි බව ද නොරහසකි.

කෙසේ නමුත් දහසකුත් ක්‍රිකට් රසික බලාපොරොත්තු සුනුවිසුනු කර දමමින් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය විසින් ඊයේ (18) දිනයේ දී විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සනාථ කර සිටියේ AB De Villers නැවත දකුණු අප්‍රිකානු වර්ණයන්ගෙන් සැරසී ක්‍රීඩා නොකරන බවත්, එම තීරණය ඔහුත් සමඟ පැවති දීර්ඝ සාකච්ඡාවන්ගෙන් අනතුරුව ගත් තීන්දුවක් බවත්ය.

තවත් ක්‍රිකට් පුවත්:

“AB De Villiers සමඟ පැවති සාකච්ඡාවන්ගෙන් පසුව ඔහු අවසන් තීරණයකට එළඹිලා තිබෙනවා ජාත්‍යන්තර ක්‍රීඩා පිටියෙන් විශ්‍රාම ගැනීමට ගත් තීන්දුවේ කිසිදු වෙනසක් සිදු නොවන බවට.”

බටහිර ඉන්දීය කොදෙව් සහ අයර්ලන්ත කණ්ඩායම්වලට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත එක්දින තරග සංචාරයන් සඳහා මූලික සංචිතය තෝරාපත් කරගැනීම මේ දිනවල සිදු වන අතර එහි දී De Villieres සමඟ ඔහුගේ අනාගත සැලසුම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එරට ක්‍රිකට් ආයතනය ප්‍රමුඛතාව ලබා දී තිබුණේ මේ පිළිබඳ නිශ්චිත තීරණයක් ගැනීමේ අවශ්‍යතාවක් පැන නැඟුණු නිසාවෙනි. 

මෙවර IPL තරග වාරයේ දී RCB කණ්ඩායම ජයග්‍රාහී මාවත වෙත රැගෙන කළ De Villiers එහි දී සුපිරි ඉනිම් කිහිපයක් දියත් කරමින් සහභාගී වූ තරග 7 තුල දී ලකුණු 207ක් රැස් කිරීමට සමත් වූයේ ලකුණු ලබාගැනීමේ වේගය 164.28 වැනි ඉහළ අගයක රඳවා ගැනීමට සමත්කම් දක්වමිනි.

De Villeres යලි දකුණු අප්‍රිකානු කණ්ඩායම නියෝජනය කරනු ඇතැයි අපේක්ෂාවෙන් සිටි බොහෝ දෙනා මෙම පුවත සැළවීමත් සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන්ගේ කනගාටුව පළකොට සිටියේ මේ අයුරිනි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<