Home Sinhala සුපිරි පන්දුවාරයේ ජය ගාල්ලට

සුපිරි පන්දුවාරයේ ජය ගාල්ලට

ලංකා ප්‍රිමියර් ලීගය 2023

749
Galle Titans vs Dambulla Aura

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ IPG ආයතනය එක්ව සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (31) Dambulla Aura සහ Galle Titans අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා.  

ලකුණු සමවීම නිසා සුපිරි පන්දුවාරයක් දක්වා ඇදී ගිය මේ තරගය ජය ගත්තේ Titans කණ්ඩායම විසිනුයි.

කාසියේ වාසිය දිනා ගත් Dambulla Aura නායක කුසල් මෙන්ඩිස් පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර ඒ අවසරයෙන් පළමුව පන්දුවට පහර දුන් Galle Titans නියමිත පන්දුවාර 20 තුල කඩුලු 5ක් දැවී ලකුණු 180ක් ලබා ගත්තා.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනු භානුක රාජපක්ෂ පන්දු 34ක් තුල 4 පහර 5ක් සහ 6 පහර 2ක් එල්ල කරමින් ලකුණු 48ක් ලබාගෙන සිටිය දී දවා ගන්නට ධනංජය ද සිල්වා සමත් වුනා. එහි දී රාජපක්ෂ සහ 19 හැවිරිදි ශෙවෝන් ඩැනියල් දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 32ක් තුල වේගවත් අර්ධ ශතක සබඳතාවයක් ගොඩනැංවූවා.

>>Photos: Dambulla Aura v Galle Titans – Lanka Premier League 2023 | Match 02

පළමු පන්දුවාර 6 තුල කඩුල්ලක් පමණක් දැවී ලකුණු 55ක් ලබා ගත් Titans ක්‍රීඩකයින් අවසන් පන්දුවාර 14 තුල ලකුණු 125ක් ලබා ගත්තේ දල වශයෙන් එක් පන්දුවාරයකට ලකුණු 8.90ක පමණ ලකුණු ලබාගැනීමේ වේගයක් රඳවා ගෙනයි.

අවසන් පන්දුවාර කිහිපය තුල Aura පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කළ නායක දසුන් ශානක පන්දු 21ක් තුල නොදැවී ලකුණු 42*ක් ලබා ගත්තේ 4 පහර 2ක් සහ 6 පහර 4ක් එල්ල කරමින්.

ශානක සහ ලහිරු සමරකෝන් එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 15ක් තුල වේගවත් ලකුණු 41*ක සබඳතාවයක් ගොඩනංවමින් Titans ඉනිමට සාර්ථක අවසානයක් ලබා දුන්නා.

පන්දු යැවීමේ දී Shahnawaz Dahani කඩුලු 2ක් දවා ගත් අතර බිනුර ප්‍රනාන්දු සහ ධනංජය ද සිල්වා එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

ලකුණු 181ක අභියෝගාත්මක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට අවතීර්ණ වුනු කුසල් මෙන්ඩිස් සහ අවිශ්ක ප්‍රනාන්දුගේ කඩුලු 2 ලකුණු 2ක් තුල දවා ගන්නට කසුන් රාජිත සහ විශ්ව ප්‍රනාන්දු යන Titans ආරම්භක දකුණත් සහ වමත් වේගපන්දු යවන්නන් දෙදෙනා සමත් වුනා.

ඉන් අනතුරුව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 48ක් තුල ලකුණු 76ක සබඳතාවයක් ගොඩනැංවීමට ධනංජය ද සිල්වා සහ කුසල් පෙරේරා සමත් වුනා. අනතුරුව එම සබඳතාවය බිඳ දැමීම වෙනුවෙන් නායක ශානක පන්දුව අතට ගත් අතර ඔහු ක්‍රියාත්මක කළ දෙවැනි පන්දුවෙන්ම ලකුණු 40ක් ලබාගෙන සිටි පෙරේරා දැවී ගියා.

අනතුරුව ලකුණු 42ක් තුල Aura කඩුලු 3ක් බිඳ දැමීමට ශානක ඇතුළු Titans පන්දු යවන්නන් සමත් වීම නිසා Aura ලකුණු ලබා ගැනීමේ රිද්මය තරමක් අඩාල වුනු නමුත් Alex Ross සහ Hayden Kerr පන්දු 22ක් තුල ලකුණු 36ක සබඳතාවයක් ගොඩනංවමින් නැවතත් ඔවුන්ව තරගය රැගෙන ආවා.

අවසානයේ දී Aura කණ්ඩායමට අවසන් පන්දුවාරයට ලකුණු 16ක් ලබා ගැනීමට නියමිතව තිබුණු නමුත් රාජිත ක්‍රියාත්මක කළ එම පන්දුවාරය තුල ඔවුන්ට ලබාගැනීමට හැකි වුනේ ලකුණු 15ක් පමණයි. ඒ අනුව තරගය ලකුණු සමවීමෙන් අවසන් වුනා.

සුපිරි පන්දුවාරය තුල Aura ලබාගත් ලකුණු 11 පන්දු 3ක් තුල ලබා ගන්නට භානුක රාජපක්ෂ ඇතුළු Titans සමත් වුනේ සිය මංගල තරගයම ජයගෙනයි.

Result


Galle Titans
180/5 (20)

Dambulla Aura
180/7 (20)

Batsmen R B 4s 6s SR
Shevon Daniel lbw b Binura Fernando 33 26 2 2 126.92
Lasith Croospulle b Shahnawaz Dahani 3 5 0 0 60.00
Bhanuka Rajapaksa c Shahnawaz Dahani b Dhananjaya de Silva 48 34 5 2 141.18
Tim Seifert run out (Avishka Fernando) 14 17 0 0 82.35
Shakib Al Hasan b Shahnawaz Dahani 23 14 1 2 164.29
Dasun Shanaka not out 42 21 2 4 200.00
Lahiru Samarakoon not out 7 4 1 0 175.00


Extras 10 (b 0 , lb 1 , nb 1, w 8, pen 0)
Total 180/5 (20 Overs, RR: 9)
Bowling O M R W Econ
Binura Fernando 4 0 32 1 8.00
Shahnawaz Dahani 4 0 37 2 9.25
Dhananjaya de Silva 4 0 38 1 9.50
Hayden Kerr 3 0 35 0 11.67
Ravindu Fernando 1 0 12 0 12.00
Praveen Jayawickrama 4 0 25 0 6.25


Batsmen R B 4s 6s SR
Avishka Fernando b Kasun Rajitha 1 4 0 0 25.00
Kusal Mendis b Vishwa Fernando  1 3 0 0 33.33
Dhananjaya de Silva b Dasun Shanaka 43 31 5 1 138.71
Kusal Janith c Kasun Rajitha b Dasun Shanaka 40 25 4 2 160.00
Sadeera Samarawickrama c Tim Seifert b Shakib Al Hasan 13 9 0 1 144.44
Alex Ross not out 39 28 3 1 139.29
Ravindu Fernando  c Tim Seifert b Dasun Shanaka 13 8 0 1 162.50
Hayden Kerr c Tabraiz Shamsi b Kasun Rajitha 20 10 2 1 200.00
Binura Fernando not out 2 2 0 0 100.00


Extras 8 (b 1 , lb 3 , nb 0, w 4, pen 0)
Total 180/7 (20 Overs, RR: 9)
Bowling O M R W Econ
Kasun Rajitha 4 0 35 2 8.75
Vishwa Fernando  2 0 20 1 10.00
Shakib Al Hasan 4 0 25 1 6.25
Lasith Croospulle 1 0 20 0 20.00
Tabraiz Shamsi 4 0 38 0 9.50
Dasun Shanaka 4 0 27 3 6.75
Seekkuge Prasanna 1 0 11 0 11.00



තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන එන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<