“මලින්ද අරුමාඳුර අනුස්මරණ කුසලාන” අවසන් තරගය හෙට

123

හොරයිසන් (Horizon) පෞද්ගලික විශ්ව විද්‍යාලයේ අනුග්‍රහය සහිතව ශ්‍රී ලංකා බේස්බෝල් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ “මලින්ද අරුමාඳුර අනුස්මරණ කුසලාන” බේස්බෝල් තරගාවලියේ අවසන් මහා තරගය හෙට (17) දියගම අන්තර්ජාතික බේස්බෝල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ජාතික බේස්බෝල් කණ්ඩායම තේරීමට සූදානම්

ශ්‍රී ලංකා බේස්බෝල් සංගමයේ මූලික අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා ජාතික බේස්බෝල් කණ්ඩායම තේරීමේ පරීක්ෂණ මෙම මස (ජනවාරි) 26 සහ 27 යන දෙදින පුරා…

මෙවර තරගාවලිය සඳහා බේස්බෝල් ක්‍රීඩා සමාජ 16ක් සහභාගී වූ අතර බේස්බෝල් ක්‍රීඩාවට ආවේණික වූ Double Elimination ආකාරයට තරගාවලිය පැවැත්විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සහ රණබිම රාජකීය බේස්බෝල් ක්‍රීඩා සමාජය අතර පැවති පළමු අවසන් පූර්ව තරගයේ දී ලකුණු 08–05ක් ලෙස ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් වෙමින් මෙවර තරගාවලියේ අවසන් මහා තරගයේ සිය ආසනය වෙන්කර ගැනීමට රණබිම රාජකීය බේස්බෝල් ක්‍රීඩා සමාජයට හැකි විය.

ඩී. එස්. නයිට්ස් ක්‍රීඩා සමාජය සහ නාලන්දා විද්‍යාල ආදි ශිෂ්‍ය කණ්ඩායම අතර පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් ජය ගන්නා කණ්ඩායම, ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සමඟ තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ලෙස අද (16) තරග වැදීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ බේස්බෝල් ක්‍රීඩාවට ජපානයෙන් සහාය

ජපානයේ ප්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාලයක බේස්බෝල් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ සහාය මත ශ්‍රී ලංකාව තුළ බේස්බෝල් ක්‍රීඩාව ප්‍රචලිත කිරීම සහ දියුණු කිරීමේ අරමුණින්…

එම දෙවන අවසන් පූර්ව තරගයෙන් ජයග්‍රහණය කරනා කණ්ඩායම හෙට දිනයේ දී රණබිම රාජකීය බේස්බෝල් ක්‍රීඩා සමාජය සමඟ අවසන් මහා තරගයේ දී තරග වදිනු ඇත.

මෙම තරගාවලියේ පළමු ස්ථාන 6 හිමිකර ගැනීමට සමත් වන කණ්ඩායම් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත “ශ්‍රී ලංකා බේස්බෝල් ශූරතාවය” සඳහා සුදුසුකම් ලබනු ඇත. පසුගිය වසරේ දී ශ්‍රී ලංකා බේස්බෝල් ලීගයේ පළමු ස්ථාන 4 හිමිකරගත් කණ්ඩායම් මෙවර “මලින්ද අරුමාඳුර අනුස්මරණ කුසලාන” බේස්බෝල් තරගාවලියට ක්‍රීඩා නොකරන අතර ඔවුන් නිතරගයෙන්  “ශ්‍රී ලංකා බේස්බෝල් ශූරතාවය” සඳහා සුදුසුකම් ලබා ඇත. ශ්‍රී ලංකා බේස්බෝල් ශූරතාවයේ පළමු ස්ථාන 8 හිමිකර ගැනීමට සමත් වන කණ්ඩායම් “ශ්‍රී ලංකා බේස්බෝල් ලීගය” සඳහා සුදුසුකම් ලබනු ඇත.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<