“Galaxy” කුසලානයේ ශූරයින්ට රු. මිලියනයක්!

187

“BAOSHENG LANKA INVESTMENT HOLDING PVT LIMITED” ආයතනයේ අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් ප්‍රථම වරට සංවිධානය කරන “Galaxy” කුසලාන වොලිබෝල් තරගාවලිය මාර්තු 16 වැනිදා සිට පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

මේ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් අද (23) ජාතික ඔලිම්පික් කමිටු මූලස්ථානයේ ප්‍රධාන ශාලාවේ දී පැවැත්විය.

මෙම තරගාවලිය සඳහා “BAOSHENG LANKA INVESTMENT HOLDING PVT LIMITED” ආයතනයේ පෞද්ගලික අනුග්‍රහය හිමිව ඇති අතර ජාතික කණ්ඩායමට ඇතුළත් වීමට බලා සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට සිය දස්කම් පෙන්වමින් ජාතික සහ ජාත්‍යන්තර පිටියේ ඉදිරියට යාමේ අවස්ථාව හිමි කර දීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.

>>Galaxy Cup Volleyball Championship 2021 – Press conference

එමෙන්ම මෙම තරගාවලිය වයස අවුරුදු 25න් පහළ (1997.01.01 පසු උපන් අය) තරගාවලියක් ලෙස පැවැත්වෙන අතර තරගාවලිය සඳහා පිරිමි කාණ්ඩයේ කණ්ඩායම් 8ක් සහ කාන්තා කාණ්ඩයේ කණ්ඩායම් 10ක් සහභාගී කරගනිමින් ලීග් තරගාවලියක් ලෙස පැවැත්වීමට නියමිතව ඇත.

තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනා ගන්නා කණ්ඩායමට රුපියල් මිලියනයක මුදල් ත්‍යාගයක් ලබා දීමට නියමිතව ඇති අතර දෙවන සහ තෙවැනි ස්ථාන ලබා ගන්නා කණ්ඩායම් හට පිළිවෙළින් ලක්ෂ පහක් සහ ලක්ෂ දෙකක් ලෙස මුදල් ත්‍යාග ලබා දීමට සංවිධායකයින් තීරණය කර ඇත.

තවත් කියවන්න; 

එමෙන්ම තරගාවලිය තුළ විශේෂ දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට කුසලාන සහ සහතික පත් ලබා දීමට ද එහි සංවිධායකයින් තීරණය කර ඇත.

තරගාවලියේ මූලික වටයේ තරග මාර්තු මස 16 සිට 22 දක්වා ගාල්ල දඩැල්ල වොලිබෝල් හවුස් හීදී පැවැත්වීමට නියමිතව ඇති අතර අර්ධ අවසන් වටයේ තරග මාර්තු මස 26 සහ 27 යන දෙදින තුළ දී මහරගම ජාතික තරුණසේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව ඇත.

එමෙන්ම තරගාවලියේ අවසන් වටයේ තරග අප්‍රේල් මස 10 වැනිදා මහරගම ජාතික තරුණසේවා සභාවේ ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

තරගාවලිය සඳහා සහභාගි වන කණ්ඩායම්,

පිරිමි කාණ්ඩය

  1. ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය 
  2. ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය 
  3. ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 
  4. ජාතික තරුණ සේවා සභා ක්‍රීඩා සමාජය 
  5. නාත්තන්ඩිය යුනයිටඩ් ක්‍රීඩා සමාජය 
  6. ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩල ක්‍රීඩා සමාජය 
  7. ජෝසප් වාස් ක්‍රීඩා සමාජය 
  8. කළුතර ගෝල්ඩන් ටයිගර්ස් ක්‍රීඩා සමාජය 

කාන්තා කාණ්ඩය 

  1. ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය 
  2. ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය 
  3. ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 
  4. ජාතික තරුණ සේවා සභා ක්‍රීඩා සමාජය 
  5. හයිඩ්‍රාමනී ක්‍රීඩා සමාජය 
  6. මහඋස්වැව ක්‍රීඩා සමාජය 
  7. MAS Casualline ක්‍රීඩා සමාජය 
  8. Golden Birds ක්‍රීඩා සමාජය
  9. හුංගම වියජබා ක්‍රීඩා සමාජය 
  10. අම්පාර සුපර් කිංග්ස් ක්‍රීඩා සමාජය 

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<