කිංග්ස්වුඩ් උත්සාහක දිනුම් සංදර්ශනයෙන් මලියදේවය විඩාවට පත්වේ

636

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ A කාණ්ඩයේ තවත් තරගයක් අද (30) මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණේ ප්‍රබල කිංග්ස්වුඩ් විද්‍යාලය හා කෝඩුකාර මලියදේව විද්‍යාලය අතරයි. මලියදේව බලාපොරොත්තු සුනුවිසුනු කරමින් ලකුණු 62-09ක් ලෙස තරගය ජය ගැනීමට මිලාන් වීරසිංහගේ නායකත්වයෙන් තරග වැදුණු කිංග්ස්වුඩ් ක්‍රීඩකයෝ සමත් විය.

රග්’B’ කාණ්ඩයේ උඩට එන්න ඕන මෙන්න මෙහෙමයි

“වෙහෙසකර සති 4කට පස්සේ B කාණ්ඩයෙන් Plate Championship එකට (පලඟ ශූරතාවයට) තරග…

මොහොමඩ් ශසාන් උත්සාහක දිනුම් තුනක් වාර්තා කරමින් හා හිරුෂ සම්පත් හා ආසිරි සෙනෙවිරත්න සුපිරි දස්කම් දැක්වීමට සමත් වූයේ කිංග්ස්වුඩ් විද්‍යාලය සිය පසුපෙළින් උපරිම ප්‍රයෝජන ගනිද්දීය.

කිංග්ස්වුඩ් ක්‍රීඩක හිරුෂ සම්පත්ගේ පා පහරින් තරගය ආරම්භ වූ අතර තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට පස්වැනි මිනිත්තුවේ දී සමත් වූයේ කිංග්ස්වුඩ් විද්‍යාලයයි. Line out අවස්ථාවකින් දිනා ගත් පන්දුව සිය ඉදිරිපෙළ සමඟින් ධවල රේඛාවෙන් එපිටට රැගෙන ගිය නායක මිලාන් වීරසිංහ තරගයේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට සමත් විය. හිරුෂ සම්පත් අමතර ලකුණු එකතු කිරීමට සමත් විය. (කිංග්ස්වුඩ් 07-00 මලියදේව)

මලියදේව ක්‍රීඩකයින් උත්සාහක දිනුම්වලට නොයා ලද සෑම අවස්ථාවකින්ම ලකුණු එකතු කිරීමේ උපක්‍රමයක් දියත් කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස අටවන මිනිත්තුවේ දී උත්සාහක දිනුම් රේඛාව පේන මානයේ ලැබුණු දඬුවම් පහරකින් ගුණවීර ලකුණු රැස් කළේ මලියදේවය වෙනුවෙන් ලකුණු රැස් කරමිනි. (කිංග්ස්වුඩ් 07-03 මලියදේව)

අනතුරුව එම්. ශෂාන්ගේ උත්සාහක දිනුම් සංදර්ශනය ආරම්භ වුණු අතර ආසිරි සෙනෙවිරත්නගේ අලංකාර ධාවනයක් ශෂාන් ලකුණු බවට පරිවර්තනය කළේ 10 වැනි මිනිත්තුවේ දීයි. හිරුෂ සම්පත් අමතර ලකුණු එකතු කිරීමට සමත් විය. (කිංග්ස්වුඩ් 14-03 මලියදේව)

වසර 5කට පසු රාජකීය බළකොටුවට බම්බලපිටියෙන් ප්‍රහාරයක්

වසර 5කට පසු කොළඹ රාජකීය විද්‍යාලය සමග පැවැත්වෙන වාර්ෂික රග්බි තරගය ජය ගනිමින් බී. සී…

කිංග්ස්වුඩ් විද්‍යාලය පෙර පුහුණු වූ උපක්‍රම එලෙසින්ම අලංකාර ලෙස භාවිතා කළ අතර හිරුෂ, ආසිරි තුමුල ඇතුළු ක්‍රීඩකයින් ප්‍රතිවාදීන්ට දරුණු පීඩනයක් එල්ල කිරීමට සමත් විය. 18 වැනි මිනිත්තුවේ දී ඩී. ෆරීඩ් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගියේ හිරුෂගේ අලංකාර පන්දු පිටියෙන් ඉවතට යොමු කිරීමක් සිය ඉදිරිපෙළ විසින් සාර්ථක ලෙස Line out අවස්ථාවකින් දිනා ගැනීමෙන් අනතුරුවයි. හිරුෂ අමතර ලකුණු එකතු කිරීමට සමත් වූයේ නැත. (කිංග්ස්වුඩ් 19-03 මලියදේව)

25 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ නොම්මර අට ක්‍රීඩක එස්. ඒ විජේසිංහ අලංකාර ධාවනයක් සමඟින් ප්‍රතිවාදීන් බිඳ දැමූ අතර ඔහුගෙන් පන්දුව ලබා ගත් ඒ. වී. අතුකෝරළ ලකුණු රැස් කළේ ඉතා පහසුවෙන්. හිරුෂ සම්පත් අමතර ලකුණු එකතු කළේ නැත. (කිංග්ස්වුඩ් 24-03 මලියදේව)

පළමු අර්ධය අවසන් කිරීමට මොහොතකට පෙර නායක මිලාන් වීරසිංහ පිටිය කොනෙන් නැවත වරක් සිය ඉදිරිපෙළ සමඟින් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගිය අතර හිරුෂ එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගත්තේ නැත. (කිංග්ස්වුඩ් 29-03 මලියදේව)

පළමු අර්ධය: කිංග්ස්වුඩ් විද්‍යාලය 29 (5T, 2C) – 03 (1P) මලියදේව විද්‍යාලය

දෙවන අර්ධයේ තවත් උත්සාහක දිනුම් පහක් සිය ලකුණු සටහනට එකතු කරන්නට කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් සමත් වූ අතර රැස්ව සිටි කිංග්ස්වුඩ් ප්‍රේක්ෂකයින් සුවපහසුව වාඩි වී කිංග්ස්වුඩ් පසුපෙළ සත් සාමාජික තරගයක් වැනි අර්ධයක් ක්‍රීඩා කරනු බලා සිටියේ ප්‍රීති ඝෝෂා කරමිනි.

දෙවන අර්ධය ආරම්භ වී තත්පර ගණනින් හිරුෂ සම්පත් අලංකාර පාද චලනයකින් මලියදේව ආරක්ෂක පෙළ පසු කළ අතර එම්. ශෂාන් සිය දෙවන උත්සාහක දිනුමත් සම්පූර්ණ කළේ ඉන්පසුවයි. හිරුෂ අමතර ලකුණු එකතු කළේ ඔහුගේම නිර්මාණයට උපරිම සාධාරණයක් කරමිනි. (කිංග්ස්වුඩ් 36-03 මලියදේව)  

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

38 වැනි මිනිත්තුවේ දී මලියදේව ක්‍රීඩක ගුණවීර හට දඬුවම් පහරක් මග හැරුණු අතර 42 වැනි මිනිත්තුවේ දී මලියදේව ඉදිරිපෙළට අගනා අවස්ථාවක් මග හැරුණේ ධවල රේඛාව ආසන්නයේ දී ම පන්දුව බිම අතහැරීම නිසයි.

ඉන් මොහොතකට පසු තුමුල වැලිගම්පොල අගනා පාද චලනයකින් මලියදෙවන් ක්‍රීඩකයින් නොමග යැවූ අතර මොහොමඩ් ශෂාන් සිය උත්සාහක දිනුම් ත්‍රිත්වය සම්පූර්ණ කර ගත්තේ නිසි වේලාවට සිය සගයාගෙන් පන්දුව ලබා ගනිමිනි. හිරුෂ අලංකාර ලෙස අමතර ලකුණු එකතු කරන්නට සමත් විය. (කිංග්ස්වුඩ් 43-03 මලියදේව)

49 වැනි මිනිත්තුවේ දී හිරුෂ දඬුවම් පහරක් භාවිතා කරමින් දක්ෂ පා පහරකින් පන්දුව පිටියෙන් ඉවතට යොමු කළේ සිය ඉදිරිපෙළ උත්සාහක දිනුම් රේඛාව අසලටම රැගෙන යමිනි. හිරුෂගේ මහන්සියට උපරිම සාධාරණය ඉටු කරමින් නොම්මර අට ක්‍රීඩක මලියදේව ආරක්ෂක වළලු බිඳිමින් ලකුණු රැස් කළ අතර  කෙසේ වෙතත් එහි ප්‍රවර්තනය සාර්ථක වූයේ නැත. (කිංග්ස්වුඩ් 48-03 මලියදේව)

53 වැනි මිනිත්තුවේ දී ලද දඬුවම් පහරක් ගුණවීර සාර්ථක කර ගත්තේ විඩාවට පත්ව සිටි මලියදේව ක්‍රීඩකයින්ට යම් අස්වැසිල්ලක් වෙමිනි. (කිංග්ස්වුඩ් 48-06 මලියදේව)

ඩී. එස්. ක්‍රීඩකයන් පල්ලෙකැලේ දී සුමංගලයින්ගේ බල බිඳියි

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ මහනුවර ශ්‍රි සුමංගල විද්‍යාලය සහ ප්‍රතිවාදී කොළඹ ඩී…

එම අස්වැසිල්ල මොහොතකින් නිවා දැමූ හිරුෂ සම්පත් 55 වැනි මිනිත්තුවේ දී සිය කණ්ඩායමට 55 වැනි ලකුණු එකතු කළේ පිටියේ කොනෙන් පන්දුව රැගෙන දක්ෂ උත්සාහක දිනුමක් වාර්තා කරමිනි. ඔහු ප්‍රතිවාදී ආරක්ෂක ක්‍රීඩකයින් තිදෙනෙක් සම්පූර්ණයෙන් නොමග යැවූ අතර එහි ප්‍රවර්තනය ද අලංකාර ලෙස ගෝල කණු අතරින් යොමු කරන්නට ඔහු සමත් විය. (කිංග්ස්වුඩ් 55-06 මලියදේව)  

61 වැනි මිනිත්තුවේ දී ගුණවීර සිය කණ්ඩායමට තවත් ලකුණු තුනක් දිනා දුන් නමුත් එහි උණුසුම් යාමට මත්තෙන් ආසිරි සෙනෙවිරත්න අලංකාර උත්සාහක දිනුමක් වාර්තා කළේ කේ. වී. සුලක්ෂණගේ පන්දු යොමු කිරීමක් ආරක්ෂිතව ග්‍රහණය කර ගනිමිනි. (කිංග්ස්වුඩ් 62 -09 මලියදේව)  

තරගය අවසන් කරමින් ගුණවීර 67 වැනි මිනිත්තුවේ දී දඬුවම් පහරක් මගින් ලකුණු රැස්කළේ වාර්තා වූ මලියදේව ලකුණු සියල්ලම තමන්ගේ නමට ලියා ගනිමිනි.

ThePapare.com තරගයේ වීරයා – හිරුෂ සම්පත් (කිංග්ස්වුඩ්)

අවසන් ලකුණු තත්වය: කිංග්ස්වුඩ් විද්‍යාලය 62 (10T, 6C) – 12 (4P) මලියදේව විද්‍යාලය

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

  • මලියදේව විද්‍යාලය – ගුණවීර (4P)
  • කිංග්ස්වුඩ් විද්‍යාලය – මිලාන් වීරසිංහ (2T), හිරුෂ සම්පත් (1T, 6C), ආසිරි සෙනෙවිරත්න (1T), මොහොමඩ් ශෂාන් (3T), එම්. ඩී. ෆරීඩ් (1T), ඒ. වී. අතුකෝරළ (1T), ඒ. විජේසිංහ (1T)

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<