ඉන්දීය යෞවනයින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ නැවත වරක් කඩේ යවයි

670

සංචාරක ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන දෙවැනි සිව්දින ක්‍රිකට් තරගයේ පළමු දිනය (24) නිමාවෙද්දී ඉන්දීය යොවුන් ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 428ක් ලබා සිටියහ.

ශ්‍රී ලංකා එක්දින සංචිතයට අලුත් මුහුණක්

ලබන 29 වැනිදා දඹුල්ලේ දී ආරම්භ වන තරග පහකින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ……

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් දිනයේ ශතක දෙකක් වාර්තා වූ අතර ආරම්භක පිතිකරු අත්‍රව් ටයිඩ් සහ පවන් ශා එම ශතක දෙකේ හිමිකරුවන් වූහ. ඔවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් වූ ලකුණු සබඳතාව 263කි.

දෙරට අතර පැවති පළමු සිව්දින ක්‍රිකට් තරගයේ දී ද ආරම්භක පිතිකරු ටයිඩ් ශතකයක් වාර්තා කරමින් ඉන්දීය පිතිකරුවෝ තරගයට අවතීර්ණ කළ අයුරින්ම මෙම තරගයේ දී ද ඒ දේ ම සිදු කළ අයුරකි දකින්නට ලැබෙන්නේ. එම තරගයේ දී ඉන්දීය යොවුන් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලකුණු 589ක් රැස් කළහ. ඒ අයුරින්ම මෙම තරගයේ දී ද ඔවුන් දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගීමට පළමු දිනයේ ම අඩිතාලම දැමුණි.

කාසියේ වාසිය දිනූ ඉන්දීය යොවුන් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට තෝරා ගනිමින් නායක අනුජ්රාවට් සමඟින් පිටියට පිවිසියේ අත්‍රව් ටයිඩ් ය. ඔවුන් දෙදෙනා අතර ලකුණු 40ක සබඳතාවක් එක් වෙද්දී රාවට් ලකුණු 11කට දවා ගැනීමට කල්හාර සේනාරත්න සමත් විය.

අනතුරුව පිටියට පිවිසියේ පවන් ශා ය. ටයිඩ් සහ ශා එතැන් සිට ඉන්දීය ඉනිම ගොඩ නැගූ අතර දිවා විවේකය සඳහා තරගය නතර කරන විට ඔවුන් දෙදෙනා නොදැවී රැඳී සිටිමින් කණ්ඩායමට එක් කළ ලකුණු සංඛ්‍යාව 148කි.

දිවා විවේකයෙන් පසුව ද ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සහ පන්දු රකින්නන්ට කිසිදු විවේකයක් ලබා නොදුන් මොවුන් දෙදෙනා ලකුණු පුවරුව 303ක් දක්වා රැගෙන ආහ. සවස තේ පානය සඳහා තරගය නතර කෙරෙන පන්දුවාරයේ සිව්වැනි පන්දුවේ දී ඔවුන්ගේ කඩුලු සබඳතාව බිඳ දැමීමට යාපනය මධ්‍ය මහා විද්‍යාලයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වූ විජයකාන්ත් විශ්වකාන්ත් සමත් විය. කඩුල්ල පිටුපස සිටි නිශාන් මධුශ්ක ලබා ගත් උඩ පන්දුව හේතුවෙන් ආරම්භක දකුණත් පිතිකරු ටයිඩ්ගේ ඉනිම නිමා වෙද්දී ඔහු ලකුණු 177ක් ලබා සිටියේ ය. පන්දු 172කින් සමන්විත වූ ඔහුගේ ඉනිමේ හතරේ පහර 20ක් සහ හයේ පහර 3ක් ඇතුලත් වුණි.

ඉන්දීය ඉනිමේ තෙවැනි සහ සිව්වැනි කඩුලු දුවන්නට යෑමේ වරදට හසුකර ගනිමින් දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. දේව්දූත් පඩික්කල් (06) සහ ආර්යන් ජුවාල් එසේ දැවී ගිය ක්‍රීඩකයෝ වූහ.

ආර්යන් පන්දු 61ක දී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 41ක් ලබා ගැනීමට සමත් විය. ඔහු ශා සමඟ එක් වෙමින් සිව්වැනි කඩුල්ලට එක් කළ ලකුණු සබඳතාව 76කි.

දිමුත් තවත් ඉදිරියට එද්දී ශ්‍රී ලංකාව එංගලන්තය සම කරයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද (24) නිකුත් කළ නවතම ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ 7 වැනි ස්ථානය දිනා ගැනීමට…….

තරගය පළමු දිනයට නිමා වෙද්දී අංක 3 දකුණත් පිතිකරු ශා පන්දු 227කට මුහුණ දෙමින් හතරේ පහර 19ක් සමඟින් ලකුණු 177ක් ලබා නොදැවී පිටියේ රැඳී සිටී. ඔහුත් සමඟින් අනෙක් අන්තයේ රැඳී සිටින්නේ නීල් වේඩර් (05) ය.

කඩුලු ලබා ගැනීමේ දී කල්හාර සේනාරත්න ලකුණු 128කට කඩුල්ලක් ද විජයකාන්ත විශ්වකාන්ත ලකුණු 80කට කඩුල්ලක් ද දවා ගත්හ.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද තරගයට සහභාගී වූයේ ප්‍රථම සිව්දින ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදු කරමිනි. ඒ දුනිත් වෙල්ලාලගේ සහ ශසික දුල්ෂාන් වෙනුවට සොනාල් දිනූෂ සහ විජයකාන්ත් විශ්වකාන්ත් කණ්ඩායමට එක් කර ගනිමිනි.

සංචාරක ක්‍රීඩකයෝ කණ්ඩායමේ වෙනස්කම් තුනක් සිදු කර තිබුණි. ඒ හර්ෂ් ත්‍යාගි, දෙව්දූත් පඩික්කල් සහ යශ් රතෝඩ් වෙනුවෙට ආර්යන් ජුවාල්, සිද්ධාර්ත් දේසායි සහ යටින් මන්ගවානි කණ්ඩායමට ඇතුලත් කරමිනි.

හෙට (25) තරගයේ දෙවැනි දිනයයි.

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 4ක් දැවී 428 (90.0) අත්‍රව් ටයිඩ් 177, පවන් ශා නොදැවී 177, ආර්යන් ජුවාල් 41, විජයකාන්ත් විශ්වකාන්ත් 1/80

මෙම තරගය සේ ම තරගාවලියේ සියලුම තරග ඩයලොග් TV නාලිකා අංක 1 ඔස්සේ හා ThePapare.com වෙබ් අඩවිය හරහා සජීවීව විකාශනය කරනු ඇත. සියලුම තොරතුරු දැනගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<