මෙරට ප්‍රධාන ලේකම්ට ආසියානු වොලිබෝල් සංගමයේ අසුනක්

146
Asian Volleyball federation

ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ ප්‍රධාන ලේකම් ඒ. එස්. නාලක පෙරේරා මහතා ආසියානු වොලිබෝල් සංගමයේ වෙළඳ සහ සංවර්ධන කමිටු සාමාජිකයෙකු ලෙස පත් කර ඇත.

ඒ අනුව නාලක මහතා 2021 වසරේ සිට වසර හතරක කාලයක් සඳහා සිය ධූර කාලය හොබවනු ඇති අතර රටවල් 65ක් සාමාජිකත්වය දරන ආසියානු වොලිබෝල් සංගමයේ කමිටු සාමාජිකත්වය ලබා ගැනීමට හැකි වීම ශ්‍රී ලංකා වොලිබෝල් සංගමය ලැබූ ජයග්‍රහණයක් ලෙස ද සැලකිය හැක.

තවත් කියවන්න

සාමාජිකයන් හත් දෙනෙකුගෙන් යුත් එම කමිටුවේ සභාපති ධූරය ඉන්දුනීසියානු ජාතික Heyzer Harsono හට හිමිව ඇති අතර ප්‍රධාන ලේකම් ධූරය සඳහා කොරියානු ජාතික Seong Keehak පත් කිරීමට තීරණය කර ඇත.

ඉදිරි වසර 4 සඳහා පත් කළ වෙළඳ සහ සංවර්ධන කමිටුව,

  1. Mr. Heyzer Harsono – Indonesia – Chairman
  2. Mr. Seong Keehak – Korea – Secretary
  3. Mr. A.S Nalaka – Sri Lanka – Member
  4. Mr. Hugh Graham – Cook Island – Member
  5. Mr. Huang Kuo Kuang – Chinese Taipei – Member
  6. Ms. Song Yue – China – Member
  7. Mr. Sabeeth Hantoosh Miabbas – Iraq – Member

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්නවොලිබෝල් පිටුවට <<