Home Sinhala ශානකගේ අර්ධ ශතකය අභිබවා Buttlerගේ ප්‍රහාරය සැර වෙයි

ශානකගේ අර්ධ ශතකය අභිබවා Buttlerගේ ප්‍රහාරය සැර වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2021

169

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග සංචාරයේ පළමු විස්සයි විස්ස තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (24) අලුයම නිමාව දුටුවේ එංගලන්තය කඩුලු 8ක පහසු ජයක් වාර්තා කරමින්. තරගය පැවැත්වුණේ Cardiff හි Sophia Gardens ක්‍රීඩාංගණයේ දීයි.

ශ්‍රී ලංකා විස්සයි විස්ස නායකයා ලෙස සිය මංගල තරගයේ දී ම කාසියේ වාසිය දිනා ගැනීමට කුසල් පෙරේරා සමත් වුනු අතර ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි. එංගලන්ත නායකයා ද කාසියේ වාසියේ උරඟා බැලීමේ දී පවසා සිටියේ ඔවුන් කාසියේ වාසිය ජය ගත්තා නම් පළමුව පන්දු යැවීමට සිටි බවයි.

ඒ අනුව දෙපිලට අවශ්‍ය ලෙස කාසියේ වාසියේ ගැටලුව විසඳුණු නමුත් මේ තරගයේ දී ද ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ලකුණු ලබා ගැනීම එතරම් හොඳ මට්ටමක තිබුණේ නැහැ. කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ ජාමය තරමකට හෝ බේරා දුන් හිටපු විස්සයි විස්ස නායක දසුන් ශානක පන්දු 44ක් සඳහා මුහුණ දෙමින් සිය දෙවැනි ජාත්‍යන්තර විස්සයි විස්ස අර්ධ ශතකය ලබා ගත්තේ සිය ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ දෙවැනි හොඳම ඉනිම දියත් කරමිනි. සෙමින් ආරම්භ වී දැඩි ප්‍රහාරයක් දියත් කළ ශානකගේ ඉනිම සඳහා 4 පහර 3ක් සහ 6 පහර 2ක් ඇතුළත් වුනා.

ඊට අමතරව නායකත්වයේ ඉනිමක් දියත් කරමින් ඉනිමේ මුල් පෙළ බිඳ වැටීම සඳහා තාවකාලික පැලැස්තරයක් දැමූ කුසල් පෙරේරා පන්දු 26ක් තුල 4 පහරක් සහ එක් 6 පහරක් එල්ල කරමින් ලකුණු 30ක් ලබා ගත්තා. 

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 7ක් දැවී ශ්‍රී ලංකාවට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 129ක් පමණි. 

සමස්තයක් ලෙස ශ්‍රී ලංකා ඉනිම සලකා බැලීමේ දී පුහුණු තරගවල දී දුටු පිතිකරණ රිද්මයට හාත්පසින්ම වෙනස් පිතිකරණ විලාසයක් මෙහි දී දැක ගන්නට ලැබුණා. ශ්‍රී ලංකා පිතිකරුවන් එකඳු ලකුණක් හෝ ලබාගෙන නොමැති පන්දු 45ක් සටහන්ව තිබීම එතරම් සුබදායී නොවන අතර කඩුලු අතර දිවීම තුල ද යම් පසුබෑමක් තිබුණු බවක් පෙනුණා.

පන්දු යැවීමේ දී එංගලන්තය වෙනුවෙන් දඟපන්දු යවන ක්‍රීඩක Adil Rashid සහ තුන් ඉරියව් දස්කම් දක්වන Sam Curran අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.

තවත් ක්‍රිකට් පුවත්:

පිළිතුරු ඉනිම දියත් කළ එංගලන්තය පන්දුවාර 17කුත් එක් පන්දුවක් පමණක් අවසානයේ කඩුලු දෙකක් පමණක් දැවී නියමිත ඉලක්කය ඉතාමත් පහසුවෙන් හඹා ගියා. එහි දී සිය විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ 13 වැනි අර්ධ ශතකය ලබා ගත් Jos Buttler 4 පහර 8ක් සහ එක් 6 පහරක් එල්ල කරමින් පන්දු 55ක් තුල නොදැවී ක්‍රීඩා කරමින් වේගවත් ලකුණු 68*ක් ලබා ගත්තා.

Buttler – Jason Roy සමඟින් එක්ව පළමු කඩුල්ල සඳහා පන්දු 55ක් තුල වේගවත් ලකුණු 80ක් ලබා ගනිමින් ලකුණු 130 ඉලක්කය හඹා යාම සඳහා අවශ්‍ය වුනු මූලික අඩිතාලම සකස් කර දුන්නා. Jonny Bairstow නොදැවී ලකුණු 13*යි.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සහ ඉසුරු උදාන අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගිය අතර වනිඳු හසරංග සිය නියමිත පන්දුවාර 4 ලකුණු 12ක් තුල නිමා කරමින් දස්කම් දැක්වීමට සමත් වුනා. කෙසේ නමුත් එකඳු කඩුල්ලක් හෝ වනිඳුට ලබා නොදෙන්නට එංගලන්ත පිතිකරුවන් වගබලා ගත්තා.

  • තරගයේ වීරයා – Jos Buttler (එංගලන්තය)

A PHP Error was encountered

Severity: Warning

Message: Invalid argument supplied for foreach()

Filename: controllers/Embed.php

Line Number: 86

Backtrace:

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/controllers/Embed.php
Line: 86
Function: _error_handler

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/index.php
Line: 315
Function: require_once


A PHP Error was encountered

Severity: Warning

Message: Invalid argument supplied for foreach()

Filename: embed/match_result.php

Line Number: 115

Backtrace:

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/views/embed/match_result.php
Line: 115
Function: _error_handler

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/controllers/Embed.php
Line: 92
Function: view

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/index.php
Line: 315
Function: require_once



දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ 1-0ක් ලෙස දැනට එංගලන්තය ඉදිරියෙන් සිටින අතර තරගාවලියේ දෙවැනි තරගය අද (25) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 11ට මේ ක්‍රීඩාංගණයේ දී ම ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා – එංගලන්ත තරග සංචාරයේ සියලු තොරතුරු, ලකුණු සටහන්, විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<