LPL පළමු අදියරේ නැරඹුම් ප්‍රමාණය මිලියන 500ක් ඉක්මවයි!

132

2020 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය ලොව පුරා මිලියන 557ක ප්‍රේක්ෂක පිරිසක් විසින් නරඹා ඇති බව තරගාවලියේ නිෂ්පාදන කටයුතු භාරව කටයුතු කළ IPG ආයතනය පවසා සිටිනවා. 

LPL තරගාවලියේ පළමු අදියර වූ 2020 තරගාවලිය Sky Sports, Sony Sports Network, Geo, PTV සහ Willow TV යන රූපවාහිනි නාලිකා ඔස්සේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, බ්‍රිතාන්‍ය, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, අයර්ලන්තය සහ නවසීලන්තය යන රටවල් වෙත සජීවීව විකාශය කර තිබෙනවා. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

ඒ අනුව, තරගාවලිය රූපවාහිනිය ඔස්සේ පමණක් මිලියන 155ක ප්‍රමාණයක් නරඹා තිබෙන අතර සමාජ මාධ්‍ය ඔස්සේ තරගාවලිය නරඹා ඇති ප්‍රේක්ෂක පිරිස මිලියන 218ක් බව ද IPG ආයතනය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. මුද්‍රිත හා ඔන්ලයින් මාධ්‍ය (online media) හරහා තරගාවලිය සමඟ එක්වූ රසික පිරිස මිලියන 184ක් වන බව ද එහි සඳහන්. 

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර මෙම වසරේ ජූලි 29 වැනිදා සිට අගෝස්තු 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ක්‍රීඩක ලියාපදිංචිය පසුගිය සඳුදා (21) ආරම්භ කෙරුණා. 

2021 LPL තරගාවලියේ සියලු තොරතුරු, ලකුණු සටහන්, විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<