හිටපු ඉන්දීය නායකයාට අනතුරක්

127

හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ නායකයෙකු වන Mohammed Azharuddin රිය අනතුරකට ලක්ව තිබෙනවා.වර්තමානයේ ඉන්දීය කොංග්‍රස් පක්ෂය නියෝජනය කරන Mohammed Azharuddin මෙලෙස අනතුරකට ලක්ව ඇත්තේ ඊයේ (30) උදෑසනයි. ඒ රාජස්ථාන් නගරය ආසන්නයේ දී.

මෙම අනතුර සම්බන්ධයෙන් ඔහුගේ පෞද්ගලික ලේකම් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබූ අතර එහි දැක්වූයේ මෙම අනතුරින් Mohammed Azharuddin හට සුළු තුවාල පමණක්  සිදුව ඇති බවයි. මේ බව පුවත්පත් ආයතනයක් වන ANI විසින් ද වාර්තා කර තිබුණා.

ඉන්දීය මාධ්‍ය සිදුවීම වාර්තා කරමින් පවසා සිටියේ රාජස්ථාන් නගරය ආසන්නයේ ඇති Lalsot Kota අධිවේගී මාර්ගයේ දී මෙම අනතුර සිදු වී ඇති බවයි. අනතුරින් Mohammed Azharuddin ගමන්ගත් ජීප් රථයට දැඩි හානි සිදුවී ඇති නමුත් Azharuddinගේ තුවාල එතරම් බරපතළ නොවන බවත් මාධ්‍ය වාර්තා කර තිබුණා.

අනතුර සිදුවීමෙන් පසුව Mohammed Azharuddin සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් වෙනත් රථයකින් Ranthambor හි හෝටලයක් වෙත ගොස් තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ කැපීපෙනෙන නායකයෙකු වන Mohammed Azharuddin ජාතික කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 99කට සහ එක්දින තරග 334කට ක්‍රීඩා කර තිබෙනවා.

තවත් ක්‍රිකට් පුවත්:

සචින් තෙන්දුල්කාර් ලොව වැඩිම එක්දින ලකුණු ලාභියා වීමට පෙර එම වාර්තාව Mohammed Azharuddin සතු වුනා.

Mohammed Azharuddin 1992 වසරේ සිට 1999 වසර දක්වා ඉන්දීය කණ්ඩායමේ නායකත්වය දැරූ අතර එම කාලය තුල පැවැත්වූ ලෝක කුසලාන තරගාවලි තුනක දී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමට සමත් වුනා. ඒ 1992, 1996 සහ 1999 වසරවල දී ය. 1996 වසරේ දී ඔහුගේ නායකත්වය යටතේ ඉන්දීය කණ්ඩායම ලෝක කුසලාන අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට සමත් වුනා.

කෙසේ වෙතත් Mohammed Azharuddin හට 2000 වසරේ දී මුදලට තරග පාවාදීමේ චෝදනාවක් එල්ල වූ අතර එයට වැරදිකරු වීම හේතුවෙන් ජීවිතාන්තය දක්වා ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කළා. නමුත් 2012 වසරේ දී ඔහුගේ තහනම ඉවත් කිරීමට අධිකරණය විසින් කටයුතු කළා.

2009 වසරේ දී පැවති ඉන්දීය මහ මැතිවරණය ජයග්‍රහණය කරමින් ඉන්දීය පාර්ලිමේන්තුවට පිවිසෙන ඔහු මේ දක්වා ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වෙනවා. මේ වන විට ඔහු Telangana Pradesh කොංග්‍රස් කමිටුවේ වැඩබලන සභාපති ලෙස කටයුතු කරයි.

Hindustan Times ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<