එළඹෙන අප්‍රේල් මාසයේ දී බංගලියෝ ශ්‍රී ලංකාවට

168

එළඹෙන 2021 අප්‍රේල් මාසයේ දී බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වීමට බලාපොරොත්තු වන බව බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩල ප්‍රධානි Nizamuddin Chowdhury පවසා සිටියා. 

2020 වසරේ දී පවත්වන්නට නියමිතව තිබුණු එහෙත් නොපැවැත්වුණු තරග සංචාරය නැවත පැවැත්වීමට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නැවත සාකච්ඡා ආරම්භ කර ඇතැයි වාර්තා වෙනවා.

2020 ජූලි මාසයේ දී බංග්ලාදේශ කණ්ඩායම ටෙස්ට් තරග තුනක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතව තිබුණා. කෙසේ වෙතත් COVID-19 වසංගත තත්වය නිසා එම තරගාවලිය පවත්වන්නට හැකියාවක් ලැබුණේ නැහැ. පසුව එම තරගාවලිය ඔක්තෝබර් 24 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කළත්, ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය යෝජනා කළ දින 14ක නිරෝධායනයට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය අකමැත්ත පල කළ නිසා තරගාවලිය අතහැර දැමුණා.

තවත් ක්‍රිකට් පුවත්:

“ICC ටෙස්ට් ශූරතාවලියට අදාළ වන සේ අප්‍රේල් මාසයේ දී ටෙස්ට් තරග දෙකක් ක්‍රීඩා කරන්නට අපි උත්සහ කරනවා” Chowdhury, Cricbuzz වෙබ් අඩවිය වෙත පසුගිය සඳුදා (28) පවසා තිබුණා. “ඔබ තේරුම් ගන්න ඕනේ නිරෝධායනය පිළිබඳව ගැටලුවක් තිබෙනවා සහ මේ වගේ තරගාවලියක් සැලසුම් කරන්නට කල් ගත වෙනවා. ඉඩක් තිබුනොත් අපි සීමිත පන්දුවාර තරග කිහිපයක් ඇතුළත් කරන්නටත් උත්සහ කරනවා” Chowdhury. 

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව එළඹෙන ජනවාරි මාසයේ දී එක්දින තරග තුනක් හා ටෙස්ට් තරග දෙකක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

Cricbuzz ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<