මෙසීට ඉදිරියෙන් රොනාල්ඩෝ ජනප්‍රියම තරුව වෙයි

1328

ඉන්ස්ටග්‍රෑම් තුළින් වැඩිම ආදායමක් ලබන තරුව ලෙස පිට පිට තෙවැනි වරටත් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ නම් වනවා.

පසුගිය ජුලි මාසයේ දී ලොව වැඩිම ආදායමක් ලබන ක්‍රීඩකයා වූ රොනාල්ඩෝ සෞදි අරාබියේ අල් නසර් කණ්ඩායම හා එක්වීමෙන් පසුව ඉන්ස්ටග්‍රෑම්හි ධනවත්ම තරුව බවට ද පත්ව තිබෙනවා. Hopper HQ නම් ඉන්ස්ටග්‍රෑම් හා අනුබද්ධ ආයතනය මේ බව පවසනවා. රොනාල්ඩෝගේ වත්මන් සමාජ මාධ්‍ය අනුගාමිකයන් ප්‍රමාණය මිලියන 600කට අධිකයි.

රොනාල්ඩෝගේ එක් ඉන්ස්ටග්‍රෑම් පළකිරීමකට ඇමරිකානු ඩොලර් මිලියන 3.23ක මුදලක් හිමිවන බව වාර්තා වනවා. ඔහුට ආසන්නයේම සිටින මීළඟ තරුව වන ලියොනල් මෙසීගේ පළකිරීමකට ඇමරිකානු ඩොලර් මිලියන 2.6ක් ලැබෙන බවයි සඳහන් වන්නේ. ඒ අනුව වත්මන් පාපන්දු ලොවේ ප්‍රබලම සලකුණු දෙක ජනප්‍රියම ලැයිස්තුවේ මුල් ස්ථාන දෙකේ පසුවනවා.

ඔවුන්ට පිටුපසින් සෙලීනා ගෝමස්, කයිලි ජෙනර් සහ ඩ්වේන් “ද රොක්” ජොන්සන් පසුවනවා.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<