ආදිත්‍ය සහ කෙනුල දක්ෂ පන්දුකරණයක

208

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ සිංගර් කුසලාන පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටයේ අද (8) පැවති තරගවල දී පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වීමට දනුෂ්ක ආදිත්‍ය සහ සිතුම් කෙනුල සමත් වූහ.  

දනුෂ්ක ආදිත්‍ය මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය නියෝජනය කරන අතර සිතුම් කෙනුල කොළඹ මහානාම විද්‍යාලය නියෝජනය කරයි. 

මීට අමතරව කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ලසන් ගුණරත්න සහ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ හර්ෂ කාවින්ද ද කඩුලු 4 බැගින් ලබා ගනිමින් දක්ෂතා දැක්වූහ. 

පවන් සංදේශ් තුන් ඉරියව්වෙන්ම වැඩ පෙන්වයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ සිංගර් කුසලාන පළමු කොටසේ ක්‍රිකට්….

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය (Group W)

මිගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයේ දී පැවති මෙම තරගයේ දී ලකුණු 45ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඩී. එස්. සේනානායක විද්‍යාලය සමත් විය. 

කාසියේ වාසිය දිනා ගත් මාරිස් ස්ටෙල්ලා නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඩී. එස්. සේනානායක විද්‍යාලයීය ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 128ක් පමණි. අඩු ලකුණු ප්‍රමාණයකට සීමා වූ එම ඉනිම වෙනුවෙන් අර්ධ ශතකයක් වාර්තා කිරීමට තෙනුර සිල්වා සමත් විය. 

කඩුලු ලබා ගැනීමේ දී දකුණතින් වේගපන්දු යැවූ දනුෂ්ක ආදිත්‍ය ලකුණු 39කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක්විය. 

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයීය ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 83ක් පමණි. එම ඉනිම අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කිරීමේ දී ලසන් ගුණරත්න ලකුණු 25කට කඩුලු 4ක් දවා ගත්තේය. 

ඩී. එස්. සේනානායක විද්‍යාලය; සියලුම දෙනා දැවී 128 (46.2) තෙනුර සිල්වා 53, දනුෂ්ක ආදිත්‍ය 5/39, ශොන්ත ප්‍රනාන්දු 2/14, පුලස්ති සිංහපුර 2/15

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය; සියලුම දෙනා දැවී 83 (31.1) අයිවන් කල්හාර 13, ලසන් ගුණරත්න 4/25, අමිත් දාබරේ 2/11, මනීන්ද්‍ර ජයතිලක 2/19

මීළඟ ටෙස්ට් පරපුරට ස්ටෙයින් ලබා දුන් පණිවිඩය

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පහල වූ බිහිසුණුම වේගපන්දු යවන්නෙකු ලෙස සැලකිය හැකි ඩේල් ස්ටෙයින්, ටෙස්ට් පිටියට සමුදෙන බව…

කොළඹ මහානාම විද්‍යාලය සහ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය (Group V)

කොළඹ බ්ලූම්ෆීල්ඩ් පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගැනීමට මහානාම විද්‍යාලය සමත් විය. 

කාසියේ වාසිය දිනූ මහානාම විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත ජෝසප් වාස් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 101ක් ලබා ගත් අතර එම ඉනිම කවිඳු මධුරංග අර්ධ ශතකයක් ලබා ගත්තේය. පන්දු යැවීමේ දී සෙතුම් කෙනුල සහ හර්ෂ කාවින්ද කඩුලු 4 බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මහානාම ක්‍රීඩකයෝ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 102ක් ලබා ගත්තේ ක්‍රියාත්මක වූ 18 වැනි පන්දුවාරයේ දී ය. 

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය; සියලුම දෙනා දැවී 101 (31.4) කවිඳු මධුරංග නොදැවී 57, සෙතුම් කෙනුල 4/13, හර්ෂ කාවින්ද 4/21

මහානාම විද්‍යාලය; කඩුලු 4ක් දැවී 102 (17.4) සංතිල රෝහණ 36, විනුක රුබසිංහ 20

අශාන් ප්‍රියන්ජන්ට නායකත්වයක්

මේ මස 14 වැනිදා ආරම්භ වීමට නියමිත නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට පෙර පැවැත්වෙන තෙදින පුහුණු…

කොළඹ රාජකීය විද්‍යාලය සහ කැළණිය ගුරුකුල විද්‍යාලය (Group T)

කොළඹ රාජකීය විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගැනීමට රාජකීය විද්‍යාලය සමත් විය. 

කාසියේ වාසිය දිනා ගත් රාජකීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගුරුකුල ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 89ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් රාජකීය විද්‍යාලය කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 90ක් ලබා ගත්තේය. 

ගුරුකුල විද්‍යාලය; සියලුම දෙනා දැවී 89 (32.2) සිතිජ චමෝද් 40, ප්‍රශාන් කල්හාර 3/25, සොනාල් අමරසේකර 2/13, තරුෂ රුක්ෂාන් 2/15

රාජකීය විද්‍යාලය; කඩුලු 3ක් දැවී 90 (15.4) ඉසිවර දිසානායක 24

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<