උපනායකයින් දෙනෙකු සමඟ ශ්‍රී ලංකාව දකුණු කොරියාවට

259

2023 AFC Asia Cup සහ 2022 FIFA World Cup සඳහා වන ආසියානු සුදුසුකම් ලබා ගැනීමේ තරග දෙකක් සඳහා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම (Golden Army) මැයි 31 වැනිදා දකුණු කොරියාව බලා පිටත්ව යෑමට නියමිතයි.  

තරග සංචාරයේ පළමු තරගය ලෙස ලෙබනන කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගය ජුනි 05 වැනිදා පෙ.ව. 11:30ට ආරම්භ වීමට නියමිත අතර දෙවැනි තරගය Korea Republic කණ්ඩායම සමඟ ජුනි 09 වැනිදා සවස 4:30 පැවැත්වීමට නියමිතයි. තරග දෙකම පැවැත්වෙන්නේ Goyang ක්‍රීඩාංගණයේ දීයි.

තරග සංචාරය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් 22ක් සහ නිලධාරීන් 11 දෙනෙකු දකුණු කොරියාව බලා පිටත්ව යෑමට නියමිතයි. 

සංචිතයේ නායකත්වය සුජාන් පෙරේරා විසින් දරණ අතර කවිඳු ඉෂාන් සහ වසීම් රාසික් උපනායකයින් ලෙස කටයුතු කිරීමට නියමිතයි.

සහභාගී වන සංචිතය:

Position Name of Player Club Age
1 GK W.S.T.D. Sujan Perera (Captain) Up Country Lions FC 28
2 GK H.M.Prabath Ruwan Arunasiri Blue Eagles SC 27
3 GK R.P. Danushka New Youngs FC 28
4 FB K.N. Harsha Fernando Blue Eagles SC 28
5 FB A.A.S. Roshan Appuhamy Defenders FC 27
6 FB U.H.D. Chamod Dilshan Colombo FC 24
7 CD B.M. Charitha Bandara Rathnanayake Colombo FC 28
8 CD Y. Duckson Puslas New Youngs FC 31
9 CD R.A. Chathuranga Madushan Up Country Lions FC 27
10 HMF Marvin Hamilton – Omole 32
11 HMF M. Chalana Chameera Colombo FC 28
12 CMF S. Jude Supan Renown SC 22
13 CMF M.M. Mohamed Musthaq Up Country Lions FC 22
14 CMF M.N. Mohamad Fazal Blue Star SC 31
15 WF L.H. Kavindu Ishan (Vice Captain) Up Country Lions FC 28
16 WF Dillon Senan De Silva Queens Park Rangers FC UK 19
17 WF Ahmed Waseem Razeek (Vice Captain) Up Country Lions FC 26
18 WF M.F. Mohamed Aakib Colombo FC 20
19 CF M.A. Asikur Rahuman Defenders FC 27
20 CF M.A.Mohamed Hasmeer Sea Hawks FC 23
21 WF S. Supun Dananjaya Red Star SC 23
22 CF M.J. Rifkhan Mohamed Defenders FC 21

සහභාගී වන නිලධාරීන්:

1 Amir Alagic Head Coach
2 Asif Ansar Manager
3 Amir Doksanaltic Asst Coach & GK Coach
4 Dr.M.R.F. Jayasuriya Team Doctor
5 T.M.I.T. Maduwantha Bandara Media Officer
6 M. Eesaa Radhee Ibrahim Technical Officer
7 G.R. Ashan Chathuranga Gamlath Fitness Coach
8 Y.V.A. Sanka Jayamina Vidanaarachci Performance Analyist
9 Muhiseen Abdul Barsith Physiotheropist
10 Pritheeka Jeevana Caldera Masseur
11 A. Roshan Pradeep Kitman

පසුගිය දා අන්තර්ජාලය හරහා පැවති මාධ්‍ය හමුවකට සහභාගී වූ ජාතික සංචිතයේ ප්‍රධාන පුහුණුකරු වන Amir Alagic මහතා සංචිතය පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ, කණ්ඩායම ඉතාමත් උනන්දුවෙන් සහ කැප වීමෙන් පුහුණුවීම් කටයුතුවල නිරත වන බවයි. 

කෙසේ නමුත් මේ වන විට රටේ උද්ගතව ඇති තත්වය කණ්ඩායමේ පුහුණුවීම් කටයුතුවලට ද බලපෑම් එල්ල කර ඇති බව පැවසූ ඔහු, පසුගිය කාලයේ දී ජාත්‍යන්තර නොපැවැත්වීම හරහා කණ්ඩායමට අවැසි නිසි පුහුණු නොලැබී යෑම පිළිබඳව ද ඔහු සිය කනගාටුව ප්‍රකාශ කර සිටියා. 

තව ද කණ්ඩායමට පසුගිය කාලවකවානුවේ දී මුහුණ දීමට සිදු වූ ගැටලු පිළිබඳව ද අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ, “ක්‍රීඩකයින් 5 දෙනෙකු සති දෙකක කාලයක් පුරාවට නිරෝධායනයේ පසු වුනා, ඔවුන් නැවත කණ්ඩායම සමඟ සම්බන්ධ වුනේ මීට දවසක් 2, 3කට කලින්. ඒ වගේමයි ඊයේ (17) ක්‍රීඩකයින් තිදෙනෙක් එන්නත් ලබා ගත්තා, ඔවුන්ට නැවත කණ්ඩායමට එකතු වීමට පෙර විවේකීව ඉන්න කාලය ලබා දෙන්න ඕන.”

නමුත් මට මේ වන විට තියෙන ලොකුම ගැටලුව ක්‍රීඩකයින්ගේ යෝග්‍යතා මට්ටම (Fitness Level). Super League වැනි තරගාවලියක් පැවැත්වීම සතුටට කරුණක් වුනත් ජාතික මට්ටමේ ක්‍රීඩකයින් අත්විඳින්න ඕන තරගකාරී මට්ටම එයින් ක්‍රීඩකයින්ට ලැබෙන්නේ නැහැ. අනිත් රටවල ක්‍රීඩකයින් මීට වඩා Fitness වලින් ඉදිරියෙන් ඉන්නවා. ඒ වගේමයි අපිට තරග දෙකක් ක්‍රීඩා කරන්න තියෙනවා දවස් 4ක් ඇතුළත. කණ්ඩායමේ කිසිම ක්‍රීඩකයෙක් මිනිත්තු 90ක් සෙල්ලම් කරන්න පුළුවන් මට්ටමක නැහැ තාම. නමුත් මම හිතනවා අපිට ඉන්න  දෙස් විදෙස් අත්දැකීම් බහුල ක්‍රීඩකයින් හරහා නියමිත මට්ටමට ඇවිල්ලා දක්ෂතා දක්වන්න පුළුවන් වෙයි කියලා.”

කණ්ඩායමේ නායකයා වන සුජාන් පෙරේරා අදහස් දක්වමින් පවසා සිටියේ, “6 වැනිදා තමයි අපි පටන් ගත්තේ Training ca‍mp එක. නමුත් කණ්ඩායමක් විදිහට අපිට තාම හරියට පුහුණුවීම් කරන්න බැරි වුනා. සම්පූර්ණ කණ්ඩායමක් විදිහට එකතු වෙලා ප්‍රැක්ටිස් කරන්න තව දවස් දෙක තුනක් යයි. අපි පුහුණු තරග කිහිපයක් සෙල්ලම් කළා. ඒවගේ අපි නියමිත මට්ටමට දක්ෂතා දැක්වුවා. නමුත් අපිට තවත් develop වෙන්න තියෙනවා. කණ්ඩායමක් විදිහට හොඳින් සූදානම් වෙලා තරග දෙකට මුහුණ දෙන්න සූදානමින් ඉන්නවා.”

මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් සුජාන් පැවසුවේ, අනිත් රටල්වල මෙන් තනි තනි ක්‍රීඩකයින් (Star Players) වශයෙන් නොව කණ්ඩායමක් වශයෙන් ප්‍රතිවාදීන්ට තරගයක් දීමට ඔවුන් කටයුතු කරන බවයි. 

“අපිට 70%ක් අනිවාර්යෙන්ම Defense කරන්න වෙනවා. අපි හැමෝම ඒ ගැන දැනුවත්. අපිට ඉලක්ක ගොඩක් දීලා තියෙනවා. අපි හැමෝම උදේ හවස ගොඩක් මහන්සි වෙනවා අපේ ඉලක්කවලට යන්න. හැමෝම ලොකු Commitment එකකින් ඉන්නවා, ලොකු කැප කිරීම් ගොඩක් කරන ගමන්. පහුගිය කණ්ඩායම්වලට වඩා අපිට දැක්මක් තියෙනවා. ඒක නිසා අපිට ගොඩක් පහසුයි. 

ඇත්තටම මැච් දෙකම ගොඩක් අමාරුයි අපිට. මට කියන්න බැහැ අපි ගිහිල්ලා අනිවාර්යෙන් දිනලා එනවා කියලා. නමුත් අපේ මුල්ම ඉලක්කය වෙන්න ඕන 1 point එකක් ගන්න. අඩුම තරමින් ගෝල් එකක් හරි Score කරන්න. ඒ තමයි අපිට ගන්න පුළුවන් ලොකුම achievement එක දැන්. අපි තිබ්බ ජාත්‍යන්තර තරග 5න් එකකවත් ගෝල් එකක් ගහලා නැහැ. Competitive matches අනිවාර්යෙන් සෙල්ලම් කරන්න ඕන, නමුත් කොරෝනා නිසා අපිට ඒකට අවස්ථාවක් ලැබුණේ නැහැ.” 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<