මැලේසියාවෙන් ශ්‍රී ලංකාවට අමිහිරි අත්දැකීම් සමුදායක්

79

මැලේසියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වුණු සුහද ජාත්‍යන්තර පාපන්දු තරගයක දී ශ්‍රී ලංකාවට ගෝල 6-0ක දරුණු පරාජයක් අත්කර දෙන්නට මැලේසියාව අද (05) සමත් වුනා. තරගය පැවැත්වුණේ මැලේසියාවේ ක්වාලාලම්පුර් හිදියි.

දකුණු කොරියාවට පෙර ශ්‍රී ලංකාව මැලේසියාව සමඟ ගැටෙයි

2022 වසරේ කටාර්හි පැවැත්වීමට නියමිත 2022 FIFA පාපන්දු ලෝක කුසලානයේ දී දකුණු කොරියාව සමඟ තරගයට….

2022 FIFA ලෝක කුසලාන තේරීම් තරගාවලියේ සිය තෙවැනි තරගයේ දී ශ්‍රී ලංකාව දකුණු කොරියාව සමඟින් තරග කිරීමට නියමිත අතර ඒ සඳහා පෙර පුහුණුවීම් තරගයක් ලෙස ශ්‍රී ලංකාව මැලේසියානු කණ්ඩායම සමඟින් තරග වැදුණා.

මේ තරගය සඳහා උතුරු කොරියාව සඳහා තරගයට සහභාගී වූ කණ්ඩායමම එක්වුණු අතර සුජාන් පෙරේරා වෙනුවට මොහොමඩ් ලුත්ෆි ක්‍රීඩා කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමේ එකම වෙනස්කමයි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ පා පහරින් තරගය ආරම්භ වූ අතර පළමු මිනිත්තු 17 තුල මැලේසියානු ක්‍රීඩකයින් ගෝල තුනක් වාර්තා කළේ ආරම්භයේ දී ම ශ්‍රී ලංකාවෙන් තරගය උදුරා ගනිමින්.

පිටියේ දකුණු පසින් පැමිණි ආක්‍රමණයකට පසුව Shafiq Ahamed තරගයේ පළමු ගෝලය වාර්තා කළා. ඒ විනිසුරුගේ ඔරලෝසුවේ මිනිත්තු 10ක් සටහන් වීමටත් පෙරයි.  

ඊට මිනිත්තු හතරකට පසු Shaharul Saad මැලේසියානු ලකුණු පුවරුව දෙගුණ කළ අතර Corner අවස්ථාවකින් පැමිණි පන්දුව ඔහු පහසුවෙන් දැල වෙත යොමු කළා. 

17 වැනි මිනිත්තුවේ දී Norsharul Idlan කිසිදු අපහසුවකින් තොරව ගුවනේ පැමිණි පන්දුවක් දැල් ගත කළේ මැලේසියාව වෙනුවෙන් තෙවන ගෝලයත් වාර්තා කරමින්. 

එතරම් අත්දැකීම් රහිත ගෝල රකින්නෙක් සමඟ තරග කළ ශ්‍රී ලංකා පසුපෙළ තරගය පුරා කිසිදු සංවිධානාත්මක බවක් පෙන්වූයේ නැහැ. පසුපෙළ මෙහෙයවන්නට නායකයෙක් නොමැති බව පැහැදිළිව පෙනුණු අතර මැලේසියානු ක්‍රීඩකයින් ඉන් උපරිම ප්‍රයෝජන ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායමට බංග්ලාදේශයෙන් ප්‍රහාරයක්

3 වැනි දකුණු ආසියානු 18 න් පහළ පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරගය අද (21) බංග්ලාදේශය….

කිසිදු සැලැස්මක් සහිතව ක්‍රීඩා නොකරන බව පෙනුනත් පන්දු හුවමාරු කිරීම් කිහිපයක් නිවැරදිව ස්ථානගත කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 40 වැනි මිනිත්තුවේ සාර්ථක ආක්‍රමණයක් දියත් කළා. මදුශාන් ද සිල්වා ගේ ඉතා හොඳ පන්දු යොමු කිරීමක් දිලිප් පීරිස් සාර්ථකව දැල වෙත යොමු කළත්, මැලේසියානු ගෝල රකින්නා එම ආක්‍රමණය ව්‍යර්ථ කළා.

පළමු අර්ධයේ අවසන් මිනිත්තු කිහිපයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරමක් ආක්‍රමණශීලීව ගෝල සොයා යන බව පෙනුනත් ඔවුන්ට ගෝලයක් සමඟින් පළමු අර්ධය නිමා කරන්නට හැකියාවක් ලැබුණේ නැහැ.

පළමු අර්ධය: මැලේසියාව 03 – 00 ශ්‍රී ලංකා

දෙවන අර්ධය ද ඉතා ආක්‍රමණශීලී ලෙස ආරම්භ කරන්නට මැලේසියානු කණ්ඩායම සමත් වුනා. ගෝලයක් සොයමින් සිටි ඔවුන් 51 වැනි මිනිත්තුවේ දී තවත් ප්‍රබල ප්‍රහාරයක් දියත් කළ අතර Akhyar Rashidගේ එම ප්‍රහාරය ලුත්ෆි හට නවත්වන්නට හැකියාවක් ලැබුණේ නැහැ.

57 වැනි මිනිත්තුවේ දී අමාන් ෆයිසර් වෙනුවට මොහොමඩ් ආකිබ් පිටියට පැමිණි අතර ෆයිසර් තරගය පුරා එතරම් දස්කම් දක්වන්නට සමත් වුනේ නැහැ.

මිනිත්තු 65කට පසුව ශ්‍රී ලංකා පුහුණුකරු නිසාම් පකීර් අලි මහතා මනරම් පෙරේරා වෙනුවට අත්දැකීම් බහුල චරිත රත්නායක කණ්ඩායමට එක් කළ අතර මදුශාන් ද සිල්වා වෙනුවට සසංග දිල්හාර ද පිටියට පැමිණීම විශේෂත්වයක්.

Suarez වැඩ පෙන්වද්දී Salzburg, සත්කාරක Liverpool අන්දමන්ද කරයි

2019/20 ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ දෙවන තරග දිනයට අදාළ තරග කිහිපයක් අද (3) අලුයම පැවැත්වුණා.

මැලේසියානු ක්‍රීඩකයින් තවත් ගෝලයක් සඳහා දිගින් දිගටම මාන බැලූ අතර අවස්ථා කිහිපයක් මඟ හැරුනත් 76 වැනි මිනිත්තුවේ දී Shafiq Ahamed සිය දෙවන ගෝලය වාර්තා කර ගත්තේ කිසිදු අපහසුවකින් තොරව ශ්‍රී ලංකා ආරක්ෂක වළල්ල විනිවිද යමින්. 

85 වැනි මිනිත්තුවේ දී මොහොමඩ් ලුත්ෆි Shafiqගේ ගෝල ත්‍රිත්වය නවත්වන්නට සමත් වූ අතර නමුත් ආරක්ෂක ක්‍රීඩකයින්ගේ දුර්වල ක්‍රීඩා විලාසය නිසාම 87 වැනි මිනිත්තුවේ දී Shafiq සිය ගෝල ත්‍රිත්වය සම්පුර්ණ කර ගන්නට සමත් වුනා. 

මැලේසියානු කණ්ඩායම සිය ප්‍රධානතම ක්‍රීඩකයින් රැසක් නොමැතිව මෙම තරගයට ක්‍රීඩා කිරීම විශේෂත්වයක් වුනා.

අවසන් ලකුණු තත්වය: මැලේසියාව 06 – 00 ශ්‍රී ලංකාව

ගෝල ලබා ගත් ක්‍රීඩකයෝ

මැලේසියාව –  ශෆික් අහමඩ් 10’,76’,87’,  Shaharul Saad 14’, Norsharul Idlan 17’, Akhyar Rashid 51’

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<