පාපන්දු නිලවරණ කමිටුව රැස් වෙයි

216
Football Election 2022/23 Intern Committee

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්වීමට අදාළ විශේෂ මහ සභා රැස්වීමක් මෙම මස 11 වැනිදා ක්‍රීඩා සහ යෞවන කමිටු අමාත්‍යංශයේ දී පවත්වා තිබුණා.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට අදාළව ගොනුකර තිබූ අභියාචනාධිකරණ නඩු අංක CA writ 351/2022 යටතේ ඔක්තෝබර් මාසයේ පැවති නඩුවාරයේ දී ලබා දුන් තීන්දුවට අනුව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මෙම රැස්වීම පවත්වා තිබෙනවා.

එහි දී 2022-2023 පාපන්දු නිලවරණය පැවැත්වීම සඳහා වන පාපන්දු නිලවරණ කමිටුව නම් කළ අතර එය සඳහා නිලධාරීන් තිදෙනෙක් නිතරගයෙන්ම කමිටු සාමාජිකයින් ලෙස පත්වීම විශේෂත්වයක්.

එම කමිටුවේ සභාපති ලෙස විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු යූ. එල්. මජීඩ් මහතා පත් කර ඇති අතර අනෙකුත් සාමාජිකයින් ලෙස විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ඒ. එල්. බන්දුල කුමාර අතපත්තු මහතා සහ විශ්‍රාමික රාජ්‍ය නිලධාරි සිරිපාල මැදවැව මහතා පත් කර තිබෙනවා.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<