උතුරේ ආධිපත්‍ය රඳවා ගනිමින් සාන්ත පැට්‍රික් අවසන් පූර්ව වටයට

ThePapare පාපන්දු ශූරතාවය 2022

295

පාසල් පිටිය උණුසුම් කරන ThePapare පාපන්දු ශූරතාවයේ දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයෙන් කළුතර මුස්ලිම් විද්‍යාලයීය ක්‍රීඩකයින් පරදවා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට යාපනය සාන්ත පැට්‍රික් ක්‍රීඩකයින් සමත් වුනා.

යාපනය දුරෙයිඅප්පා ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් සාන්ත පැට්‍රික් ක්‍රීඩකයින් ජයග්‍රහණය වාර්තා කළේ ගෝල 3-0ක් ලෙසයි.

D කාණ්ඩයේ සහභාගී වූ තරග සියල්ල ජය ගනිමින් පෙරමුණේ දිනූ සාන්ත පැට්‍රික් ක්‍රීඩකයින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙද්දී, A කාණ්ඩයේ තරග දෙකක් ජය ගත් මුස්ලිම් විද්‍යාලයීය ක්‍රීඩකයින් එම කාණ්ඩයේ දෙවැනි තැන දිනා ගෙන තිබුණා.

සිය සුපුරුදු ක්‍රීඩා පිටියේ දී මුස්ලිම් විද්‍යාලයට උපරිම පීඩනයක් එල්ල කළ සාන්ත පැට්‍රික් කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය ලබා ගත්තේ ඒ. රෝහිත් විසිනුයි.

ප්‍රතිවාදී ආරක්ෂක ක්‍රීඩකයින්ගේ දුර්වල ක්‍රීඩා විලාශයෙන් ලැබුණු පන්දුවක් දඬුවම් රාමුවේ ආරම්භක ස්ථානයේ සිට ගෝලය තුළට සාර්ථකව එල්ල කිරීමට රෝහිත්ට හැකි වුනේ 28 වැනි මිනිත්තුවේ දී යි.

එම අර්ධය තුළ කිසිදු ගෝලයක් ලබා ගැනීමට මුස්ලිම් විද්‍යාලයීය ක්‍රීඩකයින්ට නොහැකි වූ නිසා එම අර්ධය අවසන් වුනේ සාන්ත පැට්‍රික් ක්‍රීඩකයින් පෙරමුණේ තබමිනුයි.

දෙවැනි අර්ධයේ දී මුස්ලිම් විද්‍යාලයීය ක්‍රීඩකයින් ද තරමක සටන්කාමීත්වයක් පෙන්නුම් කළත්, 75 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ ඒ. ජේ. ජෙරොම් දඬුවම් රාමුවට ලැබූ පන්දුවක් සාර්ථකව ගෝලයට යොමු කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළා.

ඒ සමඟින් මුස්ලිම් විද්‍යාල ක්‍රීඩකයින් ගෝල 2-0ක් ලෙස පරදවා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නට සාන්ත පැට්‍රික් ක්‍රීඩකයින්ට හැකි වූ අතර ඔවුන්ට අමතරව ඊයේ (30) යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයින් ද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නට සමත් වුනා.

අවසන් ලකුණු තත්වය: සාන්ත පැට්‍රික් විද්‍යාලය 2 – 0 මුස්ලිම් විද්‍යාලය

ගෝල ලබා ගත් ක්‍රීඩකයින්:

  • සාන්ත පැට්‍රික් විද්‍යාලය: ඒ. රෝහිත් 28’, ඒ. ජේ. ජෙරොම් 75’

තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග සියල්ල සජීවී ව ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<