කොදෙව් යෞවනයින් ශ්‍රී ලංකාවේ සංචාරයකට

බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

707

යොවුන් ටෙස්ට් තරග දෙකකින් සහ යොවුන් එක්දින තරග 3කින් සමන්විත තරග සංචාරයක් සඳහා බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ සංචිතය ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. 

අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල දී ක්‍රියාත්මක වීමට නියමිත මෙම සංචාරය එක්දින තරගාවලියෙන් ආරම්භ වීමට නියමිත අතර එම තරග අගෝස්තු 27 වැනිදා සිට සැප්තැම්බර් 1 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. ඉන් අනතුරුව සැප්තැම්බර් 5 වැනිදා සිට 15 වැනිදා දක්වා ටෙස්ට් තරගාවලිය පැවැත්වීමට නියමිතයි. 

තරගාවලිය සඳහා යොදා ගන්නා ක්‍රීඩාංගණ මේ වන තෙක් නිවේදනය කර නොමැති නමුත් බොහෝ විට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මෙම තරග පැවැත්වෙනු ඇත. 

තරග කාලසටහන 

යොවුන් එක්දින තරගාවලිය 

  • පළමු තරගය – අගෝස්තු 27 
  • දෙවැනි තරගය – අගෝස්තු 30 
  • තෙවැනි තරගය – සැප්තැම්බර් 1 

යොවුන් ටෙස්ට් තරගාවලිය 

  • පළමු තරගය – සැප්තැම්බර් 5 වැනිදා සිට 8 වැනිදා දක්වා 
  • දෙවැනි තරගය – සැප්තැම්බර් 12 වැනිදා සිට 15 වැනිදා දක්වා 

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<