Home Sinhala වසර 19කට පසුව පාකිස්තානයෙන් ශ්‍රී ලංකාවට අමතක නොවන පාඩමක්

වසර 19කට පසුව පාකිස්තානයෙන් ශ්‍රී ලංකාවට අමතක නොවන පාඩමක්

පාකිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

1609
Pakistan tour of Sri Lanka 2023

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරගාවලියක් ලෙස ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවති දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද (27) කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී නිමා වූනේ පාකිස්තානය 2-0ක් ලෙස තරගාවලිය ජයග්‍රහණය කරමිනුයි. 

ඒ අනුව පාකිස්තානු කණ්ඩායමක් වසර 4කට (1-0) පසුව ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලි ජයක් ලබා ගත් අතර, පාකිස්තානය ශ්‍රී ලංකාව තුල දී ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරගාවලි ජයක් ලබා ගත්තේ 2015 වසරට (2-1) පසුවයි.  

තවද ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුල සමස්ත ටෙස්ට් තරගාවලියකම පාකිස්තානය ජයගෙන තිබු‍ණේ 1994 දී පමණක් වන අතර ඉන් අනතුරුව සමස්ත ටෙස්ට් තරගාවලියම පකිස්තානය ජය ගත් පළමු අවස්ථාව ලෙස ද මෙය වාර්තා පොත් අතරට එකතු වුනා. 

තරගයේ සිව්වැනි දිනය ආරම්භ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 5ක් දැවී ලකුණු 563ක් ලබාගෙන සිටි අතර අද දිනය තුල දී ක්‍රියාත්මක වුනු පන්දුවාර දෙක තුල කිසිවෙක් නොදැවී ඔවුන් ලකුණු 13ක් ලබා ගත්තා. 

අවසානයේ දී ඔවුන් කඩුලු 5ක් දැවී ලකුණු 576ක් ලබාගෙන සිය පළමු ඉනිම අත්හිටවූයේ ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 410ක ඉලක්කයක් ශ්‍රී ලංකාවට ලබා දෙමින්. Agha Salman ලකුණු 132*යි. පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු පාකිස්තානු පළමු ඉනිමේ කඩුලු 3ක් දවා ගත්තා. 

6 වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ Mohammad Rizwan සහ Agha Salman නොදැවී ලකුණු 108*ක සබඳතාවයක් ගොඩනැංවූ අතර Rizwan සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 8 වැනි අර්ධ ශතකය ලබා ගත්තා. එය ඔහු විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ලබා ගත් හොඳම ටෙස්ට් ඉනිමයි. Sarfaraz Ahmedගේ concussion sub ක්‍රීඩකයා ලෙස Rizwan ඊයේ සවස තරගයට අවතීර්ණ වුනා. 

ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 410ක ඉලක්කයක් හඹා යාමේ ඉලක්කය අතැතිව පිටියට අවතීර්ණ වුනු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වුනු දිමුත් කරුණාරත්න සහ නිශාන් මදුෂ්ක පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 69ක අගනා සබඳතාවයක් ගොඩනැංවූ නමුත් ආරම්භක සැසිය තුල දැවී ගිය එකම කඩුල්ල වුනු මදුෂ්ක (ලකුණු 33) සිය පළමු පන්දුවෙන්ම දවා ගන්නට Noman Ali සමත් වුනා. 

ඉන් අනතුරුව ලකුණු 62ක් තුල ශ්‍රී ලංකා කඩුලු 5ක් (දිමුත්, කුසල්, චන්දිමාල්, ධනංජය සහ සධීර) දවා ගන්නට වමතින් දඟපන්දු යවන Noman Ali සමත් වුනේ ශ්‍රී ලංකා ලකුණු සටහන 141/6ක් ලෙස සටහන් කරමින්.  

ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 40 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලබා ගනිමින් ලකුණු 63*ක් ලබාගෙන එක් අන්තයක් රැකගෙන ක්‍රීඩා කළ නමුත්, අනෙක් අන්තයෙන් ඔහුට නිසි සහයක් ලැබුණේ නැහැ. අවසානයේ දී ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 188කට සීමා වුනේ ශ්‍රී ලංකා අවසන් කඩුලු 9 ලකුණු 119ක් තුල දවාගෙනයි. 

පන්දු යැවීමේ දී Noman Ali කඩුලු 7ක් ලකුණු 70කට දවා ගත්තේ සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ඉනිමක හොඳම පන්දු යැවීමේ දස්කම දක්වමින්. එසේම පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් ඉනිමක කඩුලු 5ක් දවා ගත් තෙවැනි වයස්ගතම ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එකතු වුනා. 

Result


Sri Lanka
166/10 (48.4) & 188/10 (67.4)

Pakistan
576/5 (134)

Batsmen R B 4s 6s SR
Nishan Madushka run out (Shan Masood) 4 9 1 0 44.44
Dimuth Karunaratne b Naseem Shah 17 37 3 0 45.95
Kusal Mendis c Mohammad Rizwan b Shaheen Shah Afridi 6 9 1 0 66.67
Angelo Mathews c Sarfaraz Ahmed b Naseem Shah 9 26 1 0 34.62
Dinesh Chandimal c Imam-ul-Haq b Naseem Shah 34 60 4 0 56.67
Dhananjaya de Silva c Saud Shakeel b Abrar Ahmed 57 68 9 1 83.82
Sadeera Samarawickrama c Abdullah Shafique b Abrar Ahmed 0 4 0 0 0.00
Ramesh Mendis c Saud Shakeel b Abrar Ahmed 27 44 3 0 61.36
Prabath Jayasuriya run out (Shan Masood) 1 7 0 0 14.29
Asitha Fernando  b Abrar Ahmed 8 24 2 0 33.33
Dilshan Madushanka not out 0 5 0 0 0.00


Extras 3 (b 2 , lb 0 , nb 1, w 0, pen 0)
Total 166/10 (48.4 Overs, RR: 3.41)
Fall of Wickets 1-9 (2.4) Nishan Madushka, 2-23 (6.1) Kusal Mendis, 3-35 (12.5) Angelo Mathews, 4-36 (14.1) Dimuth Karunaratne, 5-121 (33.5) Dinesh Chandimal, 6-122 (34.4) Sadeera Samarawickrama, 7-133 (36.3) Dhananjaya de Silva, 8-136 (38.6) Prabath Jayasuriya, 9-163 (46.2) Asitha Fernando , 10-166 (48.4) Ramesh Mendis,

Bowling O M R W Econ
Shaheen Shah Afridi 11 1 44 1 4.00
Naseem Shah 14 3 41 3 2.93
Abrar Ahmed 20.4 2 69 4 3.38
Nauman Ali 3 1 10 0 3.33
Batsmen R B 4s 6s SR
Abdullah Shafique c Dilshan Madushanka b Prabath Jayasuriya 201 326 19 4 61.66
Imam-ul-Haq c Nishan Madushka b Asitha Fernando  6 6 1 0 100.00
Shan Masood c Kusal Mendis b Asitha Fernando  51 47 4 1 108.51
Babar Azam lbw b Prabath Jayasuriya 39 75 4 1 52.00
Saud Shakeel lbw b Asitha Fernando  57 110 6 0 51.82
Sarfaraz Ahmed -select- b 14 22 3 0 63.64
Agha Salman not out 132 154 15 1 85.71
Mohammad Rizwan not out 50 67 4 1 74.63


Extras 26 (b 4 , lb 16 , nb 3, w 3, pen 0)
Total 576/5 (134 Overs, RR: 4.3)
Fall of Wickets 1-13 (2.3) Imam-ul-Haq, 2-121 (21.5) Shan Masood, 3-210 (47.5) Babar Azam, 4-319 (80.3) Saud Shakeel, 5-468 (113.2) Abdullah Shafique,

Bowling O M R W Econ
Asitha Fernando  25 1 133 3 5.32
Dilshan Madushanka 17 3 77 0 4.53
Ramesh Mendis 36 2 139 0 3.86
Prabath Jayasuriya 53 11 194 2 3.66
Dhananjaya de Silva 3 1 13 0 4.33


Batsmen R B 4s 6s SR
Nishan Madushka b Noman Ali 33 72 4 1 45.83
Dimuth Karunaratne c Imam-ul-Haq b Noman Ali 41 61 6 0 67.21
Kusal Mendis c Saud Shakeel b Noman Ali 14 35 2 0 40.00
Angelo Mathews not out 63 127 7 2 49.61
Dinesh Chandimal c Imam-ul-Haq b Noman Ali 1 11 0 0 9.09
Dhananjaya de Silva c Abrar Ahmed b Noman Ali 10 38 2 0 26.32
Sadeera Samarawickrama c Shan Masood b Noman Ali 5 11 1 0 45.45
Ramesh Mendis st Mohammad Rizwan b Noman Ali 16 42 2 0 38.10
Prabath Jayasuriya b Naseem Shah 0 4 0 0 0.00
Asitha Fernando  b 0 2 0 0 0.00
Dilshan Madushanka b 0 3 0 0 0.00


Extras 5 (b 0 , lb 4 , nb 0, w 1, pen 0)
Total 188/10 (67.4 Overs, RR: 2.78)
Fall of Wickets 1-69 (18.1) Nishan Madushka, 2-86 (26.2) Dimuth Karunaratne, 3-99 (30.2) Kusal Mendis, 4-109 (32.5) Dinesh Chandimal, 5-131 (46.2) Dhananjaya de Silva, 6-141 (50.1) Sadeera Samarawickrama, 7-177 (64.3) Ramesh Mendis, 8-184 (65.5) Prabath Jayasuriya, 9-188 (67.1) Asitha Fernando , 10-188 (67.4) Dilshan Madushanka,

Bowling O M R W Econ
Shaheen Shah Afridi 12 5 30 0 2.50
Naseem Shah 17.4 5 44 3 2.53
Abrar Ahmed 10 1 34 0 3.40
Noman Ali 23 8 70 7 3.04
Agha Salman 5 1 6 0 1.20



ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරගාවලියක් වන මේ තරගාවලිය සඳහා තරග දෙකක් ඇතුළත් වූ අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති පළමු ටෙස්ට් තරගය කඩුලු 4කින් ජය ගත් පාකිස්තානය මේ දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 222කින් ජයගෙන 2-0ක් ලෙස තරගාවලිය ජය ගත්තේ ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලි ප්‍රසාද ලකුණු සටහනට ලකුණු 24ක් ද එක් කරගෙනයි. 

තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන එන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<