ශ්‍රී ලංකා – එංගලන්ත තරගාවලියට ප්‍රේක්ෂක වරම්

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය 2021

121

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරග තුන සහ එක්දින තරග තුන නැරඹීම සඳහා සීමිත ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවකට අවසර ලබා දීමට එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව COVID-19 වයිරසයේ ව්‍යාප්තියෙන් පසුව ශ්‍රී ලංකාව ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ දී ජාත්‍යන්තර තරගයක් සඳහා මුහුණ දෙනු ලබන පළමු අවස්ථාව මෙයයි.

ලොව පුරා කොරෝනා වයිරසය පැතිර යාම නිසා වසරක පමණ කාලයක් පුරාවට ක්‍රීඩා තරග අවලංගු වීම් සහ පැවති ක්‍රීඩා තරග/ තරගාවලි සඳහා ප්‍රේක්ෂකයන්ට අවසර හිමි වුනේ නැහැ. නමුත් එංගලන්තය තුල සහ වේල්සය තුල දැනට පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඒ සඳහා යම් සුබදායී බවක් පෙනෙන්නට තිබෙන නිසා යම් යම් සීමා කිහිපයකට යටත්ව මේ තරග සඳහා ප්‍රේක්ෂකයින් සහභාගී කරවා ගැනීමට නියමිතයි.

එසේම මෙහි දී ජනතාව රැස්වන මෙවැනි අවස්ථාවල දී කොරෝනා වයිරසය ආසාදනය වීමේ අවදානම් තත්ත්වයන් සම්බන්ධයෙන් සහ ජනතාව එවැනි අවස්ථා සඳහා ආරක්ෂාකාරීව සහභාගී කරවා ගැනීමේ ක්‍රම ගවේෂණය කිරීම සඳහා වෙනුවෙන් තෝරාගත් තරග කිහිපයකට අදාළව යම් සමීක්ෂණයක් ද කිරීමට එංගලන්ත රජය බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වෙනවා.

තවත් ක්‍රිකට් පුවත්:

මේ නිසා එංගලන්ත – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය ද එකී පරීක්ෂණ මට්ටමේ තරගාවලියක් ලෙස සලකමින් තරගාවලිය සඳහා සීමිත ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවක් එක් කරගැනීමට ඔවුන් අදහස් කරගෙන සිටින අතර, මෙහි දී සහභාගී වන ප්‍රේක්ෂකයන් COVID-19 මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබා තිබීම හෝ ආසන්න දිනයක දී ලබා ගත් Negative PCR වාර්තාවක් ලබා දීම අනිවාර්ය බව ද සඳහන් වෙනවා.

තරග කාලසටහන

  • ජුනි 23 – පළමු විස්සයි විස්ස තරගය – Cardiff
  • ජුනි 24 – දෙවැනි විස්සයි විස්ස තරගය – Cardiff
  • ජුනි 26 – තුන්වැනි විස්සයි විස්ස තරගය – Southampton හිදී
  • ජුනි 29 – පළමු එක්දින තරගය – Durham
  • ජූලි 1 – දෙවැනි එක්දින තරගය – London
  • ජූලි 4 – තෙවැනි එක්දින තරගය – Bristol

තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<