ශ්‍රී ලංකා කාන්තාවෝ එංගලන්තයේ සංචාරයකට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2023

311

එක්දින සහ විස්සයි විස්ස තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තය බලා පිටත්ව යෑමට නියමිතයි. 

අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල දී පැවැත්වීමට නියමිත මෙම සංචාරය සඳහා විස්සයි විස්ස තරග 3ක් සහ එක්දින තරග 3ක් ඇතුළත් වන අතර තරගාවලිය ආරම්භයට පෙර ඔවුන් පෙර පුහුණු තරගයත් සඳහා ද සහභාගී වීමට නියමිතයි. 

මෙම තරග සංචාරයේ එක්දින තරගාවලිය ICC කාන්තා ශූරතාවය සඳහා ඇතුළත් තරගාවලියක් වීම විශේෂත්වයක්. 

මෙම සංචාරය අගෝස්තු 28 වැනිදා පැවැත්වීමට නියමිත විස්සයි විස්ස පෙර පුහුණු තරගයෙන් ආරම්භ වන අතර ඉන්පසුව විස්සයි විස්ස තරගාවලිය අගෝස්තු 1, සැප්තැම්බර් 2 සහ 6 යන දිනවල දී ද, ඉන්පසුව එක්දින තරගාවලිය සැප්තැම්බර් 9, 12 සහ 14  යන දිනවල දී ද පැවැත්වීමට නියමිතයි. 

තරග කාලසටහන 

දිනය  තරගය  ස්ථානය 
අගෝස්තු 28  විස්සයි විස්ස පෙර පුහුණු තරගය  Arundel 
අගෝස්තු 31  පළමු විස්සයි විස්ස තරගය  Hove 
සැප්තැම්බර් 2  දෙවැනි විස්සයි විස්ස තරගය  Chelmsford 
සැප්තැම්බර් 6  තෙවැනි විස්සයි විස්ස තරගය  Derby 
සැප්තැම්බර් 9  පළමු එක්දින තරගය  Durham 
සැප්තැම්බර් 12  දෙවැනි එක්දින තරගය  Northampton 
සැප්තැම්බර් 14  තෙවැනි එක්දින තරගය  Leicester 

 

තරගාවලියේ උණුසුම සඳහා රැඳෙන්න ThePapare.com සමඟින්ම. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<