ප්‍රීමා 15න් පහළ පළාත් ක්‍රිකට් තරගාවලියට දින තීන්දුයි

ප්‍රීමා 15න් පහළ ක්‍රිකට් තරගාවලිය 2022

263
Under 15 Sri Lanka Youth League 2022

ප්‍රීමා වයස අවුරුදු 15න් පහළ බාලක ක්‍රිකට් තරගාවලියේ පළාත් තරගාවලිය මේ මස 21 වැනිදා සිට 29 දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිතයි.

කොළඹ උතුර, කොළඹ දකුණ, ගාල්ල, මහනුවර සහ දඹුල්ල යන කණ්ඩායම් 5 මේ තරගාවලියට සහභාගී වන අතර මේ තරගාවලියට ක්‍රීඩකයින් තේරීම් සිදු කරනු ලබන දිස්ත්‍රික් තරගාවලිය මේ වන විට අවසන් අදියරේ තිබෙනවා.

මේ තරගාවලියට අදාළ තරග සියල්ලම මේ මස 21 වැනිදා සිට 29 වැනිදා දක්වා කොළඹ වෙළඳසේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සහ රත්මලාන වාරිමාර්ග ක්‍රීඩාංගණයේ දී (Irrigation Ground / NSG) පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ මූලික වටය අවසානයේ දී ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනු ඇත.

තරගාවලියේ තරග කාලසටහන

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<