18න් පහළ පැසිපන්දු ආසියානු කුසලාන තරගාවලියට (FIBA U18 Asia Cup) සුදුසුකම් ලබා ගැනීම සඳහා පැවැත්වෙන, දකුණු ආසියානු පැසිපන්දු තරගාවලියේ තෙවැනි දිනයට අදාළ තරග පසුගිය 27 වැනි දා ක්‍රියාත්මක වුනා.
එදින ද තරග ත්‍රිත්වයක් ක්‍රියාත්මක වූ අතර, මෙම තරග අතුරින් ශ්‍රී ලංකා – ඉන්දියා පිරිමි තරගය දෙස විශාල අවධානයක් යොමු වුනා.
පිරිමි අංශය – 05 වැනි තරගය
බංග්ලාදේශය සහ මාලදිවයින
මෙම තරගයේ දී බංග්ලාදේශය විසින් සිය පළමු ජය වාර්තා කර ගැනීමට සමත් වුනා.
තරගයේ ආරම්භයේ පටන් බංග්ලාදේශය ඉතා ඉහළ දක්ෂතා සමඟින් මාලදිවයින් ක්‍රීඩකයින් යටපත් කර ගැනීමට සමත් වූ අතර, තරගයේ අවසන් කාර්තුවේ දී පමණක් මාලදිවයින තරමක් පෙරමුණට පැමිණීමට සමත් වුනා.
- පළමු කාර්තුව
මාලදිවයින 10 – බංග්ලාදේශය 27
- දෙවැනි කාර්තුව
මාලදිවයින 11 – බංග්ලාදේශය 27
- තෙවැනි කාර්තුව
මාලදිවයින 10 – බංග්ලාදේශය 26
- සිව්වැනි කාර්තුව
මාලදිවයින 17 – බංග්ලාදේශය 08
සමස්ත තරගය
මාලදිවයින 88 – බංග්ලාදේශය 48
- Nadalට පරාජයක්, රුමේනියාවට ඉතිහාසගත ජයග්‍රහණයක්!
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්‍රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
කාන්තා අංශය – 3 වැනි තරගය
මාලදිවයින සහ ඉන්දියාව
කාන්තා අංශය තුළ සිය අපරාජිත බාවය රැක ගැනීමට සමත් වූ ඉන්දීය ක්‍රීඩිකාවන් විසින් මෙම තරගයේ දී මාලදිවයින සම්පූර්ණයෙන්ම බිඳ දැමීමට සමත් වුනා. තරගයේ පළමු කාර්තුවේ සිටම ඉන්දීය ක්‍රීඩිකාව ඉතා ඉහල දක්ෂතා සමඟ ලකුණු අතරට පිවිසි අතර, මෙහි දී ඉන්දීය ක්‍රීඩිකා Amit Kulkarni තරගයේ මිනිත්තු 17ක් පමණක් ක්‍රීඩා කරමින් ලකුණු 15ක් ලබා ගැනීමට සමත් වීම විශේෂ අවධානයකට ලක් වුනා.
- පළමු කාර්තුව
ඉන්දියාව 32 – මාලදිවයින 03
- දෙවැනි කාර්තුව
ඉන්දියාව 20 – මාලදිවයින 02
- තෙවැනි කාර්තුව
ඉන්දියාව 37 – මාලදිවයින 03
- සිව්වැනි කාර්තුව
ඉන්දියාව 21 – මාලදිවයින 16
සමස්ත තරගය
ඉන්දියාව 110 – මාලදිවයින 24
තරගයේ වීරවරිය – Amit Kulkarni (ඉන්දියාව)
පිරිමි අංශය – 6 වැනි තරගය
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව
මෙවර තරගාවලියේ මෙතෙක් ක්‍රියාත්මක වූ වඩාත් උණුසුම් තරගය ලෙස මෙය හඳුන්වා දිය හැකි. තරගයට සහභාගී වූ කණ්ඩායම් දෙකම සිය අපරාජිත ලේබලය රැක ගැනීමට අවශ්‍ය වෙහෙස දරන බව දක්නට ලැබුණා.
තරගයේ පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකාව ඉන්දියාවට වඩා එක් ලකුණක් පෙරමුණේ රැඳීමට සමත් වූ අතර, දෙවැනි කාර්තුව තුළ ශ්‍රී ලංකාව ඉන්දියාවට වඩා තවත් ලකුණු 02ක් ඉදිරියට පැමිණීමට සමත් වුනා.
කෙසේ වෙතත් තරගයේ තෙවැනි කාර්තුවේ දී ඉන්දියාව තරගයට අවතීර්ණ වුනේ ශ්‍රී ලංකාව තරමක් පසුපසට ඇද දමමිනුයි. තරගයේ සිව්වැනි කාර්තුවේ දී ශ්‍රී ලංකාව නැවත තරගයේ පෙරමුණට පැමිණීමට කෙතරම් උත්සාහ දැරුවත් එය සාර්ථක කර ගැනීමට ඉන්දියාව ඉඩ ලබා දුන්නේ නැහැ.
තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට දස්කම් දැක්වීමට ආරොන් ජෙරාල්ඩ සහ සුදම් ලියනගේ සමත් වුනා.
- පළමු කාර්තුව
ඉන්දියාව 22 – ශ්‍රී ලංකාව 23
- දෙවැනි කාර්තුව
ඉන්දියාව 18 – ශ්‍රී ලංකාව 20
- තෙවැනි කාර්තුව
ඉන්දියාව 18 – ශ්‍රී ලංකාව 08
- සිව්වැනි කාර්තුව
ඉන්දියාව 19 – ශ්‍රී ලංකාව 21
සමස්ත තරගය
ඉන්දියාව 77 – ශ්‍රී ලංකාව 72
තරගයේ වීරයා – Piyush Choudhary (ඉන්දියාව)
මේ අනුව තරගාවලියේ මූලික වටයට අදාළ තරග සියල්ල ඒ අයුරින් නිමාවට පත් වුනා. තරගාවලියේ අවසන් දිනය අද (29) ක්‍රියාත්මක වීමට නියමිතයි.
අද දිනයේ තවත් තරග ත්‍රිත්වයක් පැවැත්වීමට නියමිත අතර, කාන්තා සහ පිරිමි තරග අංශ ද්විත්වයේම අවසන් මහා තරග ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිතයි.
කාන්තා අවසන් මහා තරගය
- ශ්‍රී ලංකාව සහ ඉන්දියාව – සවස 4.30ට
පිරිමි අවසන් මහා තරගය
- ශ්‍රී ලංකාව සහ ඉන්දියාව – රාත්‍රි 7.00ට
එම තරග විස්තර ද ඇතුළුව සමස්ත තරගාවලිය පිළිබඳ ව සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
<<තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>






















