නවසීලන්ත හිටපු සුපිරි රග්බි ක්‍රීඩක ජෝනා ලොමු මිය යයි.

300
2001 shows New Zealand winger Jonah Lomu in action ©AFP
2001 shows New Zealand winger Jonah Lomu in action ©AFP

නවසීලන්තයෙන් බිහි වු ලොව විශිෂ්ටතම රග්බි ක්‍රීඩකයෙකු වු ජෝනා ලොමු අද ඔක්ලන්ඩ් හිදි මිය ගිය බව විදෙස්මාධ්‍ය වාර්තා කරයි.

1975 වසරේ උපත ලද ජෝනා ටාලි ලොමු ඔක්ලන්ඩ් වෙස්ලි උසස් විදුහලෙන් අධ්‍යාපනය හදාරාඇත.1994 වසරේ නවසීලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර රග්බි වරම් දිනා ඇති ලොමු 2002 වසර දක්වා නවසීලන්තයවෙනුවෙන් තරග 63 සහභාගි වි ඇත.එහිදී ඔහු උත්සහක දිනුම් 37 ක් සමගින් ලකුණු 185 රැස් කර තිබේ. ලෝකකුසලාන තරගාවලි ඉතිහාසයේ වැඩිම උත්සහක දිනුම් (15) රැස් කල ලොව පළමු ක්‍රිඩකයා ද වන්නේ ලොමු ය. මියයන විට 40 වැනි වියෙහි පසුවු ලොමු කලක් වකුගඩු රෝගයකින් පීඩා විදි බවට ද තොරතුරු වාර්තා වෙයි.