යොවුන් මලල ක්‍රීඩා අවසන් තේරීම් තරග අවලංගු වෙයි

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවය 2022

175

ජනවාරි මස 23 සහ 24 යන දෙදින තුළ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවය සඳහා වූ අවසන් තේරීම් තරගාවලිය අවලංගු කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තීරණය කර ඇත.

මෙම අවලංගු කිරීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය ප්‍රකාශ කර තිබුනේ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවය කල් දැමීමට කටයුතු කිරීම නිසා මෙම තීරණය ගත් බවයි.

2022 ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය මෙම වසරේ මාර්තු මස කුවේට් හිදී පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් එය දින නියමයකින් තොරව කල් දැමීමට එහි සංවිධායකයින් තීරණය කර ඇත.

මෙම තරගාවලිය අවලංගු වීමත් සමඟ ඒ සඳහා අයදුම්පත් ලබාගනිමින් ගාස්තු ගෙවූ සියළුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට එම මුදල් නැවත ලබාගත හැකි බව ද මලල ක්‍රීඩා සංගමය නිකුත් කළ නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වුනා.

>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<