SAAF රට හරහා දිවීමේ ශූරතාවයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

SAAF රට හරහා දිවීමේ ශූරතාවය 2022

211

මෙම වසරේ ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත SAAF රට හරහා දිවීමේ ශූරතාවය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් ප්‍රකාශයට පත් කර තිබුණා.

මෙම තරගාවලිය ඉලක්ක කර ගනිමින් තේරීම් තරගාවලියක් පසුගිය දා දියගම කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු කළ අතර එහි දී දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම තරගාවලියට නම් කර තිබෙනවා.

පිරිමි කිලෝමීටර් 10 විවෘත තරගය සඳහා ආර්. එම්. එස්. පුෂ්පකුමාර, එස්. ආර්. විජයවික්‍රම සහ කේ. ශම්මුගේෂ්වරන් සහභාගි කිරීමට කටයුතු කර ඇති අතර එම කාණ්ඩයේ කාන්තා ඉසව්ව සඳහා මධුමාලි හේරත්, චාමික සමුදිකා හේරත් සහ එම්. නිමේෂා යන ක්‍රීඩිකාවන් නම් කර තිබෙනවා.

තරගාවලියේ කනිෂ්ඨ පිරිමි කිලෝමීටර් 08 තරගය සඳහා ජාලිය මධුෂාන්, ඇන්ජලෝ බෙනඩික් සහ පී. මධුභාෂණ සහභාගි වීමට නියමිතව ඇති අතර එහි කාන්තා ඉසව්ව සඳහා එම්. කසුනි, එන්. ෆොන්සේකා සහ හෂිනි ලක්ෂානි යන ක්‍රීඩිකාවන් සහභාගී වීමට නියමිතයි.

පිරිමි විවෘත තරගය සඳහා නම් කළ ආර්. එම්. එස්. පුෂ්පකුමාර මීටර් 3000 බාධක දිවීම ඉසව්වේ ජාතික ශූරයා වන අතර කේ. ශම්මුගේෂ්වරන් පසුගිය දා පැවති 99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ මීටර් 10,000 රන් පදක්කම දිනා ගත්තා.

එමෙන්ම කාන්තා තරගයට නම් කළ ක්‍රීඩිකාවන් අතරට ඇතුළත් වූ යොවුන් ක්‍රීඩිකා චාමිනී හේරත් 99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දී කාන්තා මීටර් 10,000 ජාතික ශූරිය බවට පත් වුනා.

>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<