හිරුණි නැවතත් දස්කම් අතරට

272

ආබාධයක් නිසාවෙන් කලක් පිටියෙන් ඉවත්ව සිටි ශ්‍රී ලාංකික මැරතන් ශූරි හිරුණි විජයරත්න නැවත පිටියට පිවිසෙමින් පසුගිය දා කැලිෆෝනියාවේ පැවති මැරතන් තරගයකට සහභාගී ව තිබුණා.

එහි කාන්තා මැරතන් ඉසව්ව නියෝජනය කළ හිරුණි පැය 2:34.22ක කාලයක් වාර්තා කරමින් ඉසව්ව අවසන් කිරීමට හිරුණිට හැකි වූ අතර ඇයට එම තරගයේ හිමිවුනේ දසවැනි ස්ථානයයි.

එය මැරතන් ඉසව්වක් අවසන් කිරීමට මෙරට ක්‍රීඩිකාවක් වාර්තා කළ වේගවත්ම කාලය ලෙස සටහන් වූ අතර ඇය තරගයක් සඳහා සහභාගී වූයේ මාස 12කට පමණ පසුවීම කැපී පෙනුණා.

ඇමරිකාවේ වාසය කරමින් පුහුණුවීම් කටයුතුවල නිරත වන හිරුණි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගාවලි කිහිපයකට සහභාගී වූ අතර 2019 වසරේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මැරතන් කිරුළ දිනා ගැනීමට ද ඇය සමත් වුනා.

ඇය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අවසන් වරට 2020 ලෝක මැරතන් තරගයට සහභාගී වූ අතර පසුව ඇති වූ පාදයේ ආබාධයක් නිසාවෙන් ඇයට ඔලිම්පික් උළෙල ඇතුළු තරගාවලි කිහිපයක බලාපොරොත්තු අතහරිමින් පිටියෙන් ඉවත් වීමට සිදු වුනා.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<