කොරෝනා පරද්දන්න රග්බි වීරවරියන් රෝහල‍ට

110

ඇමරිකානු කාන්තා ඊගල්ස් රග්බි ක්‍රීඩිකා ටෙස් ෆියුරි ‍ඇතුළු ලෝක රග්බි පවුලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් COVID-19 වසංගතය අතරතුර මිනිසුන්ට උදව් කිරීම සඳහා වෙහෙස මහන්සි වී වැඩ කරන බව ලෝක මාධ්‍ය කීපයක් වාර්තා කර තිබිණි. 

ඇමරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර රග්බි ක්‍රීඩිකා ටෙස් ෆියුරි ඇමරිකාවේ නිව් ජර්සි හි පූර්ණ කාලීන හෙදියක් ලෙස කොරෝනා වයිරසයට එරෙහිව සටන් කිරීමට එක්ව ඇත.

Maxime Mbanda ඉතාලි ජාතික වගකීම අතට ගනියි

නව කොරෝනා වයිරසයට එරෙහි සටනේ දී ඉතාලි ජාතික රග්බි ක්‍රීඩක Maxime Mbanda රග්බි…

සතියකට පැය 12ක වැඩ මුර තුනක් වැඩ කරන ෆියුරි, COVID-19ට එරෙහි සටනේ දී ළමා දැඩි සත්කාර ඒකකයට මෙන්ම හදිසි ප්‍රතිකාර අංශයට සේවය කරයි. මේ මොහොතේ, සියලු දෙනා ඔවුන් බේරා ගැනීමට කටයුතු කරම්ජ්න් සිටින බව 2017 රග්බි ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරඟකාරීය පැවසීය. 

“සාමාන්‍යයෙන්, මාව රෝගීන් දෙදෙනෙකුට සෘජුවම පවරා තියනවා. ළමා දැඩි සත්කාර ඒකකයේ රෝගීන් ගොඩක් අසාධ්‍ය වෙන නිසා ඔවුන් බලා ගැනීම ගොඩක් අමාරුයි.” ෆියුරි පැවසීය.  

“කෙසේ වෙතත්, මෑතක දී COVID-19 වසංගතයත් සමඟ අපගේ වැඩ ප්‍රමාණය වෙනස් වුනා. ඒකෙ දී අපිට සිදු වුනා රෝගීන් වැඩි සංඛ්‍යාවක් බලා ගන්න. රෝහල පුරාම, මෙම වසංගතයට ආධාර කරන්න කණ්ඩායම් ගොඩක් උත්සාහ කරනවා. එයට වඩාත්ම උදව් අවශ්‍ය ඕනෑම ඒකකයකට අපි යනවා.” 

ඇය නිව් ජර්සි හි සේවය කරන රෝහල නිව්යෝර්ක් සමඟ ඇමරිකා එක්සත් ජනපදයේ COVID-19 වසංගතයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත. එම රෝහල ආසාධිතයන් දහස් ගණනකට ප්‍රතිකාර කරයි. 

“මම බොරු කියන්න යන්නේ නැහැ. සෑම දිනකම මම රැකියාවට යන විට, මට පෙරට වඩා කනස්සල්ලක් දැනෙනවා. මම දන්නේ නැහැ මම මොනවා කරන්න ද කියලා. නව බෙහෙත් හා ප්‍රතිකාර පැයෙන් පැය වෙනස් වෙනවා. මගේ රෝගීන් රැකබලා ගන්නා ආකාරය වැඩි වැඩියෙන් විකාශනය වෙනවා.” 

ඉදිරි පෙළ

මෙම නව කොරෝනා වසංගතය අඛණ්ඩව ලොව පුරා විකාශනය වෙමින් පවතී. සෞඛ්‍ය වෘත්තිකයින්ට අර්බුදයේ විෂය පථය හා ස්වභාවය පිළිබඳ මූලික නිරාවරණයක් ඇත. ෆියුරි ඇයට තම රටට සේවය කිරීමට ලැබුණු මේ අවස්ථාව පිළිබඳව දැඩි උනන්දුවකින් සිටී. 

“මෙවැනි තත්වයන් නිසා මට හෙදියක් වීමට අවශ්‍ය වුනා. ලෝකයට මගේ සේවය වඩාත්ම අවශ්‍ය වූ විට ඒකට උදව් කිරීමට මට අවශ්‍ය වුනා. දැන් මට එම අවස්ථාව සැබවින්ම ලැබෙමින් තියනවා. මමත්, ලොව පුරා සිටින බොහෝ සෞඛ්‍ය සේවකයින් සමඟත්, මෙම වසංගතයේ පෙරමුණෙහි සිටිනවා. මට මේ තරම් දේ ලබා දී ඇති රටට උපකාර කිරීම පිළිබඳව මම අතිශයින්ම ගෞරවයට පාත්‍ර වෙනවා.” 

රෝහල තුල දිගු වේලාවක් රැඳී සිටිමට ෆියුරිට සිදුව ඇත. මේ නිසා ඊගල්ස් කාන්තාවන් සඳහා දුරස්ථ පුහුණුව යථාර්ථයක් කරගැනීම නව අභියෝගයක් වී තිබේ. තවමත්, වසංගතයට එරෙහිව සටන් කිරීමට සිදුව තිබීම හා රග්බි ක්‍රීඩාව නැවත ආරම්භ කිරීම හා සම්බන්ධව ඇති අවිනිශ්චිතතාවයන් තවමත් පහව ගොස් නැත. කෙසේ වෙතත් ෆියුරි ඇගේ භක්තිය තරම්ම අධිෂ්ඨාන සහගත සහ ශුභවාදීව අනාගතය දෙස බලා සිටී. 

“සංවිධානාත්මක පුහුණුවීම් හෝ ක්‍රීඩා තරග නොමැති නිසා මට තනිවම පුහුණු වීම පමණක් ඉතිරිව තියෙන්නේ. මම හිතන්නේ මේ ඉදිරි සති කිහිපය මගේ මානසිකත්වය පිළිබඳ සැබෑ පරීක්ෂණයක් වේවි. ඇමරිකා එක්සත් ජනපද රග්බි සහ මගේ කණ්ඩායමේ සාමාජිකයින්ට මෙම දුෂ්කර කාලය කෙසේ හෝ ශක්තිමත්ව ඉන්න වෙනවා. මගේ ඇමරිකා එක්සත් ජනපද රග්බි ව්‍යායාම සහ පුහුණුව ඉදිරියේදී ලොකු අභියෝගයක් වේවි. ඒ අභියෝගයට මම සූදානම්. ” 

“රාජකාරිය – ජීවිතය – රග්බි සමබරතාවය සෑම විටම මගේ ශක්තියෙන් එකක්. මට යම් දෙයක් ගැන උද්‍යෝගයක් ආවම මම ඒක කිරීමට හා එය නිවැරදිව කිරීමට කාලය ඇති බවට මම සහතික වෙනවා. පවුල, හෙදියන් සහ රග්බි ක්‍රීඩාව තමයි මේ වසරේ මගේ ප්‍රධාන අවධානය යොමු කළ යුතු කරුණු. මම ඔවුන්ට මගේ සියල්ල ලබා දීමට සූදානම්. “

මහනුවරට ආ අළුත්ම වීරයා

ඔබට රිය පැදවීමේ හැකියාවක් නොමැති නම් රේසින් කාරයක් ගැනීමේ ඵලක් නැත. අශ්වබල ශක්තියෙන්…

ලොව පුරා සිටින අනෙකුත් ජාත්‍යන්තර ක්‍රීඩකයින් රැසක් මෙම ආපදා තත්ත්වය හමුවේ අන් අයට සහයෝගය දැක්වීමට වෙහෙස මහන්සි වී වැඩ කරන ආකාරය දක්නට හැකි විය. 

අයර්ලන්තයේ ක්ලෙයාර් මැක්ලොග්ලින් බෙල්ෆාස්ට්හි අල්ස්ටර් රෝහලේ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර අංශයේ සුදුසුකම් ලත් වෛද්‍යවරියක් ලෙස සිය කුසලතා හොඳින් භාවිතා කරමින් කටයුතු කරයි. 

COVID-19 පැතිරීම පාලනය කිරීම පිළිබඳ විශේෂඥ උපදෙස්වලට අවනත වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි 28 හැවිරිදි ඇය පවසා සිටියේ මෙම ගත වූ සතිය දැඩි මානසික පීඩනයක් සහිත සතියක් වූ බවයි. බලාපොරොත්තු නොවූ දේ රැසක් මෙම සතිය තුල තහවුරු වූ බව ද ඇය පවසා සිටියා. 

“අපි මේ දේ වළක්වන්න ලොකු උත්සාහයක් ගන්නවා. ඔබ අපිව අගය කරාවි අපි මේ කරන උත්සාහය දුටුවම. අපි හැමෝම වෙනුවෙන් මේ දේවල් කරන්නේ. හරියට රග්බි තරගයක් වගේ.” 

“සෑම කෙනෙකුටම මේකට බලපෑමක් ඇති කළ හැකියි.  මේක වෙනස් කළ හැකියි. ” 

ප්‍රංශ ජාතික කණ්ඩායමේ නායිකා ගෝල් හර්මට් ද මෙම වයිරසයට එරෙහිව සටන් කරන තවත් ක්‍රීඩිකාවකි. 

23 හැවිරිදි ඇය සාමාන්‍යයෙන් සිය රග්බි ක්‍රීඩාවට සමගාමීව කාඩෝර්ස් හි සාත්තු නිවාසයකට තම කාලය කැප කරන නමුත් මේ දිනවල ඇය වර්තමාන අර්බුදය සමනය කිරීමට එක්ව සිටී.

“අපි හැමෝවම බලාගන්න උත්සාහ කරනවා” ඇය පැවසුවාය.

“ඇත්ත වශයෙන්ම, අපිට අපගේ වැඩිහිටියන් හා හෙද කාර්ය මණ්ඩලය ආරක්ෂා කිරීම සඳහා විශාල පූර්වාරක්ෂාවක් තියනවා. සිදුවන්නේ කුමක්ද යන්න ගැන සෑම දෙනාටම අවබෝධයක් තියනවා. අපි හැමෝම ඒ ගැන කතා කරනවා.” 

“අපට තවදුරටත් රග්බි නොමැති නිසා අපේ ඉලක්කය වන්නේ සිදුවෙමින් පවතින දේ සඳහා හැකි තරම් උපකාර කිරීමයි. “

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<