ශ්‍රී ලංකා පාපන්දු තහනම ඉවතට!

339

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) වෙත පනවා තිබූ තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

නමුත් සැප්තැම්බර් මස 29 වැනි දා පැවැත්වීමට සැලසුම් කර ඇති FFSL නිලවරණය වන තෙක් FIFA සහ AFC (ආසියානු පාපන්දු සම්මේලනය) මගින් FFSLහි තත්වය නිරීක්ෂණය කරනු ඇති බවත් FIFA වෙතින් තහනම ඉවත් කරන බව සඳහන් කරමින් අද (28) එවා ඇති ලිපියේ වැඩිදුරටත් සඳහන් වී තිබෙනවා. 

මෙම වසරේ ජනවාරි මස 21 වැනි දින FIFA ප්‍රඥප්ති උල්ලංඝනය කිරීමේ වරද නිසා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට තහනම් නියෝගයක් ගෙන ආ FIFA විසින් පසුව ඔවුන් විසින් ලබා දුන් කොන්දේසි සපුරාලීමට FFSL සමත් වීම නිසා මෙම තහනම ඉවත් කර ගැනීමට තීරණය කළ බවයි මෙම ලිපියේ සඳහන් වන්නේ. 

මෙහි දී තහනම පැනවීමෙන් පසු FIFA කොන්දේසි අනුව නිසි නිලවරණයක් වෙනුවෙන් විධිමත් පියවර ලබා ගැනීම සහ පසුගිය අගෝස්තු 14 දින FFSL සාමාජිකයින් තුනෙන් දෙකක බහුතරයක් සමඟ මහා සභා රැස්වීමක් පවත්වමින් නිලවරණය වෙනුවෙන් සැලසුම් සකස් කිරීම වැනි කරුණු කිහිපයක් ම පදනම් කර ගත් බවයි FIFA ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ. 

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර පාපන්දු පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<