නවසීලන්තයේ දී ඉන්දීය විස්සයි විස්ස වාර්තා පොත අලුත් වෙයි

ඉන්දීය කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය 2020

87

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර හැමිල්ටන් හිදී අද (29) දින පැවති තෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගය ලකුණු සමවීමෙන් අවසන් විය. නමුත් පසුව පැවති සුපිරි පන්දුවාරය ජයගත් ඉන්දියාව තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තවත් තරග 2ක් තිබියදීම තරග 3-0ක් ලෙස ජයගැනීමට සමත් විය.

කොදෙව් ක්‍රිකට් බැබළවූ ‘සුපිරි පූසා’ ක්ලයිව් ලොයිඩ්

1966 වසරේ නොවැම්බර් 28 වෙනිදා අලුයම 2.30ට බොම්බායේ සැන්ටා කෲස් ගුවන්තොටුපොළෙන් …

එය ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමක් ඔවුන්ගේ ක්‍රිකට් ඉතිහාසය තුළ නවසීලන්තයේ දී නවසීලන්තයට එරෙහිව වාර්තා කළ පළමු විස්සයි විස්ස තරගාවලි ජය ලෙස ඉතිහාසගත වීම සුවිශේෂී විය. 

සුපිරි ඕවරයේ ජයග්‍රහණය සඳහා ලකුණු 18ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ඉන්දියාවට අවසන් පන්දුවේ දී ජයග්‍රහණය කරා යෑමට අවස්ථාව හිමි වූයේය. පන්දුවට පහර දීමට රෝහිත් ශර්මා සහ ලෝකේෂ් රාහුල් පිටියට පිවිසි අතර පන්දු යැවීමට ටිම් සවුති පැමිණියේය. 

පළමු පන්දුවේ දී ලකුණු 2ක් රැස්කර ගත් ශර්මා දෙවැනි පන්දුවේ දී එක් ලකුණක් සඳහා පැති මාරු කර ගත්තේය. තෙවැනි පන්දුවට හතරේ පහරක් එල්ල කළ ලෝකේෂ් රාහුල් තෙවැනි පන්දුවේ දී නැවතත් ලකුණක් සඳහා පැති මාරු කර ගැනීම නිසා අවසන් පන්දු දෙකේ දී ජයග්‍රහණය සඳහා ඉන්දියාවට ලකුණු 10ක් අවශ්‍ය විය. 

තරගයේ තීරණාත්මක පස්වැනි පන්දුවේ දී දැවැන්ත හයේ පහරක් එල්ල කළ ශර්මා අවසන් පන්දුවේ දී Long Off කළාපයට ඉහළින් නැවතත් හයේ පහරක් එල්ල කරමින් ඉන්දියාව මේ සුපිරි ජයග්‍රහණය කරා රැගෙන ගියේය. 

අවසන් වරට පන්දුවට පහර දෙමින් සිටි කණ්ඩායමට සුපිරි පන්දුවාරයේ දී පළමු පන්දුවට පහර දීමට අවස්ථාව හිමිවන අතර ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය පන්දුවාරය අවසානයේ දී ලකුණු 17ක් රැස්කර ගැනීමට සමත් විය. 

එහිදී නායක කේන් විලියම්සන් සහ මාර්ටින් ගප්ටිල් පන්දුවට පහර දීමට පිටියට පිවිසි අතර එම පන්දුවාරය ක්‍රියාත්මක කිරීම සඳහා නායක කෝලි අවස්ථාව ලබා දුන්නේ ඔවුන්ගේ අංක 1 පන්දු යවන්නා වන ජස්ප්‍රීට් බුම්රා වෙතයි. 

අමුතු එක්දින තරගයේ දී හයේ පහර 48යි; හතරේ පහර 70යි

බංග්ලාදේශයේ පැවැත්වෙන දෙවන පෙළ එක්දින ක්‍රිකට් තරගයක දී කණ්ඩායම් ද්විත්වයම එක්ව…

තරගයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කළ විලියම්සන් තරගාවලියේ තවදුරටත් රැඳී සිටීම වෙනුවෙන් පැවැත්වෙන මෙම තීරණාත්මක තරගයේ දී පළමුව පන්දු යැවීමට තීරණය කළේය.එම ආරාධනය පිළිගත් ඉන්දියාව සිය නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 179ක් රැස්කර ගැනීමට සමත් විය. 

සිය ජයග්‍රහණය සඳහා පන්දුවාර 20කදී ලකුණු 180ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි නවසීලන්තයට පන්දුවාර සියල්ලම අවසානයේ දී කඩුලු 6ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 179ක් පමණි. 

ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවාරයේ දී ලකුණු 9ක් වාර්තා කර ගැනීමට නවසීලන්තයට අවශ්‍ය වූ නමුත් එම පන්දුවාරය ලකුණු 8කට සීමා කිරීමට දකුණතින් වේගපන්දු යවන මොහොමඩ් ශමී සමත් විය. පළමු පන්දුවේ දී ලකුණු 6ක් වාර්තා කළ රොස් ටේලර් දෙවැනි පන්දුවේ දී ලකුණක් සඳහා පැති මාරු කර ගත්තේය. තෙවැනි පන්දුවට පහරක් එල්ල කරමින් කඩුලු රකින්නාගේ හිසට ඉහළින් යැවීමට කේන් විලියම්සන් උත්සහ කළද ඉතා අවාසනාවන්ත ලෙස උඩ පන්දුවක් ලෙස කඩුලු රකින්නා රැක ගැනීමත් සමඟින් ඔහුට දැවී යාමට සිදුවිය. සෙයිෆර්ට් හට සිවුවැනි පන්දුවේ දී ලකුණක් වාර්තා කර ගැනීමට නොහැකි වූ අතර නැවත වතාවක් පිත්තේ නොවැදුනු පස්වැනි පන්දුව කඩුලු රකින්නා වෙත යන විට පැති මාරු කර ගැනීමට පිතිකරුවන් දෙදෙනා සමත් වූහ. 

කෙසේ නමුත් ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවේ දී එක් ලකුණක් පමණක් රැස්කර ගැනීමට නියමිතව තිබුන ද ටේලර්ගේ පිත්තේ ඇතුළත දාරයේ වැදුනු පන්දුව කඩුල්ලේ වැදීම නිසාවෙන් තරගය ලකුණු සමවීමෙන් අවසන් විය. එහි සම්පූර්ණ ගෞරවය හිමි විය යුත්තේ අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කළ ශමී වෙතයි. 

නවසීලන්තය වෙනුවෙන් ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ නායක විලියම්සන් සිය විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ 11 වන අර්ධ ශතකය වාර්තා කර ගත්තේය. ඔහු පන්දු 48කදී හයේ පහර 6ක් සහ හතරේ පහර 8ක් සමඟින් ලකුණු 95ක් රැස්කර ගෙන සිටිය දී අවසානාවන්ත ලෙස කඩුලු රකින්නා වෙත ලබා දුන් උඩපන්දුව හේතුවෙන් ශතකය පෙනෙන මානයේ සිටියදී දැවී ගියේය. මාර්ටින් ගප්ටිල් පන්දු 21කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 2ක් සමඟින් ලකුණු 31ක් රැස්කර ගැනීමට සමත් විය. 

යොවුන් ක්‍රීඩක ශර්දුල් තාකූර් ලකුණු 21කට කඩුලු 2ක් සහ ශමී ලකුණු 32කට කඩුලු 2ක් දවා ගනිමින් ඉන්දියාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ. 

ඉන්දීය ලකුණු සටහන සඳහා වේගවත් ආරම්භයක් ලබාගත් ශර්මා සහ රාහුල් පළමු කඩුල්ල සඳහා පන්දු 54කදී ලකුණු 89ක සුපිරි සම්බන්ධතාවයක් ගොඩනැගූහ. පන්දු 40කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 6ක් සමඟින් ලකුණු 65ක් රැස්කර ගැනීමට ශර්මා සමත් වූ අතර එය ඔහුගේ ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ වාර්තා කළ විසිවැනි අර්ධ ශතකය විය. පන්දු 19කදී හයේ පහරක් සහ හතරේ පහර 2ක් සමඟින් ලකුණු 27ක් රැස්කර ගැනීමට ලෝකේෂ් රාහුල් සමත් විය. 

දකුණු අප්‍රිකාවට තරගයට අමතරව ප්‍රසාද ලකුණු 6කුත් නැති වෙයි

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ දකුණු අප්‍රිකානු කණ්ඩායම ලබාගෙන…

පන්දු 27කදී හයේ පහරක් සහ හතරේ පහර 2ක් සමඟින් ලකුණු 38ක් රැස්කළ නායක විරාට් කෝලි ඉන්දීය ලකුණු පුවරුව තවදුරටත් ඉහළ දැමීමට සමත් වූයේ ඔවුන්ගේ මැදපෙළ සවිමත් කරමිනි. 

පිතිකරුවන්ගේ දැඩි ප්‍රහාරයට ලක්වූ හමීෂ් බෙනට් සිය නියමිත පන්දුවාර 4 තුළදී ලකුණු 54ක් ලබා දුන් නමුත් කඩුලු 3ක් දවා ගත්තේය. තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ රෝහිත් ශර්මායි. 

ඉන්දියාව : 179/5 (20) රෝහිත් ෂර්මා 65, විරාට් කෝලි 38, ලෝකේෂ් රාහුල් 27, හමිෂ් බෙනට් 3/54. 

නවසීලන්තය : 179/6 (20) කේන් විලියම්සන් 95, මාර්ටින් ගප්ටිල් 31, ශර්දුල් තාකූර් 2/21, මොහොමඩ් ශමී 2/32. 

දෙරට අතර පැවැත්වෙන සිව්වන විස්සයි විස්ස තරගය මෙම මස 31 වැනිදා වෙලින්ටන් හිදී පැවැත්වේ. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<