FIFA වෙතින් ශ්‍රී ලංකා පාපන්දු ලෝලීන්ට සුබ ආරංචියක්

2026 FIFA World Cup Qualifiers

1047
2026 FIFA World Cup Qualifiers

මෙම වසරේ ඔක්තෝබර් 12 සහ 17 දිනවල දී පැවැත්වීමට නියමිත 2026 පාපන්දු ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරග සඳහා සහභාගී වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දීමට FIFA විසින් තීරණය කර තිබෙනවා.

මෙම වසරේ ජනවාරි 21 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) මඟින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට තහනමක් පැනවූ අතර, එම නිසා ශ්‍රී ලංකාවට එළඹෙන පාපන්දු ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන තරග සඳහා සහභාගී වීමට අවකාශය අහිමි වීමේ අවදානමක් ද මතු වුනා.

නමුත් ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරග පැවැත්වීමට නියමිත ඔක්තෝබර් 12 සහ 17 දින වලට අවම වශයෙන් දින දහයකට පෙර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) නිලවරණය පැවැත්වීමේ කොන්දේසිය මත ශ්‍රී ලංකාව ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරග වෙත ඇතුළත් කර ගැනීමට FIFA සහ AFC (ආසියානු පාපන්දු සම්මේලනය) විසින් තීරණය කර තිබෙනවා.

නමුත් මෙම කොන්දේසිවලට අනුව කටයුතු සිදු නොවුනහොත් ශ්‍රී ලංකාවට මෙම සුදුසුකම් ලබා ගැනීමේ තරග සඳහා සහභාගී වීමේ අවස්ථාව අහිමි වනු ඇති බවටත් ඔවුන් විසින් අනතුරු අඟවා තිබෙනවා.

දිනෙන් දින උණුසුම් වන පාපන්දු පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<