IPL විදෙස් ක්‍රීඩකයින්ට නිරෝධායනය අනිවාර්ය නැහැ!

275
(DNA India)

IPL තරගාවලියට සහභාගී වන විදෙස් ක්‍රීඩකයින් නිරෝධායනය වීම අත්‍යවශ්‍ය නොවන බව තීරණය කර තිබෙනවා. එමෙන්ම ජෛව ආරක්‍ෂිත බුබුළට ඇතුළු වන කණ්ඩායම්වල අයිතිකරුවන් හා ක්‍රීඩකයින්ගේ පවුල් එම බුබුළේ නීති රීති කඩ කළහොත් ඔවුන්ට ද දඬුවම් ලබා දීමට තීරණය කර තිබෙනවා. 

එළඹෙන මාසයේ දී පැවැත්වීමට නියමිත IPL තරගාවලියේ ඉතිරි කොටස ගැන දැනුවත් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ පිළිබඳ සඳහන්ව තිබුණා.

ජෛව ආරක්‍ෂිත බුබුළ බිඳී ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට COVID-19 වයිරසය වැළඳීම නිසා පසුගිය අප්‍රේල් මාසයේ දී IPL තරගාවලිය අතරමග නතර කර දමන්නට තරගාවලි සංවිධායකයින්ට සිදු වුනා. 

තරගාවලියේ ඉතිරි කොටස එළඹෙන සැප්තැම්බර් 19 වැනිදා සිට එක්සත් අරාබි එමීර් හිදී පැවැත්වීමට නියමිතයි. තරගාවලිය නැවත ආරම්භ කරමින්  Chennai Super Kings හා Mumbai Indians අතර තරගය ක්‍රීඩා කිරීමට සැලසුම් කර තිබෙනවා.  

“ජෛව ආරක්‍ෂිත බුබුළේ නීති කඩ කළහොත් කණ්ඩායම්වල හිමිකරුවට හා ඔවුන්ගේ පවුල්වලටත් විනය ක්‍රියාමාර්ග ගන්නට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා”, යැයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කළ නිවේදනයක සඳහන් වූ බව Hindustan Times වාර්තා කරනවා.

තවත් ක්‍රිකට් පුවත්:

එම නව නීති රීති වලට අනුව සියලු කණ්ඩායම්වල සාමාජිකයින් සිය රටවලින් ගුවන්ගත වීමට පැය 72කට පෙර PCR පරීක්ෂණයකට භාජනය විය යුතුයි. එමෙන්ම එම පරීක්ෂණයෙන් අනතුරුව ගුවන්ගත වන තුරුම ඔවුන් නිරෝධායනය විය යුතු ද වෙනවා.

“එම PCR වාර්තාව සෘණාත්මක නම් ඔවුන්ට IPL තරගාවලිය සඳහා ගුවන්ගත විය හැකියි”, මේ නව නීති රීති අනුව ක්‍රීඩකයින්ට නිරෝධායනය අනිවාර්ය වන්නේ නැහැ.

“ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා පාකිස්තානයේ සිට පැමිණෙන පුද්ගලයින්ගේ PCR වාර්තා තහවුරු කර ගැනීමට එම වාර්තාවේ අදාළ බලධාරීන්ගේ QR කේතය ද අනිවාර්යයෙන් අඩංගු විය යුතුයි.”

“යම්කිසි හේතුවක් මත ජෛව ආරක්‍ෂිත බුබුළ හැර යන්නේ නම් නැවත බුබුළට ඇතුළත් වීමට නම් දින 6ක් නිරෝධායනයේ සිටිය යුතු වෙනවා. එමෙන්ම සෘණාත්මක PCR වාර්තා 3ක් ද ලැබිය යුතුයි.”

Hindustan Times ඇසුරෙන්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<