2022 T20 ලෝක කුසලානයේ වැඩි අවධානයක් දිනූ පස්දෙනා

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

2307
Feature Article of 5 top players to watch out for at T20WC 2022

ජගත් ක්‍රිකට් කවුන්සලයේ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ඕස්ට්‍රේලියාවේ සත්කාරකත්වයෙන් ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල දී පැවැත්වීමට නියමිතයි.

මෙයට සහභාගි වන සෑම ජාතික කණ්ඩායමක්ම දැන් උත්සුක වන්නේ ඔවුන් ජයග්‍රහණය කරා ගෙන යාම සඳහා දැඩි බලපෑමක් ඇති කළ හැකි ක්‍රීඩකයන් සෙවීමටයි.

විස්සයි විස්ස යනු ක්‍රිකට් ක්‍රීඩාවේ කෙටිම ආකෘතිය වන අතර එය පන්දුවාර කිහිපයක් ඇතුළත ඕනෑම කණ්ඩායමක වාසියට හැරෙන ක්‍රීඩාවක්. ඒ අනුව කණ්ඩායම්වලට අවශ්‍යව තිබෙන්නේ තරගයේ තීරණාත්මක මොහොත සමඟ සාර්ථකව ගැටෙමින් තරග ජයග්‍රහණය කළ හැකි ක්‍රීඩකයින්.

ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දීප්තිමත් කරවන සුපිරි ක්‍රීඩකයන් කවුද? තරගාවලියේ වැඩි අවධානයක් යොමු කළ යුතු පෙරමුණේ සිටින ක්‍රීඩකයන් පස් දෙනා පිළිබඳ සටහනක් මේ.

වනිඳු හසරංග (ශ්‍රී ලංකාව)

ඉන්දීය ප්‍රිමියර් ලීගයේ (IPL) වැඩි දෙනාගේ කතාබහට ලක්වූ ක්‍රීඩකයෙක් වනිඳු හසරංග. Royal Challengers Bangalore කළමනාකාරිත්වය IPL 2022 වෙන්දේසිය ආරම්භයේ දී ම වනිඳු වෙනුවෙන් 10.75 Crores මුදලක් වැය කිරීම ට තීරණය කළා. එහෙත් තමා යැවූ සෑම පන්දුවකින්ම මේ ක්‍රීඩකයා ඔප්පු කර තිබෙන්නේ ඔහු වෙනුවෙන් තබන ලද ඒ වටිනාකමේ ලේබලය ඉතාමත් නිවැරදි බවයි.

වනිඳු විවිධත්වයකින් යුත් පන්දු යවන්නෙක්. ඔහු වැඩිපුර යවන පන්දුව හා ඔහුගේ ‘ගුග්ලි‘ පන්දුව වෙන් කර ගැනීම අසීරු ක්‍රියාවක්. Flipper නමින් හඳුන්වන පන්දු යැවීමක් ද ඔහු සතුව තිබෙනවා.

සමහර අවස්ථාවල දී ඔහු ගුවනේ දී ම පිතිකරුවා පරාජය කළ බවක් පෙනෙනවා. වනිඳු ජගත් ක්‍රිකට් කවුන්සලයේ ඉතාමත් ඉහළ අගැයීමට ලක්ව සිටින ක්‍රීඩකයෙක්. අපහසුතා මැද නැගී සිටීමට වෙර දරන ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා වන ‘වෙනසේ මුහුණත‘ වනිඳු හසරංගයි. එය, කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන වැනි පුරාවෘත්ත ක්‍රීඩකයන් නික්ම යාමෙන් පසුව බරපතළ ලෙස කඩා වැටුනු කණ්ඩායමක් වූවත් දැන් ඔවුන්ගෙන් දිස්වන්නේ යළි නැඟී සිටීමේ මායිම වෙත පිවිස සිටින බවක්.

Shaheen Shah Afridi (පාකිස්තානය)

වර්තමානයේ සිටින හොඳම සුදු-පන්දුවේ පන්දු යවන්නා Shaheen Shah Afridi බවට සැකයක් නැහැ. ඔහු 2018 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ ක්‍රීඩා කළ Shubman Gill සහ Prithvi Shaw යන ක්‍රීඩක ගොන්නට අයත් කෙනෙක්. Afridi ඉක්මනින්ම ජාතික කණ්ඩායමට ඇතුළත් කර ගනු ලැබුවේ Mohammad Amir සහ Hasan Ali වැනි පන්දු යවන්නන්ගේ දක්ෂතා පහළ බැස තිබූ අවධියේ. එතැන් සිට Afridi ක්‍රිකට් ලෝකයට පිවිස සිටින්නේ කුණාටුවක් ලෙසින්.

පසුගිය විස්සයි විස්ස ලෝක කුසලානයේ ඉන්දියාවට එරෙහි තරගයේ දී ඔහුගේ දස්කම් Afridiගේ ධෛර්යය සහ උත්සාහවන්තකම තහවුරු කිරීමට ප්‍රමාණවත්. ඔහුගේ in-swinging පන්දු ඉන්දියා මුල් පිතිකරු පෙළ අන්දමන්ද කිරීමට සමත් වුනා.

ඔහුගේ මේ විශිෂ්ට පන්දු යැවීම ඉදිරියේ KL Rahul සහ  Rohit Sharma ඉතාමත් අසරණ වුනා. Afridi වඩාත් භයානක ක්‍රීඩකයෙක් බවට පත්වන්නේ ඔහු නොවෙනස්ව පැයට කිලෝ මීටර 145ක වේගයෙන් පන්දු යවන බැවින්.

Suryakumar Yadav (ඉන්දියාව)

ඉන්දියානු ‘Mike Hussey‘ ලෙසින් හැඳින්වෙන Suryakumar Yadav සතුව ඉන්දියා කණ්ඩායමට සහ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට ලබා දිය හැකි බොහෝ දේ තිබෙනවා.

ඔහු ජාතික කණ්ඩායමට ඇතුළත් කර ගනු ලැබුවේ බොහෝ ප්‍රමාද වී ඔහුගේ වයස අවුරුදු 30 දී වීම ඉතාමත් අවාසනාවන්ත කරුණක් වූව ද, එයින් ඕනෑම වර්ගයක ක්‍රිකට් ක්‍රීඩාවකට ඔහුගේ තිබෙන දක්ෂතාව යටපත් වන්නේ නැහැ.

IPL තරගාවලියේ පසුගිය වසර 3 සිට 4 දක්වා ම ඔහු කැපී පෙනෙන ක්‍රීඩකයෙකු බවට පත්ව සිටිනවා. ඔහු සෑම තරග වාරයක දී ම දිගට ම ලකුණු 400 සිට 500 දක්වා රැස්කර තිබෙනවා. Suryakumarට ඉන්දීය නායක රෝහිත් ෂර්මාගේ උපකාරය ද ලැබී තිබෙනවා. Suryakumar 2021 ලෝක කුසලාන කණ්ඩායමට තෝරා ගනු ලැබුව ද, ඔහුට එහි දී ලැබුණේ සීමිත අවස්ථාවන් ප්‍රමාණයක්. එය ද සාමාන්‍ය කණ්ඩායම්වලට එරෙහිවයි.

ඉහළට නැගීමේ Suryakumarගේ කාලය දැන් පැමිණ තිබෙන අතර එම දුර යාමට අවශ්‍ය ශක්තිය සහ හැකියාව ඔහුට තිබෙනවා. Mumbai Indians වෙනුවෙන් ලොකු තරග ඔහු ජය ගෙන තිබෙනවා. ඉන්දියා කණ්ඩායම වෙනුවෙනුත් ඒ හා සමාන කාර්යයක් ඉටු කිරීමට ඔහුට දැන් වෙලාව ඇවිත්. Suryakumarට අංශක 360කට කැරකෙමින් පිතිහරඹයේ යෙදෙන්න පුළුවන්. ඔහු සතුව ප්‍රසිද්ධ Cover drive පහරක් තිබෙන අතර කෙටි-පන්දුව සමඟ ඔහු සාර්ථකව ගනුදෙනු කරනවා.

Liam Livingstone (එංගලන්තය)

ක්‍රිකට් ක්‍රීඩාවේ කෙටිම ඉසව්වේ සම්පූර්ණ පැකේජයකි Liam Livingstone. ඔහු තරුණ ක්‍රීඩකයන්ට හොඳ පරමාදර්ශයක්. Livingstone කණ්ඩායම් ක්‍රීඩකයෙක්. පිතිකරු පෙළේ ඉහළින් කඩුල්ලට පිවිස තරගය අවසන් කරන්නෙකු ලෙස ක්‍රීඩා කිරීමට ඔහු සමර්ථයෙක්.

වමත් පිතිකරුවන්ට පිට දඟපන්දුත්, දකුණත් පිතිකරුවන්ට පා දඟපන්දුත් යැවීමේ දක්ෂතාව තිබෙන මේ ක්‍රීඩකයාගේ පන්දු රැකීමත් තිබෙන්නේ  ඉතා උසස් මට්ටමක. Livingstone ලොව පුරා විස්සයි විස්ස ක්‍රීඩාවේ සිටින ඉහළම ඝනයේ නිදහස් ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඔහු, ඔහුගේ හයේ පහර ගැසීමේ හැකියාව අලුත් මට්ටමකට ගෙනැවිත් තිබෙනවා.

2022 IPL තරගාවලියේ ඉහළින් ම වාර්තා වී තිබෙන දිග ම හයේ පහර 10 ලැයිස්තුවේ Livingstoneගේ නම පස් වතාවක් සඳහන් වෙනවා. එබැවින් ඔහුගේ හයේ පහරවල් සාමාන්‍ය ඒවා නොව යෝධ හයේ පහරවල්.

ඔහුගේ හයේ ප්‍රහාරවලට පන්දු යවන්නෙකුගේ විශ්වාසය පළුදු කිරීමේ හැකියාව තිබෙනවා. කෙසේ වෙතත් එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ Livingstoneට වඩාත් ම ගැළපෙන පිතිකරණ ස්ථානය වන්නේ අංක 4 හෝ අංක 5 විය හැකියි. එංගලන්තය මෑත වසරවල දී ක්‍රීඩා කරමින් සිටින ‘Slam-bang‘ ශෛලියේ ක්‍රිකට්වලටත් Livingstone හොඳ තානාපතිවරයෙක්.

Mitchell Marsh (ඕස්ට්‍රේලියාව)

මෑත කාලය තුළ වැඩියෙන් ම දියුණුවට පත්වූ ක්‍රිකට් ක්‍රීඩකයෙකි Mitchell Marsh. වැඩි දියුණුව අතින් Mitchell තරමට කිට්ටු වන තවත් ක්‍රීඩකයෙක් ඇත්නම් ඒ ඉන්දියාවේ Deepak Hooda.

එහෙත් Mitchell දැනටමත් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් විස්සයි විස්ස ලෝක කුසලානයක් දිනා ගෙන තිබෙනවා. ඔහු තම කණ්ඩායම සඳහා එම කිරුළ රැක ගැනීමට මෙවරත් උනන්දුවෙන් පසුවෙනවා.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසාන මහා තරගයේ ඔහුගේ රංගනය කිසිදා අමතක වෙන්නේ නැහැ. Mitchell යනු තරගයක ලොකු ක්‍රීඩකයෙක්. ඔහු ‘උත්සවයට‘ පැමිණෙන්නේ අවශ්‍යතාව වැඩියෙන් ම මතුව තිබෙන මොහොතේ.

Mitchell පසුගිය කාලයේ පිටියට එන යන ක්‍රීඩකයෙකුව සිටියත් අවස්ථාව ලද සැණින් ඔහු තරගයේ ප්‍රතිඵලයට බලපෑමක් ඇති කරන ක්‍රීඩකයෙක් බවට පත්වුනා. Delhi Capitals වෙනුවෙන් මෑතක දී ඔහු ලකුණු 89ක් සහ ලකුණු 50ට වැඩි ප්‍රමාණයක් රැස් කිරීම විශේෂත්වයක් වූ අතර ඔහු එම කණ්ඩායමට පසුගිය තරග දෙකේ දී තනි අතින් ජයග්‍රහණ ලබා දීමට සමත් වුනා.

පිතිකරු පෙළේ Mitchellට සුදුසු ම තැන අංක 4 හෝ අංක 3 යි. ඊට පහළින් ඔහුට ‘බැට්‘ කරන්න බැහැ. Shane Watson වෙනුවට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ආදේශ කර තිබෙන මේ ක්‍රීඩකයා Watsonව පාවිච්චි කළ ආකාරයෙන් ම යොදා ගත යුතු වෙනවා.

මෙහි ඇතුළත් වන්නේ ලියුම්කරු විසින් තෝරාගත් හොඳම ක්‍රීඩකයින් 5 දෙනයි. ඔබට අනුව මෙම ලැයිස්තුවට ඇතුළත් නොවූ හොඳම ක්‍රීඩකයින් කවුරුන් ද? පහළින් Comment කරන්න.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<