ලුම්බිණි විද්‍යාලයීය ක්‍රිකට් දස්කම් සොයා ගිය ගමනේ ශූරයින් කිරුළු පළඳියි

ලුම්බිණි විද්‍යාලයීය Talent Search ක්‍රිකට් තරගාවලිය 2023

591

ලුම්බිණි විද්‍යාලයේ සිටින දක්ෂ ක්‍රීඩකයින් කල් තියාම හඳුනා ගැනීම වෙනුවෙන් එම විද්‍යාලයේ කනිෂ්ඨ දෙමව්පිය ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ‘Talent Search ක්‍රිකට් තරගාවලිය” පසුගිය ඉරිදා (05) කොළඹ මැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා.

එහි දී Lumba Falcons සහ Lumba Super XI පිළිවෙළින් 15න් පහළ සහ 13න් පහළ වයස් කාණ්ඩ දෙකේ ශූරතා දිනා ගන්නට සමත් වුනා.

ලුම්බිණි විද්‍යාලයේ අනාගත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය වෙනුවෙන් ක්‍රීඩකයින් ආයෝජනය කිරීමට සහ ඔවුන් කල් තියා හඳුනා ගැනීම වෙනුවෙන් ඉතාමත් හොඳ පිටිවහලක් වුනු මේ තරගාවලිය ජනවාරි 31 වැනිදා සිට පෙබරවාරි 5 වැනිදා දක්වා කොළඹ පිහිටි ක්‍රීඩාංගණ තුනක දී (පිළියන්දල මහජන ක්‍රීඩාංගණය, මැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය, සහ වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගණය) ක්‍රියාත්මක වුනා.

වයස අවුරුදු 13න් පහළ සහ 15න් පහළ වයස් කාණ්ඩ දෙක යටතේ ක්‍රීඩකයින් 166 දෙනෙක් පමණ සහභාගී වුනු මේ තරගාවලියට එක් වයස් කාණ්ඩයකින් කණ්ඩායම් 6 බැගින් වයස් කාණ්ඩ දෙකෙන් කණ්ඩායම් 12ක් තරග වැදුණා.

>>Photos – Talent Search Cricket Tournament for Junior Cricketers in Lumbini College 2023<<

වයස අවුරුදු 13න් පහළ මූලික වටය අපරාජිතව අවසන් කළ Lumba Falcons සහ මූලික වටයේ තරග 4ක් ජය ගත් Lumba Super XI එහි අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.

අවසන් මහා තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් Lumba Falcons නියමිත පන්දුවාර 20 තුල දී කඩුලු 4ක් දැවී ලකුණු 104ක් ලබා ගත්තා. එයට පිළිතුරු දුන් Lumba Super XI පන්දුවාර 16ක් තුල කඩුලු 3ක් දැවී සිය ඉලක්කය පසු කර ගියා.

ඒ අනුව අපරාජිතව පැමිණි Lumba Falcons පරාජය කරමින් කඩුලු 7ක ජයක් ලබා ගත් Lumba Super XI 13න් පහළ කොටසේ ශූරතාවය දිනා ගත්තා.

එම වයස් කාණ්ඩයේ දක්ෂතම පිතිකරු ලෙස Lumba Falcons ක්‍රීඩක දිනෙත් ආකාශ් සම්මාන දිනා ගන්නා විට, දක්ෂතම පන්දු යවන්නා සහ දක්ෂතම පන්දු රකින්නාට හිමි සම්මාන පිළිවෙළින් තරුෂ ලූටස් (Lumba Falcons) සහ සහන් රසාංජන (Lumba Riders) විසින් දිනා ගත්තා. Lumba Super XI ක්‍රීඩක හෙවොන් නෙත්මිර එහි තරගාවලියේ වීරයා ලෙස තේරී පත්වුනා.

15න් පහළ තරගාවලියේ අවසන් මහා තරගය සඳහා Lumba Falcon සහ Lumba Dragon යන කණ්ඩායම් දෙක සුදුසුකම් ලබා ගත්තේ මූලික වටයේ තරග 4 බැගින් ජයගෙනයි. අවසන් මහා තරගයේ දී Lumba Falcon ලකුණු 196ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම හඹා ගිය Lumba Dragon නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 5ක් දැවී ලබා ගත්තේ ලකුණු 165ක් පමණයි.

ඒ අනුව ලකුණු 34ක ජයක් ලබා ගත් Lumba Falcon 15න් පහළ කොටසේ ශූරතාවය දිනා ගන්නට සමත් වුනා.

15න් පහළ තරගාවලිය පුරාවට ලකුණු 533ක් ලබා ගත් Lumba Falcons කණ්ඩායමේ අදීශ මැක්ස්වෙල් 15න් පහළ තරගාවලියේ දක්ෂතම පිතිකරු, දක්ෂතම පන්දු රකින්නා සහ තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තා.

Lumba Falcons වෙනුවෙන් කඩුලු 12ක් දවා ගත් දකුණතින් පිට දඟපන්දු යවන ක්‍රීඩක ලොනිත මෙත්මල් එම වයස් කාණ්ඩයේ දක්ෂතම පන්දු යවන්නා ලෙස සම්මානයට පාත්‍ර වුනා.

වයස අවුරුදු 13න් පහළ තරගාවලිය

වැඩිම ලකුණු ලාභීන්

  • දිනෙත් ආකාශ් (Lumba Falcons) – ලකුණු 199
  • දිනාල් ආධිත්‍ය (Lumba Super XI) – ලකුණු 191
  • හෙවෝන් නෙත්මිර (Lumba Super XI) – ලකුණු 157

වැඩිම කඩුලු ලාභීන්

  • තරුෂ ලූටස් (Lumba Falcons) – කඩුලු 12
  • ඉමන්ජිත් හසරැල් (Lumba Wings) – කඩුලු 11
  • පවීෂ කශ්මික (Lumba Riders) – කඩුලු 9

වයස අවුරුදු 15න් පහළ තරගාවලිය

වැඩිම ලකුණු ලාභීන්

  • අදීශ මැක්ස්වෙල් (Lumba Falcons) – ලකුණු 533
  • ලකිල ලශීෂ (Lumba Lions) – ලකුණු 257
  • එසඳ බිනෝද්‍ය (Lumba Super XI) – ලකුණු 217

වැඩිම කඩුලු ලාභීන්

  • ලෝනිත මෙත්මල් (Lumba Falcons) – කඩුලු 12
  • සිතුම් සංජය (Lumba Gladiators) – කඩුලු 9
  • සනිරු මින්දීර් (Lumba Dragons) – කඩුලු 8

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<