එගොඩඋයන එක්සත් ක්‍රීඩා සමාජය (EUSC) විසින් නොකඩවා දෙවැනි වරට සංවිධානය කරනු ලබන EUSC T10 Bash ක්‍රිකට් තරගාවලිය මේ මස 11, 12 සහ 18 යන තෙදින පුරාවට මොරටුව ද සොයිසා අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
කණ්ඩායම් 8ක සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත මේ තරගාවලියේ ශූරතාවය දිනා ගන්නා කණ්ඩායම සඳහා ශූරතා කුසලානයට අමතරව මුදලින් රුපියල් 100,000ක් ලබා දෙන අතර එහි අනුශූරතාවය දිනා ගන්නා කණ්ඩායමට අනුශූරතා කුසලානයට අමතරව මුදලින් රුපියල් 75,000ක් ලබා දීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.
- Afridiගේ දියණිය සමඟ Shaheen Afridi විවාහ වේ
- දෙව්මි විහංඟා ලෝක කුසලානයේ හොඳම ක්‍රීඩිකාවන් අතරට
- ජාතික සුපර් ලීග් සිව්දින පිටියට වර්ෂාව හරස් වෙයි
- ඉන්දීය යොවුන් පිතිකරුවා Kohliගේ වාර්තාවක් බිඳ හෙළයි
- චන්ද්‍රගුප්තගෙන් සටන්කාමී අර්ධ ශතකයක්
ඊට අමතරව තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා, දක්ෂතම පිතිකරු, දක්ෂතම පන්දු රකින්නා සහ තරගාවලියේ වීරයා සම්මාන ලබාගන්නා ක්‍රීඩකයින් හට මුදලින් රුපියල් 15,000 බැගින් ත්‍යාග සහ කුසලාන ලබා දීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
පළමු වරට ගිය වසරේ පැවති මෙම තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට EUSC කණ්ඩායම සමත් වුනා.
මෙවර තරගාවලියේ සඳහා සහභාගී වන කණ්ඩායම්,
- Eusc Club
- Joy Cricket Club
- Old Thomian Shark
- Schools Of Cricket Panadura
- Old Susumians Cricket Club
- Old Mahanams Cricket Club
- Challengers Sport Club
- Power House Sports Club
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<