හිටපු දකුණු අප්‍රිකා නායකයාට සැත්කමක්

1101
Faf du Plessis set to undergo elbow surgery

වසර දෙකක පමණ කාලයක් තිස්සේ වැළමියේ වේදනාවකින් පීඩා විදීමෙන් අනතුරුව එම ආබාධය සඳහා සැත්කමක් සිදු කිරීමට දකුණු අප්‍රිකානු හිටපු නායක Faf du Plessis තීරණය කර තිබෙනවා. 

ඔහු දීර්ඝ කාලයක් මෙම ආබාධය නිසා පීඩා විදි අතර වේදනා නාශක බෙහෙත් සහ එන්නත් ලබා ගනිමින් ඔහු ක්‍රීඩා කර තිබුණා. 

මේ දිනවල පැවැත්වෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වෙමින් සිටි ඔහු එම තරගාවලිය අතරමැද මෙම සැත්කම සඳහා පිටත්ව තිබෙන අතර ඔහු St. Lucia Kings කණ්ඩායමට ක්‍රීඩා කරමින් ඉනිම් තුනක් තුළ ලකුණු 112ක් රැස් කළා. 

“මට තරගාවලියේ ප්‍රතිඵල ගැන සතුටුයි, ඒත් තරගාවලියේ හොඳම කොටස අතරමැද යන්න වෙන එක ගැන ගොඩක් කනගාටුයි. මෙම ආබාධය නිසා මම අවසන් වසර දෙකක කාලය පුරාවට ක්‍රීඩා කරන එක ඉතා අභියෝගයක් වුනා. 

මම මගේ සිරුරට එන්නත් බොහෝ ප්‍රමාණයක් අරගෙනයි ක්‍රීඩා කළේ. තවත් එහෙම ක්‍රීඩා කරන එක මට හොඳ දෙයක් නෙවෙයි. ඒකයි මට මේ සැත්කම සඳහා යන්න වෙන්නේ. මේක මම කැමති දෙයක් නොවුනත් ඒක කරන්න කාලය ඇවිත්,” යැයි Faf du Plessis ප්‍රකාශ කළා.  

පසුගිය වසර කිහිපය පුරාවට විස්සයි විස්ස ලීග් පිටියේ ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වූ Faf du Plessis ලොව පුරා තිබෙන විශාල ලීග් තරගාවලිවල ආරම්භක පිතිකරුවෙකු ලෙස ඉහළ දස්කම් පෙන්නුම් කළා. නමුත් ඒ සෑම අවස්ථාවක දී ඔහුගේ උපරිම දස්කම් දැක්වීමට ආබාධය නිසා හැකි වුනේ නැහැ. 

“මට දැන් තේරෙනවා මගේ ශක්තිය ගොඩක් දුරට අඩු වෙලා කියලා. ඒකට හේතුව මගේ ආබාධයෙන් එන වේදනාවයි. ඔබ කොහේ ක්‍රීඩා කළත් ක්‍රීඩා පිටිය කුඩා එකක් නෙවේ නම් 80%ක් ඔබට ශක්තිය අවශ්‍ය වෙනවා පහරවල් නිවැරදිව එල්ල කරන්න. 

මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ පෙරමුණේ පසු වන St. Lucia Kings කණ්ඩායමේ නායකයා ලෙස Faf du Plessis කටයුතු කළ අතර ඔහුගේ ඉවත් වීමෙන් පසු සිම්බාබ්වේ ක්‍රීඩක Sikandar Raza කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ඇති බව ද වාර්තා වෙනවා.  

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් තරග පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ. 

Cricbuzz ඇසුරිනි.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<