උද්වේගකර සටනකට ඇරඹුමක්; ජයග්‍රහණය කා හට ද?

168
Sri Lanka Premier League

ලංකන් ක්‍රිකට් සමාජය හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර කරට කර සටනක් නිර්මාණය වී ඇති බව හොඳින්ම නිරූපනය වූ අද (22) දිනය තුලත්, ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B කොටසේ දෙවන සතියේ තරග කිහිපයක්ම ක්‍රියාත්මක විය. එහි දී විනෝද් පෙරේරා ලකුණු 138ක් ලබාගෙන දස්කම් අතරට එද්දී ගොහාර් සායිස් පන්දුවෙන් දස්කම් අතරට පිවිසියේ කඩුලු 6ක් දවා ගනිමිනි.

බාධා හමුවේ නොසැලුණු චානක ශතකයකට

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය හා ලංකන් ක්‍රිකට් සමාජය

අද දිනයට තරගය ආරම්භ කරන විට ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සිය පළමු ඉනිමට කිසිවෙක් නොදැවී ලකුණු 8ක් ලබා ගෙන සිටියේය. නමුත් ලංකන් ක්‍රිකට් සමාජය වෙනුවෙන් ක්‍රියාත්මක වූ දිනුක මාලන් ඇතුළු පන්දු යවන්නන් ගුවන් හමුදා ක්‍රීඩා සමාජ පළමු ඉනිම ලකුණු 192කට සීමා කළේය.

එහි දී උදයවංශ පරාක්‍රම හා ලක්ෂාන් ප්‍රනාන්දු පිළිවෙළින් ලකුණු 45ක් හා ලකුණු 33ක් රැස් කර ගත්තේය.

පළමු ඉනිමේ ජය මේ වන විටත් තහවුරු කරගෙන සිටින ලංකන් ක්‍රිකට් සමාජය එම ජයග්‍රහණය ඉනිමක ජයක් බවට පත් කර ගැනීමේ අරමුණ ඇතිව ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට යළිත් පිතිකරණය සඳහා අවස්ථාව ලබා දුන්නේය.

නමුත් එම බලාපොරොත්තු සුන්කරමින් ක්‍රියාත්මක වූ උදයවංශ යළිත් සුපිරි පිතිකරණයක නිරත වෙමින් ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට උරුම වීමට තිබූ ඉනිමක පරාජයෙන් ඔවුන්ව ගලවා ගන්නා ලදි. කසුන් අබේරත්න ලකුණු 64යි. දිනය අවසානය තෙක් සිය පිතිකරණයේ නිරත වූ උදයවංශ ලකුණු 89*යි. දෙවන දිනය අවසන් වන විට ගුවන් හමුදා ක්‍රීඩා සමාජය ලකුණු 48ක් පෙරමුණේ පසුවෙයි.

ලංකන් ක්‍රිකට් සමාජය පළමු ඉනිම – 349/10 (70): චානක රුවන්සිරි 120*, මදුරංග සොයිසා 74, ලක්ෂාන් රොද්‍රිගෝ 53, ගීත කුමාර 43, ලක්ෂාන් ප්‍රනාන්දු 3/69, බුද්ධික සඳරුවන් 3/81.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම – 192/10 (45.5): උදයවංශ පරාක්‍රම 45, ලක්ෂාන් ප්‍රනාන්දු 33, දිනුක මාලන් 4/54, ගීත් කුමාර 2/01, රජිව වීරසිංහ 2//12.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය දෙවන ඉනිම F/O (දෙවන දිනය අවසානයේ) – 206/4 (44): උදයවංශ පරාක්‍රම 89*, කසුන් අබේරත්න 64.

නාවික හමුදා ක්‍රීඩා සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය

අද දෙවන දිනය ආරම්භ වන විට 77/4ක් ලෙස නාවික හමුදා ක්‍රීඩා සමාජයේ පළමු ඉනිම දැක්විය. නාවික හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් ලකුණු 76ක් ලබාගත් ඉෂාන් එම ඉනිමට 4 පහර 5ක් හා 6 පහර 2ක් අන්තර්ගත කළේය. ඔහු හට අනෙක් අන්තයෙන් සවියක් වූ බුද්ධික හසරංග ලකුණු 64යි. අවසානයේ නාවික හමුදා ක්‍රීඩා සමාජ පළමු ඉනිම ලකුණු 274කට සීමා විය. පන්දු යැවීමේ දී කල්‍යාණ රත්නප්‍රිය හා වමතින් දඟපන්දු යවන හසිත නිර්මාල් කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් විය.

අනතුරුව පිටියට අවතීර්ණ වූ පොලිස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් තරිඳු ඩිල්ෂාන් ලකුණු 42ක් ලබා ගන්නා විට දිනය අවසන් වන විට නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින ධනුක පතිරණ ලකුණු 22*යි. පොලිස් ක්‍රීඩා සමාජය නාවික හමුදා ක්‍රීඩා සමාජ පළමු ඉනිමට වඩා තවත් ලකුණු 114ක් පසුපසින් පසුවෙයි.

නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම  – 274/10 (93.3): ඉෂාන් අබේසේකර 76, බුද්ධික හසරංග 64, උෂාන් හේමන්ත 42, කල්‍යාණ රත්නප්‍රිය 3/54, හසිත නිර්මාල් 3/90.

පොලිස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම (දෙවන දිනය අවසානයේ) – 160/3 (43.2): තරිඳු ඩිල්ෂාන් 42, ධනුක පතිරණ 22*.

හෙළ ක්‍රිකට් ලෝලීන්ගේ තුන්දොස් සමනය කරන ගැලවුම්කාරයාණෙනි…

කලකිරීම් සිදුවී මෙරට හැර ගිය බුද්ධිමතුන්, ක්‍රිකට් ක්‍රීඩකයන් සහ පුරවැසියන් ගණනින් බොහෝය.

මීගමුව ක්‍රිකට් සමාජය හා ගාලු ක්‍රීඩා සමාජය

දක්ෂ ලෙස පන්දු යැවූ ගොහාර් සායිස් මීගමුව ක්‍රිකට් සමාජයට එදිරිව ලකුණු 66ක් තුල කඩුලු 6ක් දවා ගැනීමට සමත් වූ මෙම තරගයේ අද දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ගාලු ක්‍රීඩා සමාජය කඩුලු 5ක් දැවී ලකුණු 134ක් ලබා ගන්නා ලදි.

ඊයේ (21) දිනය අවසන් වන විට එක කඩුල්ලක් දැවී ලකුණු 97ක් ලබා ගෙන සිටි මීගමුව ක්‍රීඩා සමාජ පළමු ඉනිම අද දිනය තුල ලකුණු 159කට සීමා කිරීමට ගොහාර් හා ගයාන් සිරිසෝම ඇතුළු ගාලු ක්‍රීඩා සමාජ පන්දු යවන්නන් හට හැකි විය. එහි දී ශ්‍රියාන් අනුරුද්ධික ලකුණු 38යි.

ගාලු ක්‍රීඩා සමාජය වෙනුවෙන් අගනා පිතිකරණයක් නිරත වූ නායක දමිත හුණුකුඹුර 4 පහර 5ක් සමඟින් ලකුණු 51ක් ලබාගෙන සත්කාරක  ගාලු ක්‍රීඩා සමාජයට අවශ්‍ය පදනම පදනම සකස් කරන ලදි. නොදැවී ක්‍රීඩා කරමින් සිටින අරුණ ධර්මසේන ලකුණු 46*යි.

මීගමුව ක්‍රිකට් සමාජය පළමු ඉනිම – 159/10 (62.3): ශ්‍රියාන් අනුරුද්ධික 38, අකීල්  ඉන්හාම් 31, ගොහාර් සායිස් 6/66, ගයාන් සිරිසෝම 4/26

ගාලු ක්‍රීඩා සමාජය පළමු ඉනිම (දෙවන දිනය අවසානයේ) – 134/5 (64): දමිත් හුණුකුඹුර 51, අරුණ ධර්මසේන 46*, උමේග චතුරංග 2/19.


කළුතර නගර ක්‍රීඩා සමාජය හා පානදුර ක්‍රීඩා සමාජය

161/4ක් ලෙස දිස්වූ ලකුණු පුවරුව අද දිනය තුල ලකුණු 380ක් දක්වා රැගෙන යාමට පානදුර ක්‍රීඩා සමාජයට ප්‍රබල සවියක් වූයේ විනෝද් පෙරේරාගේ අගනා ශතකයයි.

ඊට අමතරව කශිෆ් නවීඩ් විනෝද් සිය උපරිම සහය ලබා දෙමින් ලකුණු 68ක් පානදුර ක්‍රීඩා සමාජයේ ලකුණු පුවරුවට එක් කළේ වර්ණවත් පහර කිහිපයක් සමඟිනි. පන්දු යැවීමේ දී මතිෂ පෙරේරා හා නිපුන් කාරියවසම් කඩුලු 3 බැගින් දවා ගත්තේ පානදුර ක්‍රීඩා සමාජ පළමු ඉනිම ලකුණු 380කට සීමා කරමිනි.

ඉතිහාසය අලුත් කළ තරගයක්; අජන්ත මෙන්ඩිස් නැවතත් ක්‍රිකට් පිටියට

තවදුරටත් SSC සහ NCC කණ්ඩායම් පිළිවෙළින් Saracens සහ Tamil Union කණ්ඩායම්

අනතුරුව සිය පළමු ඉනිම දියත් කළ කළුතර නගර ක්‍රීඩා සමාජය පන්දුවාර 23ක් තුල ලකුණු 59ක් ලබා සිටිය දී තරගය පැවැත්වෙන බණ්ඩාරගම මහජන ක්‍රිකට් පිටියට ප්‍රමාණවත් ලෙස ආලෝකය පතිත නොවීම නිසා තරගය දෙවන දිනය සඳහා නවතාලීමට විනිසුරුවරුන් තීරණය කළේය.

පානදුර ක්‍රීඩා සමාජය පළමු ඉනිම – 380/10 (115.1):  විනෝද් පෙරේරා 138, කශිෆ් නවීඩ් 68, විශ්ව චතුරංග 30, මතීෂ පෙරේරා 3/46, නිපුන් කාරියවසම් 3/70.

කළුතර නගර ක්‍රීඩා සමාජය පළමු ඉනිම (දෙවන දිනය අවසානයේ) – 68/0 (27):

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<