තරංගට තරග දෙකක් තහනම්; නව නායකයෙක්

1233
Tharanga out for 2 games

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක සහ විස්සයි 20 කණ්ඩායමේ නායක උපුල් තරංග හට තරග දෙකක තහනමක් පැනවීමට ICCය තීරණය කර ඇත. පල්ලෙකැලේ දී ඊයේ (24) ඉන්දියාවට එරෙහිව පැවති දෙවැනි එක්දින තරගයේ දී අඩු පන්දු යැවීමේ වේගයක් පැවතීම ඔහුට තරග දෙකක් අහිමි වීමට හේතුව වී ඇත.

තිසර පෙරේරා ලෝක කණ්ඩායමට

ලෝක විස්සයි-20 කණ්ඩායම හා පාකිස්තානු කණ්ඩායම අතර ජාත්‍යන්තර විස්සයි-20 තරග 3ක්..

විශ්වාසවන්ත ආරංචි මාර්ග පවසන පරිදි තරංගගේ නායකත්වය අහිමි වන තරග දෙකේ නායකත්වය මැදෙපළ පිතිකරු චාමර කපුගෙදර හට හිමිවන බව වාර්තාවේ. තවද ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් සහ මැදපෙළ පිතිකරු ලහිරු තිරිමාන්න ද ඉතිරි එක්දින තරග ත්‍රිත්වය සඳහා නැවත කැඳවීමට තේරීම් කමිටුව තීරණය කර ඇත.

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති එක්දින තරග මාලාව අවසානයේ ඇන්ජෙලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත් කළ අතර ඉන්පසුව උපුල් තරංග එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් හි නායකත්වයට පත්කළේ 2019 ලෝක කුසලානය තෙක් බලපැවැත්වෙන පරිදීය.

ඉන්දියාව ඊයේ ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 3කින් ජයග්‍රහණය කළ පසුව, තරගයේ විනිසුරු ඇන්ඩි පයික්‍රාෆ්ට් විසින් නිවේදනය කළේ ශ්‍රී ලංකාව නියමිත කාලයට වඩා පන්දුවාර 3ක් පසුපසින් සිටින බවයි. උපුල් තරංග මින් පෙර ද මෙලෙසම තරග දෙකක තහනමකට ලක්වූයේ 2017 ICC ශූරයින්ගේ කුසලානයේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරගයේ දී ද අඩුපන්දු යැවීමේ වේගයක් පවත්වා ගැනීම හේතුවෙනුයි.

තේරීම් කමිටුව විසින් ලහිරු තිරිමාන්න සහ දිනේෂ් චන්දිමාල් නැවත සංචිතයට කැඳවා ඇත්තේ තරංග සහ ආබාධයකට ලක්ව සිටින ධනුශ්ක ගුණතිලක වෙනුවටයි.

පල්ලෙකැලේ දී නිමා වූ දෙවැනි එක්දින තරගයේ දී පන්දුවක් නැවැත්වීමට උත්සාහ දැරීම නිසාවෙන් ධනුශ්ක හට අවාසනාවන්ත ලෙස ඉදිරි එක්දින තරග ද්විත්වය මඟ හැරී යයි. තිරිමාන්න සහ නිරෝෂන් දික්වැල්ල ආරම්භක පිතිකරු යුගලය ලෙස පිටියට පිවිසීමට සහ  චන්දිමාල් අංක 4 ස්ථානයේ ක්‍රීඩා කරන්නට සම්භාවිතාවක් ඇත.

2017 ICC ශූරයින්ගේ කුසලානයේ දී චන්දිමාල්ට එතරම් සාර්ථකත්වයක් වාර්තා කර ගැනීමට නොහැකි වීම නිසා ඔහු එක්දින සංචිතයට ඇතුලත් නොවීය. තිරිමාන්න අවසන් වරට එක්දින තරගයක් ක්‍රීඩා කළේ 2016 ජනවාරි මාසයේ දීයි.   

කපුගෙදර තරග 100ක දී ලකුණු 1592ක් වාර්තා කිරීමට සමත් ව ඇති අතර ඔහුගේ සාමාන්‍යය 21.22ක් ලෙස පවතී. එමෙන්ම ඔහුගේ හොඳම දස්කම කොදෙව්වන් හමුවේ වාර්තා කර ඇත (95).

තිරිමාන්න තරග 107ක දී ලකුණු 2586ක් වාර්තා කරගෙන ඇත්තේ 34.48ක සාමාන්‍යයක් ද රඳවා ගනිමිනි. එමෙන්ම චන්දිමාල් ද තරග 128ක දී ලකුණු 3211ක් ලබාගෙන ඇත්තේ 33.44ක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් ද රඳවා ගනිමිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට <<