ගෙවුනු දවස: ඔක්තෝම්බර් 04 – රෝස පන්දුවේ ප්‍රථම දිනය

876

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශගත කර සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

 රග්බි 

ශූරතාවය කොතලාවල ආරක්ෂක විදුහලට

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය විසින් සංවිධානය කරන ලද Leaders Trophy රග්බි තරගාවලිය ඊයේ දිනයේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රග්බි පිටියේදී පැවැත් විය. මෙම තරගාවලිය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, කැලණිය විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යා පිඨය ඇතුළු කණ්ඩායම් 10ක සහභාගිත්වයෙන් පැවැත්වුණු අතර තරගාවලියේ කුසලාන ශුරතාවය කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල A  කණ්ඩායමත්, අනුශුරතාවය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය A  කණ්ඩායම විසිනුත් ජයග්‍රහණය කරන ලද අතර පළඟ අවසන් තරගය ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨය විසින් හා බඳුන අවසන් තරගය CINEC Maritime Campus කණ්ඩායම් විසින් හිමි කරගන්නා ලදී .

කුසලාන අවසන් තරගය – අවසන් ලකුණු: KDU (A)  24 – 0  ශ්‍රී ජයවර්දනපුර (A)

පලඟ අවසන් තරඟය – අවසන් ලකුණු:  ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨය 12  –  05 කැලණිය විශ්වවිද්‍යාලය (A)

බදුන අවසන් තරඟය – අවසන් ලකුණු:  CINEC   07  –  05  KDU (B)

සම්පූර්ණ ලිපිය: ශූරතාවය කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට


 ක්‍රිකට්

ඉසිපතන පරදා ජය නාලන්දට

2016/17 සිංගර් 19න් පහළ පාසල් ක්‍රිකට් තරග වාරයේ අද (4) පැවති තරග 3ක් ජය පරාජයෙන් තොරව නිමාවූ අතර එම තරග වලින් ප්‍රථම ඉනිමේ ජයග්‍රහණ වාර්තා කරන්නට කොළඹ නාලන්ද, කෝට්ටේ ජනාධිපති සහ මාරිස්ටෙලා විද්‍යාල සමත් විය. අනෙක් තරගය අද ප්‍රථම දිනයට ක්‍රියාත්මක විය.

ඉසිපතන විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 135 (පන්දුවාර 36.1) කළණ පෙරේරා 47, මනීෂ රූපසිංහ 44, සංජුල බණ්ඩාර 23, කවීෂ් මදුරප්පෙරුම 5/10, උමෙෂ්ක ඩිල්ශාන් 2/16, කළණ පෙරේරා 2/41.

නාලන්දා විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 149 (පන්දුවාර 51) සුහඟ විජේවර්ධන 33, දසුන් සෙනවිරත්න 35, ලක්ෂිත රසාංජන 24, ලහිරු ඩිල්ශාන් 3/44, සංජුල බණ්ඩාර 2/8, හේෂාන් ප්‍රනාන්දු 2/28.

ඉසිපතන විද්‍යාලය (දෙවන ඉනිම) සියල්ලන්ම දැවී ලකුණු 272 (පන්දුවාර 71.1) අයන සිරිවර්ධන 121, කළණ පෙරේරා 41, ලෙශාන් අමරසිංහ 35, කවීෂ මදුරප්පෙරුම 4/71, ලක්ෂිත රසාංජන 3/37.

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 125 (පන්දුවාර 31) ලහිරු ලියනගේ 28, රිෆාස් මවුරූස් 7/34.

කෝට්ටේ ජනාධිපති විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 225 (පන්දුවාර 47) හෂාන් ප්‍රියදර්ශන 47, ගනිඳු දෙව්මිණ 50, කසුන් මාලිංග 33, රවින්ත ප්‍රභාෂ්වර 4/38, මධුරංග චන්ද්‍රරත්න 4/42.

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය (දෙවැනි ඉනිම) සියල්ලන්ම දැවී ලකුණු 143 (පන්දුවාර 32.4) ධනංජය තම්මිට 24, හේෂාන් සෙනිර 20*, රිෆාස් මවුරූස් 6/37, ප්‍රමුක ගයාශාන් 2/32.

කෝට්ටේ ජනාධිපති විද්‍යාලය (දෙවැනි ඉනිම) කඩුලු 2ක් දැවී ලකුණු 44 (7.5) සචිත ලියනගේ 26*.

සම්පූර්ණ ලිපිය: නාලන්ද, මාරිස්ටෙලා සහ කෝට්ටේ ජනාධිපති විද්‍යාල වලින් වැඩි දස්කම්


කොදෙව් පළමු ඉණිමට ලකුණු 276යි.

දිමුත් කරුණාරත්නගේ නායකත්වය සමඟින් තරඟාවලියට පිවිසෙන සංචාරක ශ්‍රී ලංකා A කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් A කණ්ඩායම අතර ක්‍රිකට් තරගාවලිය අද (04) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී, පළමු නිල නොවන සිව්දින ටෙස්ට් තරගයත් සමඟින් ආරම්භ විය.

බටහිර ඉන්දීය කොදෙව්  A පළමු ඉණිම – 276/10 (86.4): විශාල් සිං 96, ශම්රා බෘක්ස් 65, කෙමා රොච් 45*, කිරෙන් පවෙල් 36, අසේල ගුණරත්න 3/27, අසිත ප්‍රනාන්දු 2/35, චරිත් අසලංක 2/53

ශ්‍රී ලංකා A පළමු ඉණිම (පළමු දිනය අවසන් වන විට) – 0/0 (1): දිමුත් කරුණාරත්න 0*, කුසල් ජනිත් පෙරේරා 0*

සම්පූර්ණ ලිපිය: පළමු දින‍යේ කොදෙව් පළමු ඉණිම අවසන්

දිනයක නිමාව