ලොව සුප්‍රකට අර්ධ මැරතන් තරගාවලියක් වන New Delhi අර්ධ මැරතන් තරගාවලියේ ඊයේ (29) පැවති සුපිරි කාණ්ඩයේ තරගයෙන් කාන්තා ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඉතියෝපියානු ක්‍රීඩිකා Yalemzerf Yehualaw සමත් විය.
තරග ආරම්භයේ සිටම දක්ෂ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ Yehualaw කිලෝමීටර් 21.09ක දුරකින් යුත් තරගය පැය 1:04.46ක කාලයකින් අවසන් කරමින් තරගාවලි වාර්තාවක් ද සමඟින් ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වූ අතර තරගය නිමා කිරීමට ඇය ගත් කාලය කාන්තා අර්ධ මැරතන් ඉතිහාසයේ දෙවන වේගවත්ම කාලය ලෙස ද සටහන් විය.
ලොව සුප්‍රකට ක්‍රීඩිකාවන් කිහිපය දෙනෙක් සහභාගි වීම නිසාවෙන් සියල්ලන්ගේම අවධානයට ලක් වූ මෙම තරගයේ දෙවන ස්ථානය කෙන්යානු ක්‍රීඩිකා Ruth Chepngetich විසින් දිනා ගැනීමට සමත් වූ අතර අර්ධ මැරතන් ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියන ඉතියෝපියානු ක්‍රීඩිකා Ababel Yeshaneh තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය.
තවත් මලල ක්‍රීඩා පුවත්:
- Paris marathon තරගයට නව දිනයක්
- මලල ක්‍රීඩා සම්මාන උළෙලේ අවසන් නම් නිවේදනය කරයි
- සුවිසල් නම් අතරින් සැඟව ගිය අපේ හෙල්ල විසිකිරීමේ ශූරයා
- ලෝක ශූරියන් දෙදෙනෙක් නවදිල්ලියේ දී ගැටෙයි
මීට අමතරව බොහෝ දෙනාගේ අවධානයට ලක් වූ පිරිමි කාණ්ඩයේ තරගය ඉතාමත් තියුණු සටනකින් අනතුරුව මිනිත්තු 58:53ක කාලයකින් අවසන් කළ Amdework Walelegn විසින් නව තරගාවලි වාර්තාවක් ද සමඟින් ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර පසුගිය වසරේ ශූරයා වූ Andamlak Belihu විසින් දෙවන ස්ථානය දිනා ගන්නා ලදි.
එමෙන්ම ඉන්දියාව නියෝජනය කරමින් ඔලිම්පික් වරම් දිනා ගත් දිගුදුර ධාවක Avinash Sable විසින් තරගය පැය 1:00:30ක කාලයකින් අවසන් කරමින් ඉන්දියානු වාර්තාව බිඳ හෙළීමට සමත් වෙමින් දසවැන්නා ලෙස තරගය අවසන් කිරීමට සමත් විය.
කොරෝනා වසංගතය නිසාවෙන් ජෛව ආරක්ෂිත පරිසරයක සියලූම සෞඛ්‍ය නීතීන් අනුගමනය කරමින් පැවැත්වූ මෙම තරගාවලියේ සුපිරි කාණ්ඩයේ තරගය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60කට අධික සංඛ්‍යාවක් එක්ව සිටියහ.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<