තරංග හා තිරිමාන්න ගාල්ල හා කොළඹ පෙරමුණේ තබයි

704
අන්තර් පළාත් සුපිරි එක්දින ක්‍රිකට් තරගාවලියේ අද සඳුදා (14) පැවති තරගවල දී ගාල්ල කණ්ඩායම විසින් දඹුල්ල කණ්ඩායමත්, කොළඹ කණ්ඩායම විසින් මනනුවර කණ්ඩායමත් පරාජය කරනු ලැබීය. එම ජයග්‍රහණත් සමඟින් තරගාවලියේ පෙරමුණ තවදුරටත් රැක ගැනීමට ගාල්ල කණ්ඩායම සමත් වෙද්දී පිළිවෙළින් කොළඹ, දඹුල්ල හා මහනුවර කණ්ඩායම් දෙවැනි, තෙවැනි සහ සිව්වැනි ස්ථාන දිනා ගෙන සිටියි.