ලෝක ශූරියන් දෙදෙනෙක් නවදිල්ලියේ දී ගැටෙයි

133

ලොව අර්ධ මැරතන් තරගාවලි අතරින් තරගාකාරී මෙන්ම ප්‍රමුඛ පෙළේ අර්ධ මැරතන් තරගයක් වන New Delhi අර්ධ මැරතන් තරගය මෙම මස 25 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

ඒ අනුව මේ මස 29 වැනිදා පැවැත්වෙන කාන්තා අර්ධ මැරතන් තරගය ඉතා උණුසුම් වනු ඇති බවට ඉඟි පලකරමින් මැරතන් ඉසව්වේ කාන්තා ලෝක වාර්තාවට හිමිකම් කියන කෙන්යානු ක්‍රීඩිකා Brigid Kosgei සහ අර්ධ මැරතන් කාන්තා ලෝක වාර්තාවට හිමිකම් කියන ඉතියෝපියානු ක්‍රීඩිකා Ababel Yeshaneh තරගාවලිය සඳහා සහභාගි වන බව තහවුරු කර ඇත.

මොවුන් දෙදෙනා මීට පෙර තරග කළ 2019 Chicago Marathon තරගයේ කාන්තා තරගය පැය 2:14:04ක කාලයකින් අවසන් කරමින් මැරතන් ඉසව්වේ ලෝක වාර්තාව බිඳ හෙළීමට Brigid Kosgei සමත් වූ අතර එම තරගය පැය 2:20:51ක කාලයකින් අවසන් කළ Ababel Yeshaneh තරගය දෙවැන්නා ලෙස අවසන් කරන ලදි.

තවත් මලල ක්‍රීඩා පුවත්:

  • https://www.thepapare.com/new-date-for-paris-marathon-announced-news-sinhala/
  • https://www.thepapare.com/world-athletics-announces-nominees-for-male-athlete-2020-news-sinhala/
  • https://www.thepapare.com/sri-lanka-athletics-to-receive-us-40000-00-grant-from-world-athletics-sinhala/
  • https://www.thepapare.com/paris-marathons-canceled-over-corona-virus-sinhala/

නමුත් පසුව මෙම වසරේ දී පැවති Ras Al Khaimah අර්ධ මැරතන් තරගය පැය 1:04:31ක කාලයකින් අවසන් කළ Yeshaneh අර්ධ මැරතන් කාන්තා ලෝක වාර්තාව බිඳ හෙළීමට සමත් වූ අතර Brigid Kosgei පැය 1:04:49ක කාලයකින් දෙවැන්නා ලෙස තරගය අවසන් කරන ලදි.

මෙම ක්‍රීඩිකාවන් දෙදෙනා ආසන්න වශයෙන් තරග කළ අවස්ථාව වූ මෙවර ලන්ඩන් මැරතන් තරගය ඉතා ඉහළ දස්කම් දක්වමින් ජය ගැනීමට Brigid Kosgei සමත් වූ අතර මදක් පසුබෑමකට ලක් වූ Ababel Yeshaneh පස්වැන්නා ලෙස තරගය නිමා කළා.

ඒ අනුව මෙම ක්‍රීඩිකාවන් පසුගිය තරගාවලිය ජය ගැනීමට සමත් වූ මෙන්ම තරගාවලි වාර්තාවට ද හිමිකම් කියන ඉතියෝපියානු ක්‍රීඩිකා Tsehay Gemechu, 2018 අර්ධ මැරතන් ලෝක ශූරතාවය ජය ගත් Netsanet Gudeta වැනි ප්‍රබල ක්‍රීඩිකාවන් සමඟින් තරග වැදීමට නියමිතව ඇත.

මෙවර New Delhi අර්ධ මැරතන් තරගයේ සුපිරි කාණ්ඩයේ තරගය තරගකරුවන් 60කට පමණක් සීමා කර ඇති අතර තරගයේ ජයග්‍රාහකයාට ඇමරිකානු ඩොලර් 27,000ක මුදල් ත්‍යාගයක් හිමිවනු ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<