ඇමරිකානු යෞවනයා 200m වේගවත්ම කාලයන් අතරට

411
Erriyon Knighton

Louisiana හී පැවති LSU Invitational මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ඇමරිකානු යොවුන් ක්‍රීඩක Erriyon Knighton මීටර් 200 ඉසව්වක් සඳහා ලොව වාර්තා වූ සිව්වැනි වේගවත්ම කාලය වාර්තා කිරීමට පසුගිය දා සමත් වුනා.

එහි මීටර් 200 ඉසව්ව තත්පර 19.49ක කාලයකින් අවසන් කළ ඔහු එම ඉසව්ව සඳහා ඔහු විසින්ම මීට පෙර පිහිටුවා තිබූ අවුරුදු 20න් පහළ ලෝක වාර්තාව බිඳ හෙළීමට ද එහි දී සමත් වුනා.

මීටර් 200 ඉසව්ව සඳහා මෙතෙක් වාර්තා වූ හොඳම කාලයන් අතර පළමු සහ දෙවැනි ස්ථාන පිළිවෙළින් ජැමෙයිකානු ක්‍රීඩකයින් වන Usain Bolt (තත්පර 19.19) සහ Yohan Blake (තත්පර 19.26) හිමිකර ගද්දී, තෙවැනි වේගවත්ම කාලය වාර්තා කර ඇත්තේ ඇමරිකානු ක්‍රීඩක Michael Johnson (තත්පර 19.32) විසිනි.

තවමත් 18 වැනි වියේ පසුවන Erriyon Knighton මෙම වාර්තා කළ කාලය 2012 ඔලිම්පික් උළෙලේ දී Usain Bolt වාර්තා කළ කාලයට මීටර් 200 ඉසව්වට වාර්තා වූ වේගවත්ම කාලය වීම විශේෂත්වයක්.

Erriyon Knightonට පෙර මීටර් 200 ඉසව්ව සඳහා සිව්වැනි වේගවත්ම කාලය ඇමරිකානු ක්‍රීඩක Noah Lyles විසින් වාර්තා කර තිබූ අතර එම කාලය දැක්වුණේ තත්පර 19.50ක් ලෙසයි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<