පාසල් රග්බි ලීගයේ දෙවැනි සතිය අවසන්

Dialog Schools Rugby Leauge 2026 - 1st Round

3
Dialog Schools Rugby Leauge 2026 - 1st Round

2026 Dialog පාසල් රග්බි ලීග් ශූරතාවයේ දෙවැනි සතියට අදාළ තරග ඊයේ (04) දිනයෙන් නිමාවට පත් වුනා.

මෙම සති අන්තයේ දී ද තරග 09ක් ක්‍රියාත්මක වූ අතර, ඒ වෙනුවෙන් මෙවර ලීගයට සහභාගී වන පාසල් 18ක් තරග බිමට ප්‍රවිෂ්ට වුනා.

සාන්ත පීතර විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය

මෙම තරගයේ දී සාන්ත පීතර ක්‍රීඩකයින් ඉතා පහසුවෙන් තරගයේ ජය තහවුරු කර ගැනීමට සමත් වුනා.

තරගයේ පළමු අර්ධය තුළ ඔවුන් ලකුණු 28ක් ලබාගනිද්දී සාන්ත ජෝසප් විද්‍යාලය විසින් ලකුණු 12ක් ලබා ගැනීමට සමත් වුනා. කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ ජෝසප් ක්‍රීඩකයින්ට තවත් ලකුණු 03ක් පමණක් ලබා දෙමින් සාන්ත පීතර ක්‍රීඩකයින් සිය මුළු ලකුණු සංඛ්‍යාව 50ක් කරා රැගෙන යාමට සමත් වීම විශේෂත්වයක්.

සාන්ත පීතර විද්‍යාලට 50 (7T, 6C, 1P) – සාන්ත ජෝසප් විද්‍යාලය 19 (3T, 2C)

මහානාම විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය

මෙම තරගයේ දී මහානාම විද්‍යාලයට එරෙහිව පහසු ජයක් ලැබීමට වෙස්ලි ක්‍රීඩකයින් විසින් සමත් වුනා.

තරගයේ පළමු අර්ධය තුළ වෙස්ලි ක්‍රීඩකයින් ලකුණු 19ක් ලබා ගැනීමට සමත් වූ අතර, මෙම කාලය තුළ මහානාම ක්‍රීඩකයින් විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 07ක් පමණයි.

තරගයේ දෙවැනි අර්ධය තුළ වෙස්ලි ක්‍රීඩකයින් තවත් ලකුණු 17ක් ලබමින් තරගයේ ජය තහවුරු කර ගැනීමට සමත් වුනා.

වෙස්ලි විද්‍යාලය 36 (6T, 3C) – මහානාම විද්‍යාලය 12 (2T, 1C)

සාන්ත අන්තෝනි විද්‍යාලය සහ ත්‍රිත්ව විද්‍යාලය

වත්මන් ලීග් ශූරයින් ලෙස වැජඹෙමින් සිටින ත්‍රිත්ව විද්‍යාලය විසින් ම්ම තරගයේ දී ද සිය ආධිපත්‍යය මොනවට ප්‍රදර්ශනය කිරීමට සමත් වුනේ උත්සාහක දිනුම් 10ක් වාර්තා කරමිනුයි.

තරගයේ පළමු අර්ධය තුළ ත්‍රිත්ව ක්‍රීඩකයින් ලකුණු 32ක් ලැබූ අතර, දෙවැනි අර්ධය තුළ ඔවුන් තවත් ලකුණු 26ක් ලබා ගැනීමට සමත් වුනා. කෙසේ වෙතත් මෙම සමස්ත කාල සීමාව තුළ වෙස්ලි විද්‍යාලය විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 05ක් පමණයි.

ත්‍රිත්ව විද්‍යාලය 58 (10T, 4C) – සාන්ත අන්තෝනි විද්‍යාලය 05 (1T)

ඉසිපතන විද්‍යාලය සහ ඩී.එස්.සේනානායක විද්‍යාලය

මෙම තරගයේ පළමු අර්ධය තුළ කණ්ඩායම් දෙකම ඉතා හොඳ කරට කර සටනක නිරත වුනා.

මෙහි දී ඉසිපතන ක්‍රීඩකයින් ලකුණු 14ක් වාර්තා කිරීමට සමත් වූ අතර, ඩී.එස් ක්‍රීඩකයින් ලකුණු 10ක් ලබා ගැනීමට සමත් වුනා.

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ ඩී.එස්. ක්‍රීඩකයින්ට තවත් එකදු ලකුණක් හෝ ලබා ගැනීමට ඉඩ ලබා නොදුන් ඉසිපතන ක්‍රීඩකයින් විසින් තවත් ලකුණු 19ක් සිය ලකුණු පුවරුවට එක් කර ගැනීමට සමත් වුනා.

ඉසිපතන විද්‍යාලය 33 (5T, 4C) – ඩී.එස්.සේනානායක විද්‍යාලය 10 (1T, 1C, 1P)

ලුම්බිණි විද්‍යාලය සහ ශ්‍රී සුමංගල විද්‍යාලය

මෙම තරගයෙන් පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී සුමංගල විද්‍යාලය විසින් සමත් වුනේ ලකුණු 33 ක් ලබා ගනිමිනුයි.

ශ්‍රී සුමංගල විද්‍යාලය 33 – ලුම්බිණි විද්‍යාලය 10

මොරටුව වේලස් කුමර විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලය

මෙම තරගයේ පළමු අර්ධය තුළ වේලස් කුමර ක්‍රීඩකයින් විසින් එක් උත්සාහක දිනුමක් සමඟ ලකුණු 05ක් ලබාගන්නා අතරේ, ආනන්ද විද්‍යාල ක්‍රීඩකයින් විසින් ලකුණු 12ක් ලබමින් තරගයේ පෙරමුණ ලබා ගැනීමට සමත් වුනා.

තරගයේ දෙවැනි අර්ධය සම්පූර්ණයෙන්ම ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩකයින් නතු වූ අතර, මෙම අර්ධය තුළ ඔවුන් තවත් ලකුණු 19ක් ලබමින් තරගයේ ජය තහවුරු කර ගැනීමට සමත් වුනා.

කොළඹ ආනන්ද විද්‍යාලය 31 (5T, 3C) – මොරටුව වේලස් කුමර විද්‍යාලය 05 (1T)

විද්‍යා විද්‍යාලය සහ සහිරා විද්‍යාලය

මෙම සති අන්තයේ ක්‍රියාත්මක වූ වඩාත් උද්වේගකර තරගය ලෙස මෙය හඳුන්වා දිය හැකි.

තරගයේ පළමු අර්ධය තුළ විද්‍යා ක්‍රීඩකයින් සියලු වාසි තමන් වෙත නතු කර ගනිමින් ඉතා විශිෂ්ට තරග රටාවක නියැලෙමින් ලකුණු 19ක් ලබා ගැනීමට සමත් වූ අතර, එම කාලසීමාව තුළ සහිරා ක්‍රීඩකයින් විසින් ලබාගැනීමට සමත් වුනේ ලකුණු 07ක් පමණයි.

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධයේ දී සහිරා ක්‍රීඩකයින් විසින් අදහා ගත නොහැකි අන්දමේ තරග රටාවක් සමඟ තවත් ලකුණු 24ක් ලබා ගැනීමට සමත් වූ අතර, මෙම කාලය තුළ විද්‍යා ක්‍රීඩකයින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 06ක් පමණයි.

ඒ අනුව තරගයෙන් සහිරා ක්‍රීඩකයින් ජය ලබා ගැනීමට සමත් වුනා.

සහිරා විද්‍යාලය 31 (4T, 4C, 1P) – විද්‍යා විද්‍යාලය 25 (3T, 2C)

තර්ස්ටන් විද්‍යාලය සහ රාජකීය විද්‍යාලය

මෙම තරගයේ පළමු අර්ධය තුළ පාසල් ද්විත්වයම ඉතා හොඳ තරග රටාවක නියැලෙමින් උණුසුම් තරගයක් නිර්මාණය කළා.

පළමු අර්ධය තුළ තර්ස්ටන් ක්‍රීඩකයින් ලකුණු 15ක් ලබා ගනිද්දී, රාජකීය ක්‍රීඩකයින් ලකුණු 14ක් ලබමින් ඉතා හොඳ සටනක් ලබා දුන්නා.

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධයේ දී තර්ස්ටන් ක්‍රීඩකයින් එතෙක් වේලා පවත්වා ගෙන ආ ආධිපත්‍යය සුනු විසුණු කළ රාජකීය ක්‍රීඩකයින් විසින් තවත් ලකුණු 26ක් ලබා ගැනීමට සමත් වුනේ තර්ස්ටන් ක්‍රීඩකයින් හට එකදු ලකුණක් කරා හෝ යාමට ඉඩ සලසා නොදෙමිනුයි.

රාජකීය විද්‍යාලය 40 (6T, 5C) – තර්ස්ටන් විද්‍යාලය 15 (2T, 1C, 1P)

කිංග්ස්වුඩ් විද්‍යාලය සහ සාන්ත තෝමස් විද්‍යාලය

තරගයේ පළමු අර්ධය තුළ කණ්ඩායම් දෙකම කරට කර සටනක නියැලෙමින් හොඳ ආරම්භයක් ලබා ගැනීමට සමත් වුනා.

මෙහි දී සාන්ත තෝමසුවන් විසින් ලකුණු 14ක් ලබාගන්නා අතරේ, කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් විසින් ලකුණු 12ක් ලබමින් තරගයේ පළමු අර්ධය නිමාවට පත් වුනා.

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධයේ දී කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් තවත් එකදු ලකුණක් හෝ ලබා ගැනීමට සමත් නොවීම විශේෂත්වයක්.

මෙම අර්ධය තුළ තෝමසුවන් විසින් තවත් ලකුණු 19ක් ලබා ගැනීමට සමත් වුනේ තරගය තුළ සමස්ත උත්සාහක දිනුම් 05ක් වාර්තා කරමිනුයි.

සාන්ත තෝමස් විද්‍යාලය 33 (5T,4C) – කිංග්ස්වුඩ් විද්‍යාලය 12 (2T, 1C)

පාසල් රග්බි ලීගයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<