චමරි අතපත්තුට තවත් සුපිරි වරමක්

කාන්තා බිග් බෑෂ් ක්‍රිකට් තරගාවලිය 2021

220

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුලතම ක්‍රිකට් ක්‍රීඩිකාව වන චමරි අතපත්තු 2021 ඕස්ට්‍රේලියානු කාන්තා බිග් බෑෂ් ක්‍රිකට් තරගාවලියේ දී Perth Scorchers කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව දිනාගෙන තිබෙනවා.

වමත් ප්‍රහාරාත්මක පිතිකාරිණියක් වන චමරි ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 84ක් සහ විස්සයි විස්ස තරග 85ක් ක්‍රීඩා කර තිබෙන අතර ඇය පසුගිය වසරේ දී  පැවති ඕස්ට්‍රේලියානු කාන්තා බිග් බෑෂ් ක්‍රිකට් තරගාවලිය ද නියෝජනය කළා. එහි දී ඇය නියෝජනය කළේ Melbourne Renegades කණ්ඩායමයි.  

ඇය 2017 වසරේ දී එංගලන්තයේ දී පැවති ICC කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී ලබා ගත් ලකුණු 178 ඉනිම නිසාවෙන් ඇයට ලොව පුරා විදෙස් ලීග කිහිපයකින්ම ආරාධනා හිමි වුනා.

තවත් ක්‍රිකට් පුවත්:

ඉන් නොනැවතුණු ඇය 2019 වසරේ දී ද ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති විස්සයි විස්ස තරගයක දී පන්දු 66ක දී වේගවත් ලකුණු 113ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගියේ සුපිරි ඉනිමක් දියත් කරමිනි.

ඒ දැක්වූ දස්කම්වලට අමතරව ඇය දස්කම් දැක්වූ ඉනිම් තව රාශියක් තිබෙන අතර IPL තරගාවලියට සමගාමීව පැවැත්වෙන කාන්තා විස්සයි විස්ස අභියෝගතා කුසලාන තරගාවලියේ දී අනුශූරතාව දිනා ගත් Supernovas කණ්ඩායම නියෝජනය කළ අතපත්තු තරගාවලියේ වැඩිම ලකුණු ලාභිනිය ද වුනා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<