එංගලන්ත ක්‍රීඩකයින්ගේ නවතම PCR ප්‍රතිඵල පැමිණේ

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2021

887
England test squad

එංගලන්ත ටෙස්ට් කණ්ඩායම මෙරට පුහුණුවීම් ආරම්භ කිරීමට පෙර සිදු කළ PCR පරීක්ෂණවලට අනුව මොයීන් අලී හැර සෙසු ක්‍රීඩකයන් හට කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබේ. 

එංගලන්ත කණ්ඩායම මෙරටට පැමිණීමට පෙර එංගලන්තයේ දී PCR පරීක්ෂණ සඳහා ලක් කර තිබූ අතර එහි දී ඔවුන්ට වයිරසය ආසාදනය වී නොමැති බව තහවුරු වූ බව එංගලන්ත ක්‍රිකට් ආයතනය පසුගිය 01 වැනිදා නිවේදනය කළේය.

ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් යුත් එංගලන්ත සංචිතය පසුගිය 03 වැනිදා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් මෙරටට පැමිණි අතර එහි දී සිදු කළ PCR පරීක්ෂණවල ප්‍රතිඵල අනුව එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක Moeen Ali හට වයිරසය ආසාදනය වී ඇති බවත්, ඔහු දින 10ක කාලයක් ස්වයං නිරෝධායනයට යොමු කළ බවත් එංගලන්ත ක්‍රිකට් ආයතනය තහවුරු කළේය. 

එංගලන්ත කණ්ඩායම රැඳී සිටින හම්බන්තොට හෝටලයේ දුරස්ථ කාමරයක Moeen Ali මේ වන විට ස්වයං නිරෝධායනයට ලක් කර ඇත.

තවත් ක්‍රිකට් පුවත්:

එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක Chris Woakes, Moeen Ali සමඟින් සමීප සම්බන්ධතා පවත්වා ඇති බව එංගලන්ත ක්‍රිකට් ආයතනය පවසා තිබූ අතර ඔහුට වයිරසය ආසාදනය වී නොමැති බව දෙවන PCR පරීක්ෂණයෙන් තහවුරු වුවද ඔහු ස්වයං නිරෝධායනයට ලක් කිරීමට එම ආයතනය තීරණය කර ඇත. ඒ සෞඛ්‍යාරක්ෂිත පියවරක් වශයෙනි.

“Moeen අලීගේ හැර ඊයේ (05) සිදු කළ PCR පරීක්ෂණ සියල්ල සෘණාත්මකයි. අපිට අද සවස පුහුණුවීම් ආරම්භ කරන්න හැකියාවක් තියනවා. අපි තවත් පරීක්ෂණයක් හෙට සිදුකරන්න බලාපොරොත්තු වෙනවා” එංගලන්ත කණ්ඩායමේ ප්‍රකාශකයෙකු පවසා තිබුණි.

අද සවස ආරම්භ වීමට නියමිත එංගලන්ත පුහුණු සැසිය ඔවුන් මෙරටට පැමිණීමෙන් පසු පැවැත්වෙන පළමු පුහුණු සැසිය වේ.

කෙසේ වෙතත් තරගාවලිය සඳහා Moeen Aliගේ සහභාගීත්වය මේ දක්වා තහවුරු කර නොමැති අතර ස්වයං නිරෝධායන කාලය අවසන් වීමෙන් පසු පැවැත්වෙන පරීක්ෂණයෙන් අනතුරුව ඔහුගේ සහභාගීත්වය පිළිබඳව අවසන් තීරණය ගැනීමට නියමිතය.

තරගාවලිය සඳහා සහභාගී වන එංගලන්ත සංචිතය: Joe Root (නායක), Moeen Ali, James Anderson, Jonathan Bairstow, Dom Bess, Stuart Broad, Jos Buttler, Zak Crawley, Sam Curran, Ben Foakes, Dan Lawrence, Jack Leach, Dom Sibley, Olly Stone, Chris Woakes, Mark Wood.

ශ්‍රී ලංකා – එංගලන්ත තරග කාලසටහන 

දිනය තරගය ක්‍රීඩාංගණය
ජනවාරි මස 14 සිට 18 දක්වා පළමු ටෙස්ට් තරගය  ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය 
ජනවාරි මස 22 සිට 26 දක්වා දෙවන ටෙස්ට් තරගය  ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය 

 

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අවසන් වීමෙන් පසු ඔවුන් ටෙස්ට් තරග 4කින් යුත් ඉන්දීය තරගාවලියක් සඳහා එක්වීමට නියමිතය.

ශ්‍රී ලංකා එංගලන්ත තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්.

Hindustan Times ඇසුරිනි 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<